ක‍්‍රිකට් පිටිය භීතියෙන් මුසපත් කළ ‘බොබ් විලිස්’ ජීවිත ඉණිම නිම කරයි

‘බොබ් විලිස්’ ලංකාවේ තරුණ ක‍්‍රිකට් ක‍්‍රීඩා ලෝලීන්ට නම් ඒ හැටි මතක නමක් නොවෙයි. ඒත් 80 දශකයේ ක‍්‍රිකට් පිස්සන්ව සිටි, පේ‍්‍රමසර ඈපාසිංහලාගේ ක‍්‍රිකට් ක‍්‍රීඩා විචාරවලින් සන්නද්ධව සිිටි අපේ වැඩිහිටියන්ට නම් බොබේ විලිස් කොහාමටවත් අමතක වෙන්න විදිහක් නෑ.

ඔහුගේ වසර 13ක ටෙස්ට් ක්‍රිකට් ජීවිතයේ දී වාසනාව ගෙන දුන්නේ ලීඩ්ස් නුවර හෙඩිංග්ලි ක්‍රීඩාංගණයි. බොබ් සිය ක‍්‍රීඩා දිවියේ හොඳම පන්දු යැවීමේ වාර්තාවත් තබනු ලැබුවේ මේ තණතීරුවේදීයි.

හරි එහෙම අමතක නම් ඔබට එතකද ලංකාව මුහුණ දුන් මංගල ටෙස්ට් තරගය. ඒක පැවැත් වුණේ 1982 පෙබරවාරි මාසයේ පී. සරවණමුත්තු ක‍්‍රීඩාංගණයේදී. ඒ එංගලන්ත කණ්ඩායම සමගයි.

ඒ කාලේ ලංකාවේ සුපිරිතම පිතිකරුවන්ගේ තෝතැන්නක් වුණත් ඉහළින්ම සිටියේ ‘රෝයි ඩයස්’ ඒත් අවාසනාවට මංගල ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී රෝයි ඩයස් ලකුණු නොලබාම දැවී ගියා. ඊට පස්සේ දිගටම කඩුළු බිඳ වැටීම්. ලංකාව තමන්ගේ මංගල ටෙස්ට් තරගයෙන් කඩුළු 07ක නීරස පරාජයක් ලැබුවා.

එදා ලංකාවේ මංගල ටේස්ට් තරගය නීරස එකක් බවට පත් කළේ අඩි හයකුත් අඟල් හයක් උස යෝධයෙක් බඳු එංගලන්ත පිළේ වේග පන්දු යවන්නා. ඔහු තමයි අපි මුලින් සඳහන් කළ ‘බොබ් විලීස්’ බෙබ් පසුගිය දා ජීවිතයෙන් සමුගත්තා. දීර්ඝ කාලයක් පුරා තයිරෝයිඞ් ග‍්‍රන්ථිය ආශ‍්‍රිත පිළිකාවකින් පීඩා විඳි බොබ් මියයන විට 70 වැනි වියේ පසු වුණා.

ශ‍්‍රී ලංකාවට එරෙහි බොබ්ගේ සංග‍්‍රාමය මංගල ටෙස්ට් තරගයෙන් නතර වුණේ නැහැ. 1983දී ශ‍්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයේ දී පැවැති ලෝක එක්දින කුසලානයට සහභාගී වුණා. එංගලන්ත පිළට නායකත්වය දුන් මේ යෝධයා එහිදීත් කිිසිදු හිතක් පපුවක් නැතිව ලංකාව දඩයම් කළා.

ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේදී ම ‘විලිස් භීතිකාව’ ශ්‍රී ලංකා පිතිකරුවන් අසරණ කළා. ලීඩ්ස් නුවර පැවැති එම තරගයේදී එවකට එංගලන්ත පිලේ නායකයා ලෙස කටයුතු කළ විලිස් ශ්‍රී ලංකා පිලට කඩුළු 9ක දැවැන්ත පරාජයක් ගෙන දීමට පෙරමුණ ගත්තේ පන්දු ඕවර 9ක් යවා ලකුණු 09ක් පමණක් ලබා දෙමින්.

එහි ඇති විශේෂත්වය වන්නේ ඉන් පන්දුවාර 04ක්ම ‘නිලකුණු’ පන්දු වාර වීමයි. ඔහුට එහිදී දඩයම් කළ හැකි වුණේ එක් කඩුල්ලක් වුණත් ඔහුගේ සුපිරි වේග පන්දුව ලංකාවේ නවක ක‍්‍රීඩකයින්ට ‘භීතියක්’ ගෙන දුන්නා පමණක් නොවෙයි එම තරගයේ වීරයා සම්මානයත් බොබ් හිමිකම් කිව්වා.

