ට්‍රම්ප් ඓතිහාසික දෝෂාභියෝගය ජයගනී

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝ චෝදනාවෙන් ඔහු නිදහස් කිරීමට සෙනෙට් මණ්ඩලය අද (6) පියවර ගත්තා.

බලය අයුතු ලෙස පරිහරණය කිරීම, කොංග්‍රසයට බාධා කිරීම හා ජනාධිපති ධුර අපේක්ෂක ජෝ බයිඩ්න්ට එරෙහිව විමර්ශනයක් පවත්වන ලෙසට යුක්‍රේනයට බලපෑම් කිරීම යන චෝදනා ඩොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල වී තිබුණා. ඒ අනූවලබලය අයුතු ලෙස පරිහරණය කිරීමේ චෝදනාව සෙනෙට් සභාව ඡන්ද 52ට 48ක් ලෙස පරාජයට පත් වුණා. කොංග්‍රසයට බාධා කිරීමේ චෝදනාව පරාජයට පත් කර ඇත්තේල ඡන්ද 53ට 47ක් ලෙසයි.

මේ සමග කොංග්‍රසය මගින් සම්මත කිරීමෙන් පසු දැඩි විවාද මාලාවක් පැවති ඓතිහාසික දෝෂාභියෝග චෝදනාව නිමාවට පත්වනු ඇති අතර දෝෂාභියෝගයකට මුහුණ දී මැතිවරණයකට ඉදිරිපත් වන ප්‍රථම අමෙරිකානු ජනාධිපතිවරයා ලෙසින් ට‍්‍රම්ප් මීළග ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිතයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් දෝෂාභියෝගයකට මුහුණ දුන් තෙවැනි අමෙරිකානු ජනාධිපතිවරයායි. ජනාධිපති ට්‍රම්ප් තමන්ට එල්ල වූ චෝදනා දිගින් දිගටම ප්‍රතික්ෂේප කළා.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනයේ පවතින සෙනෙට් මණ්ඩලය මගින් අදාළ දෝෂාභියෝග චෝදනාව පරාජයට පත්කරනු ඇති බවට මුල සිටම අනාවැකි පළ වුණා. කෙසේ වෙතත්ල සෙනෙට් සභාවේ ක්‍රියාවලිය දෝෂ සහගත බවට නියෝජිත මන්ත්‍රී මණ්ඩල සාමාජිකයින් චෝදනා කරනවා.

Recommended For You

About the Author: Editor