‘සරම්ප’ ගෝලීය ව්‍යවසනයක් – ලෝක සෞඛ්‍ය සංවිධානය

‘සරම්ප රෝගය’ ගෝලීය අවදානමක් දක්වා වර්ධනය වන ලකුණු දැකිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කළ නවතම වාර්තාවකින් අනතුරු අඟවනවා. එම වාර්තාව කියන්නේ සරම්ප රෝගයෙන් පසුගිය 2018 වසරේ දී 140,000කට පිරිසක් මියගොස් ඇති බවයි. එම අගය මේ වසරේ තව දුරටත් ඉහළ යනු ඇතැයි කියන ලෝක සෞඛ්‍ය සංවිධානය නුදුරේ දී සරම්ප රෝගයට විශාල පිරිසක් ගොදුරුවීමේ අවධානමක් පවතින බව පෙන්වා දෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව කොංගෝ, මැඩගස්කර් සහ යුක්‍රේනය යන රටවල සරම්ප දරුණු ලෙස පැතිර ගොස් ඇති අතර පසුගිය දිනවල පැසිෆික් කලාපීය රාජ්‍යයක් වන සමෝවා වල ද වාර්තාගත ලෙස සරම්ප රෝගය ව්‍යාප්ත වෙමින් තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා අනුව 2000 වර්ෂයේ දී ගෝලීය වශයෙන් සරම්ප රෝගීන් මිලියන 28කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර මියගිය පිරිස 535,000 ඉක්මවා තිබෙනවා. එහෙත් ගෝලීය වශයෙන් ක‍්‍රියාත්මක වූ වැඩසටහන් හේතුවෙන් 2018 වසර පමණ වන විට ගෝලීය අවදානම ක‍්‍රමිකව පහළ ගොස් 2018 වසරේ දී වාර්තා වී ඇත්තේ රෝගීන් මිලියන 10කටත් අඩු සංඛ්‍යාවක් වූ අතර වාර්තාවූ මරණ සංඛ්‍යාව 142,000ක් පමණ වුණා.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව සරම්ප රෝගයේ වැඩිම බලපෑමකට ලක්ව ඇත්තේ වයස අවුරුදු 05ට අඩු දරුවන් වන අතර එය ගෝලීය සෞඛ්‍ය අර්බුදයක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

2000 වසරෙන් පසු රෝගය මර්දනය සම්බන්ධයෙන් ලොව පුරා ඉහළ ප්‍රගතියක් අත් කරගෙන තිබුණත් ඉකුත් වසරේ දී බ්‍රිතාන්‍යය, ඇල්බේනියාව, ඩෙක් සමූහාණ්ඩුව හා ග්‍රීසිය යන රටවල සරම්ප මුලිනුපුටා දැමීමේ තත්ත්වය අහිමි වී වුණා.

ලංකාව සරම්ප තුරන් කළ රටක්

සරම්ප රෝගය තුරන් කළ රටවල් අතරට ශ‍්‍රී ලංකාවත් එක්ව තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කරනවා. ඒ අනුව සරම්ප රෝගය තුරන් කළ රටවල් අතරට ශ්‍රී ලංකාවේ නමත් එක් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පියවර ගෙන තිබෙනවා.

ශ‍්‍රී ලංකාව අත්පත්කර ගත් මෙම ජයග‍්‍රහණය ගැන අදහස් දක්වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු හා ගිනිකොණ දිග ආසියා කලාපයේ අධ්‍යක්ෂිකා පූනම් සිං මහත්මිය සඳහන් කරන්නේ ලෝකයේ සරම්ප රෝගයේ ඉහළ යෑමක් වාර්තාවන අවස්ථාවක ශ්‍රී ලංකාව සරම්ප රෝගය තුරන් කිරීම සුවිශේෂ ජයග‍්‍රහණයක් ලෙස තමන් දකින බවයි.

දකුණු හා ගිනිකොණදිග ආසියා කලාපයේ සරම්ප රෝගය තුරන් කළ සිවුවැනි රට වන්නේ ශ්‍රී ලංකාව වන අතර මීට පෙර භූතානයල මාලදිවයින හා නැගෙනහිර ටිමෝර්ය මෙම කලාපය තුළ සරම්ප රෝගය තුරන් කර රටවල් ලෙස වාර්තා පොතට එක් වුණා.

සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා අනුව ශ්‍රී ලංකාවේ සරම්ප රෝගියෙක් අවසන් වශයෙන් වාර්තා වී ඇතේතේ 2016 වසරේ මැයි මාසයේදීයි.

Recommended For You

About the Author: Editor