Voice of දියවන්නා SLPP: ප‍්‍රසන්න මෛත‍්‍රී ගැන ඇත්තම කතාව බැසිල්ට කියයි

සටහන ගජබා නාගහවත්ත

ජනාධිපතිවරණයෙන් පසුව විදෙස් ගතව සිටි බැසිල් රාජපක්ෂ පසුගිය සඳුදා දිවයිනට පැමිණියේය. බැසිල් එන බව දැන සිටියේ ප්‍රසන්න, ලන්සා, ලක්ෂ්මන් යාපා සහ පුංචිනිලමේ යන ඇමැතිවරුන් පමණි. සඳුදා උදෑසන ගුවන්තොටුපොළට ගිය මේ සිවුදෙනා බැසිල් පිළිගත්තේ ගුවන් යානය අසළටම ගොස්ය. අනතුරුව ගුවන්තොටුපොළේ දී සුහද කතාබහක නියැලෙමින් සිටියහ.

“දැන් කොහොමද තත්ත්වය? බැසිල් ඇසුවේය.

“වැඩ ටික නම් කෙරීගෙන යනවා. ඔබතුමා නැති එක තමයි පාඩුවකට තිබුණේ“ ප්‍රසන්න පැවසීය.

“දැන් මම ආවනේ. අපි ඉතින් බලලා වැඩ ටික කරමු“ බැසිල් කීවේය.

“ඔබතුමා එනකම් මම හිටියේ විශේෂ ඉල්ලීමක් කරන්නයි. මේ පාර මැතිවරණයේ දී මහින්ද මහත්තයාට ගම්පහින් ඡන්දය ඉල්ලන්න අවස්ථාවක් දෙන්න“ ප්‍රසන්න ඉල්ලා සිටියේය.

“කුරුණෑගලින් ඉල්ලන කතාවක් නේද කියලා තිබ්බේ“ බැසිල් ඇසුවේය.

අපි මේ මැතිවරණයේ දී මහින්ද මහත්තයා ඉහළම මනාපයෙන් අගමැති පුටුවට යවන්න ඕනේ. ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද ලක්ෂ 18කට වැඩිය තියෙනවා. අපට පුළුවන් ගම්පහින් ඡන්ද ලක්ෂ දහයක් ගන්න. ඒ ඡන්ද ලක්ෂ දහයම පළමු මනාපය මහින්ද මහත්තයට ගැහුවොත් ලංකා ඉතිහාසයේ වැඩිම මනාපයෙන් අගමැති වීමේ ගෞරවය එතුමට ලැබෙනවා“ ප්‍රසන්න

“එහෙම කතාවකුත් කියලා තියෙනවා. හැබැයි අපි මේ මැතිවරණයේ දී මහින්ද මහත්තයා ඉහළම මනාපයෙන් අගමැති පුටුවට යවන්න ඕනේ. ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද ලක්ෂ 18කට වැඩිය තියෙනවා. අපට පුළුවන් ගම්පහින් ඡන්ද ලක්ෂ දහයක් ගන්න. ඒ ඡන්ද ලක්ෂ දහයම පළමු මනාපය මහින්ද මහත්තයට ගැහුවොත් ලංකා ඉතිහාසයේ වැඩිම මනාපයෙන් අගමැති වීමේ ගෞරවය එතුමට ලැබෙනවා“ ප්‍රසන්න පැහැදිලි කළේය.

“අපි බලමුකෝ කතා කරලා“ බැසිල් පැවසීය.

“කතා කරලා බලලා හරියන්නේ නැහැ. ඔබතුමාට තමයි පුළුවන් මහින්ද මහත්තයව කැමැති කරගන්න. ඒ නිසා කොහොම හරි මේ වැඩේ කරලා දෙන්න. මම මගේ දේශපාලන නායකයා විදියට සලකන්නේ මහින්ද මහත්තයව. මට ඕනේ කොහොම හරි ඒ නායකයාට මගෙන් වෙන්න ඕනේ උපරිම දේ ඉටුකරලා දෙන්න. ඒකට අවස්ථාව අරගෙන දෙන්න පුළුවන් ඔබතුමාටයි“ ප්‍රසන්න පැවසීය.

