‘ගොවිපොළ’ App එළිදක්වයි

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නව්‍යකරණය කිරීම සඳහා තාක්ෂණික සහාය ලබා දීමේ වැඩසටහන (TAMAP) විසින් කෘෂිකර්මාන්තය සඳහා වෙළෙඳපොළක් සහ වෙළෙඳපොළ තොරතුරු පද්ධතියක් ලෙස දියුණු කරන ලද ‘ගොවිපොළ’ App පහසුකම දියත් කරයි.

(TAMAP) මේ වැඩසටහන යුරෝපා සංගමයේ ප්‍රතිපාදන යටතේ Ecorys Nederland BV උපදේශන සමාගම විසින් ක්‍රියාත්මක කරනු ලැබේ. ශ්‍රී ලංකා රජයට තිරසර හා ඵලදායි කෘෂිකර්මාන්තයක් කරා ගමන් කිරීම සඳහා සහාය ලබා දීමේ අරමුණින් මේ වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේ.

කෘෂිකර්මාන්තය ඩිජිටල්කරණය කිරීමේ රාජ්‍ය උපාය මාර්ගයට අනුකූලව කෘෂිකර්මාන්තය සඳහා ඩිජිටල් වෙළෙඳපොළක් නිර්මාණය කිරීමට TAMAP සහාය ලබා දී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය දා කොළඹ Mövenpick හෝටලයේ පැවැති ‘Improved Market Information System for Agriculture in Sri Lanka‘ වැඩමුළුවේ දී, කෘෂිකාර්මික වෙළෙඳපොළක් සහ වෙළෙඳපොළ තොරතුරු පද්ධතියක් ලෙස සංවර්ධනය කෙරුණු ‘ගොවිපොළ‘ App එළිදක්වන ලදි.

ශ්‍රී ලාංකික සමාගමක් වන Croptronix විසින් ඩිජිටල් ‘ගොවිපොළ‘ ආරම්භ කෙරුණේ අන්තර්ජාලය හරහා අවශ්‍යතා සපුරන්නකු වශයෙනි. එහි දී පුවත්පත් දැන්වීම් ස්වරූපයෙන් ලියන ලද තොරතුරු පදනම් කරගනිමින් ගනුදෙනු සිදු කෙරිණි.

අද වන විට දීපව්‍යාප්තව බාගතකර ගැනීම් ප්‍රමාණය 15, 000 ඉක්මවයි. මේ ඩිජිටල් යෙදවුම මගින් තත්කාලීන වෙළෙඳපොළ දත්ත පදනම් කර ගනිමින් භාණ්ඩ අලෙවි කිරීමට ගොවීන්ට සහාය ලබා දෙයි. එසේම සෙවුම් පෙරහන් (search filter), දැනුම් දීම් (notification) වැනි වැඩි දියුණු කළ පහසුකම් මගින් භාණ්ඩ මිල දී ගන්නන්ට භාණ්ඩ සොයා ගැනීමේ ක්‍රියාවලිය කඩිනමින් සිදු කර ගැනීමට උපකාර කෙරෙයි.

මෙම අවස්ථාවට සහභාගී වූ ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් නියෝජිත මණ්ඩලයේ සහයෝගීතා අංශ ප්‍රධානී ෆ‍්‍රෑන්ක් හෙස් මහතා අදහස් දක්වමින් කියා සිටියේ ‘‘ලොව පුරා ඇති කෘෂිකාර්මික වෙ‍ළෙපොළවල් අන්තර්ජාලය හරහා සම්බන්ධ කිරීමට උනන්දුවක් ඇතිව තිබෙන මෙවන් යුගයක, මෙම ‘‘ගොවිපොළ’’ යෙදුම ශ්‍රී ලංකාවේ ගොවීන්ට හඳුන්වා දීමෙන් ඔවුනට වෙළෙ‍ඳපොළ සමඟ සෘජුව සම්බන්ධ වී තම ගනුදෙනු හොඳින් කරගෙන යාමට ඉතා හොඳ අවස්ථාවක් උදා කර දී ඇති බවයි.’’

Recommended For You

About the Author: Editor