වුහාන් නගරයේ සිට සිය රට පැමිණි සිසුන් දියතලාවට

වුහාන් නගරයේ සිට සිට රට සිසුන් සිය රට ගෙන්වා ගත් තෙවන රාජ්‍යය බවට ශ‍්‍රී ලංකාව පත්වෙයි

සියලූ සිසුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන්

දින 14 ක නිරෝධායන ක‍්‍රියාවලියට සෞඛ්‍ය අංශයන්ගේ පූර්ණ සහය

වුහාන් නගරයේ සිට සිය රට පැමිණි සිසුන් අද (01)දහවල් දියතලාව යුධ හමුදා පුහුණු කඳවුරේ ස්ථාපිත විශේෂ නේවාසික මධ්‍යස්ථානය වෙත රැුගෙන එනු ලැබිණ. සිසුන් රැුගත් ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 1423 දරණවි ශේෂ ගුවන් යානය පෙරවරු 7.40 ට මත්තල රාජපක්‍ෂ අනතර් ජාතික ගුවන්තොටුපලට ලඟා විය. මේ සමගම වුහාන් නගරයේ සිටි සිසුන් සියරටට රැගෙන ගිය තෙවන රාජ්‍යය බවට ශ‍්‍රී ලංකාව පත්වෙයි.


ශ‍්‍රී ලංකාව සහ චීනය අතර පවතින උසස් මට්ටමේ රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතාවත් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා සහ වත්මන් රජය කෙරෙහි චීන රජය තබා ඇති දැඩි විශ්වාසයත් හේතුවෙන් සිසුන් කඩිනමින් ගෙන්වා ගැනීමට හැකි වූ බව විදේශ සබඳතා අමාත්‍යාංශය පවසයි.

ජනාධිපතිතුමාගේ උපදෙස් මත ජනාධිපති කාර්යාලය, විදේශ සබඳතා අමාත්‍යාංශය, බීජිංහි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය, කොළඹ චීන තානාපති කාර්යාලය, සිවිල් ගුවන්සේවා අධිකාරිය, ශ‍්‍රි ලංකා යුධ සහ ගුවන ්හමුදාව ගත් සාමූහික උත්සාහයේ ප‍්‍රතිඵලයක් ලෙස ක‍්‍රියාවලිය සාර්ථක කර ගැනීමට හැකි විය.

මත්තල ගුවන්තොටුපලට ලඟා වූ පිරිස අතර කුඩා ළමුන් සිවු දෙනෙක් වූහ. සියලූ දෙනා හැඳ සිටි අඳුම් වෙනුවට අළුත් ඇඟලූම් ලබා දීමෙන් පසු පූර්ණ සෞඛ්‍ය පරීක්‍ෂණයකට ලක් කෙරිණ. ඔවුන් යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවට අනාවරණ යකර ගැනීමෙන් අනතුරුව දියතලාව බලා රැුගෙන යනු ලැබිණ. ඊට සනීපාරක්‍ෂක පහසුකම් සහිත සුඛෝපභෝගී බස් රථ යොදාගත් බව ශ‍්‍රී ලංකා යුධ හමුදාව පවසය.

යුධ හමුදාපති තුමාගේ උපදෙස් පරිදි පැය 72ක් වැනි කෙටි කාලයකදී දියතලාව යුධ අභ්‍යාස කඳවුරේ ස්ථාපනය කෙරුණු නේවාසික පහසුකම් ඇතුළු සියළු අවශ්‍යතා සම්පූර්ණ කෙරිණ. යුධ හමුදාවේ හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් වෛද්‍ය කණ්ඩායම් සහ මහජන සෞඛ්‍ය නිළදාරීන් ද නිරෝධායන ක‍්‍රියාවලිය අධීක්‍ෂණයට එක්ව සිටිති.

දින 14 ක අධීක්ෂණයෙන් පස ුසිසුන් දෙමාපියන්ට බාර දීමට අවශ්‍යකටයුතු සැලසුම්කර තිබේ.

Recommended For You

About the Author: Editor