ඔහුව ලෝක පූජිත කළ ක්‍රිකට් ක්‍රීඩාවට මෙන්ම පාපන්දු ක්‍රීඩාවට ද එකසේ දස්කම් පෑ බොබ් පාසල් කාලයේ දී වඩාත්ම ජනප්‍රිය වූයේ පාපන්දු ක්‍රීඩකයකු ලෙසයි. ඔහු තම ළමා විය මැන්චෙස්ටර් නුවර ගෙවා දැමූ නිසාම උග්‍ර මැන්චෙස්ටර් යුනයිටඩ් පාපන්දු ලෝලීයකු වශයෙන් ද සැලකුණා.

බොබ් විල්ස් ගැන ඔබ දැනගත යුතු කරුණු

බොබ් ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීමෙන් පසුව වෘත්තීය විස්තර විචාරකයකු ලෙස කටයුතු කළ අතර ‘ස්කයි ස්පෝර්ට්’ ක්‍රීඩා චැනලයට නැතිවම බැරි විස්තර විචාරකයකු බවට ද පත්ව සිටියා

රොබර්ට් ජෝර්ජ් ඩිලන් විලිස් නමින් 1949 මැයි 30 වැනිදා උපත ලැබුවා.

21 හැවිරිදි වියේදී ටෙස්ට් පිටියට පා තැබුවේ 1971 වසරේ සිඩ්නි නුවරදී ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති අළුබඳුන ටෙස්ට් තරගයෙනුයි.

‘ගූස්’ යන සුරතල් නාමයෙන් කා අතරත් ආදරයට හා ගෞරවයට පාත්‍රව සිටියා.

ක්‍රිකට් පිටියට පා තැබීමෙන් වසර 4කට පසුව එනම්, 1975දී පාදයේ ආබාධයක් නිසා දරුණු සැත්කම් දෙකකටම මුහුණ දුන් නමුත් ක්‍රීඩකයකුට අවශ්‍ය ඉහළම ශාරිරික යෝග්‍යතාවයෙන් යුතු පුද්ගලයකු වූ නිසාම නැවතත් සාර්ථක ගමනක් ආරම්භ කිරීමට සමත් වුණා.

1984 වසරේ කොදෙව් පිලට එරෙහිව ලීඩ්ස් නුවරදී සිය අවසන් ටෙස්ට් තරගයට සහභාගිවීමෙන් පසුව ඔහු ටෙස්ට් පිටියෙන් සමුගත්තා.

තරග 90කදී කඩුළු 325ක් දවාලමින් වාර්තාවක් තැබුවා.

ටෙස්ට් තරග 18කට සහ එක්දින තරග 29කට නායකත්වය දී තිබෙනවා.

ඔහුගේ වසර 13ක ටෙස්ට් ක්‍රිකට් ජීවිතයේ දී වාසනාව ගෙන දුන්නේ ලීඩ්ස් නුවර හෙඩිංග්ලි ක්‍රීඩාංගණයි. බොබ් සිය ක‍්‍රීඩා දිවියේ හොඳම පන්දු යැවීමේ වාර්තාවත් තබනු ලැබුවේ මේ තණතීරුවේදීයි.

1981 සුප්‍රකට අළුබඳුන ටෙස්ට් තරගමාලාවේ ලීඩ්ස් නුවර පැවැති තුන්වැනි තරගයේදී ඔහු ඔස්ට්‍රේලියානු පළමු ඉනිමෙන් කඩුලු 8ක්ම ලකුණු 43කට දවා ගැනීම අදත් සුවිශේෂ සිදුවීමක් ලෙස සලකනවා.

එක්දින පිටියේදීත් තරග 64කදී කඩුලු 80ක් දවාලීමට සමත් වුණා.

බොබ් ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීමෙන් පසුව වෘත්තීය විස්තර විචාරකයකු ලෙස කටයුතු කළ අතර ‘ස්කයි ස්පෝර්ට්’ ක්‍රීඩා චැනලයට නැතිවම බැරි විස්තර විචාරකයකු බවට ද පත්ව සිටියා. බොබ් ඔබට සුබගමන්…

Related image

සටහන – කසුන් ප‍්‍රබෝධ සමරවීර

Recommended For You

About the Author: Editor