තුර්කි මගී ගුවන් යානයක් කෑලි තුනකට කැඩෙයි

මගී ගුවන් යානයක් තුර්කියේ ගුවන් තොටුපළක ගුවන් ධාවන පථයෙන් ඉවතට පැන කැබලි තුනකට කැඩී 21 දෙනෙකු තුවාල ලබා ඇතැයි බලධාරීහු පවසති.

ජෙට් යානය ඉස්තාන්බුල්හි සබීහා ගොක්සන් ගුවන් තොටුපලේදී Istanbul’s Sabiha Gokcen airport අනතුරට පත්වන විට මගීන් 171 දෙනෙක් සහ කාර්ය මණ්ඩලය හය දෙනෙකු සිටි බව වාර්තා වේ.

සිද්ධියෙන් කිසිවෙකු මිය නොගිය බව ප්‍රවාහන අමාත්‍ය මෙහමෙට් කාහිත් තුර්හාන් Mehmet Cahit Turhan මහතා පැවසීය.

ඉස්තාන්බුල් ආණ්ඩුකාර අලි යෙර්ලිකයා Ali Yerlikaya  පැවසුවේ පුද්ගලයින් 21 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර ඉවත් කිරීමේ උත්සාහයන් අඛණ්ඩව සිදුවන බවයි. පෙගසස් එයාර්ලයින්ස් Pegasus Airlines යානය බටහිර පළාතේ ඉස්මීර් සිට පියාසර කිරීමෙන් පසු අධික වර්ෂාව හේතුවෙන් ගොඩබස්වන ලද බව තුර්කි මාධ්‍ය වාර්තා කරයි.

මගීන් යානයෙන් ඉවතට ගෙන ගිය නමුත් තවමත් යානයේ සිරවී සිටි සමහරුන් නිදහස් කර ගැනීමට නිලධාරීන් කටයුතු කරමින් සිටින බව බලධාරීහු පවසති.

Recommended For You

About the Author: Editor