සුපිරි හොලිවුඩ් නළු කර්ක් ඩග්ලස් වසර 103ක් ආයු වළදා දිවි සැරිය නිම කරයි

ජනකාන්ත හොලිවුඩ් නළුවකු වූ කර්ක් ඩග්ලස් Kirk Douglas අවුරුදු 103ක් ආයු වළදා ඊයේ (05) මිය ගියා.

1916 දී නිව් යෝර්ක් හි උපත ලැබූ කර්ක් ඩග්ලස් හොලිවුඩයේ ‘ස්වර්ණමය යුගය’ තුළ ප්‍රසිද්ධියට පත්වූ අතර 1949 ‘චැම්පියන්’ නැමැති බොක්සිං ශූරයෙකු වටා ගෙතුණු චිත්‍රපටය වෙනුවෙන් පළමු වරට ඔස්කාර් සම්මානය හිමි කර ගත්තා.

1940 සිට 2000 දක්වා දශක හයකට වැඩි කාලයක් කර්ක් හොලිවුඩ් සිනමා නිර්මාණ 90කට වඩා රංගනයෙන් දායක වී තිබෙනවා. වේදිකාව මෙන්ම සිනමා නළුවකු වන ඔහු 1960 වසරේ සම්භාව්‍ය ඇතුළු විවිධ චරිත ඔස්සේ ප්‍රසිද්ධියට පත් වුණා. 1960 වසරේ ‘ස්පාටකස්’ Spartacus චිත‍්‍රපටය හරහා ලොව රසික හදවත් දිනා ගැනීමට සමත් ඔහු සමත් වුණා.

Recommended For You

About the Author: Editor