ගොඩනැගිලි ද්‍රව්‍ය ප්‍රවාහනයට ඇති බාධා ඉවත් කරනවා – ඇමති ඉන්දික අනුරුද්ධ

දේශපාලන අරමුණු ඉටුකර ගැනීම සඳහා රාජ්‍ය නිලධාරීන් කිසිවිටක යොදා නොගන්නා බවත්, රාජ්‍ය නිලධාරින්ට සහ සේවකයින්ට අවශ්‍ය සියලු පහසුකම් සපයාදීමට තමන් කටයුතු කරන බවත්නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.   

ඉදිකිරීම් කෂේත්‍රයේ පුහුණු ශ්‍රමිකයින්ට ඉදිරියට පැමිණිමට හා ඔවුන්ට එම ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් බවට පත් වීමට නව රජය අවස්ථාව උදා කර ඇති බවත්, ගොඩනැගිලි ද්‍රව්‍ය සහ එම ද්‍රව්‍ය ප්‍රවාහනය සම්බන්ධයෙන් ඇති දැඩි නීතිමය බාධක ලිහිල් කරමින් ඉදිකිරීම් ක්ෂේත්‍රය ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බවද පැවැසීය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ නිවාස පහසුකම් අමාත්‍යාංශය යටතේ පවතින ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ(CIDA) නව සභාපතිවරයා ලෙස මහාචාර්ය සොහාන් විජේසේකර මහතා වැඩ භාර ගැනීමේ උත්සවයට අද (06) දින සහභාගී වෙමිණි. මෙම උත්සවය  කොළඹ 07, පිහිටි ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේදී පැවැත්විණි.  

ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියටඅද පෙරවරුවේ පැමිණිනව සභාපතිවරයා ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව මහා සංඝ රත්නයේ සෙත් පිරිත් සජ්ඤයනා මැද එම ධූරයේ වැඩ භාර ගන්නා ලදි. 

මෙම අවස්ථාවට නිවාස පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් එස්.ටී.කොඩිකාර මහතාඇතුළු නිලධාරීන් සහඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ නිලධාරින් සහ සේවක සේවිකාවන් විශාල පිරිසක් සහභාගී වූහ.

Recommended For You

About the Author: Editor