මහින්ද මහත්තයා ගම්පහින් ඉල්ලුවොත් ඵෙතිහාසික ජයග්‍රහණයක් ලබන්න එතුමට පුළුවන්“ ලන්සා කීවේය.

“ඇමැතිතුමා කියන කාරණය හරි. මහින්ද මහත්තයා ගම්පහින් ඉල්ලුවොත් ඵෙතිහාසික ජයග්‍රහණයක් ලබන්න එතුමට පුළුවන්“ ලන්සා කීවේය.

“අපි බලමු. අපි දන්නවා ප්‍රසන්න මහින්ද මහත්තයාට කොච්චර ගරු කරනවාද කියන එක. ප්‍රසන්න මේ හැම දෙයක්ම කරන්නේ මහින්ද මහත්තයා වෙනුවෙන්නේ. ඒ නිසා මම එතුමා එක්ක මේ ගැන කතා කරන්නම්“ කී බැසිල් ප්‍රසන්නලාගෙන් ඇසුවේ දේශපාලන කටයුතු සම්බන්ධයෙනි.

එහිදී ප්‍රසන්න දැඩිව කියා සිටියේ කෙසේ හෝ මෙවර පොහොට්ටුවෙන් තරග කළ යුතු බවය.

“සමහරු දැන් සන්ධාන අටවගන්න හදනවා. හැබැයි මොන දේ වුණත් පොහොට්ටුව තමයි අපේ ලකුණ වෙන්න ඕනේ. ඒක නම් වෙනස් කරන්න දෙන්න එපා“ ප්‍රසන්න කීවේය.

ජයග්‍රාහී ලකුණක් යටතේ තමයි අපි තරග කරන්න ඕනේ“ බැසිල්

“මම ආවේ ඒ ගැන සාකච්ඡා කරන්නත් එක්ක තමයි. හැමෝම එක්ක කතාබහ කරලා අපි තීන්දුවක් ගන්න ඕනේ. ජයග්‍රාහී ලකුණක් යටතේ තමයි අපි තරග කරන්න ඕනේ“ බැසිල් පැවසීය.

“දැන් බලන්න මෛත්‍රිපාල මහත්තයාව සන්ධානයේ සම නායකයා කරන්න කතා කරනවා. පොළොන්නරුවෙන් තරග කරන්න කතා කරනවා. මම නම් හිතන විදියට මිනිස්සු එතුමව ප්‍රතික්ෂේප කරලා ඉවරයි. කවුරුත් කැමැති නැහැ අපේ සන්ධානයට එතුමා එකතු වෙනවට“ ප්‍රසන්න පෙන්වා දුන්නේය.

නිදහස් දිනයේ එතුමාගේ කතාව ගත්තොත් අහක දාන්න එක වචනයක්වත් නැහැ. අපිට මතකයි සමහරු තමන්ගේ කතාවෙදි කීවෙනි නිදහස් දිනය ද  කියලවත් දන්නේ නැතිව කතා කරපු හැටි. හැබැයි ජනාධිපතිතුමා මේ පාර කරපු කතාව නම් ගොඩක් ඵෙතිහාසිකයි“ සනත්

ජනපතිගේ නිදහස් දින කතාව ගැන සමාලෝචනයක්

පසුගිය බදාදා පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පිරිසක් එක්ව කතා බහ කරමින් සිටියේ නිදහස් දින සමරුව ගැනය. ප්‍රසන්න, ලන්සා, සනත්, පියල් ඇතුළු පිරිසක් එහි සිටියහ. ප්‍රසන්න පෙන්වා දුන්නේ තමන් ජීවිතයේ දුටු හොඳම හා සංවිධානාත්මකම නිදහස් දිනය මෙවර පැවැත්වණු බවය. අනෙක් පිරිස ද එය අනුමත කළේ උත්සවයේ විධිමත් බව ගැන කරුණු දක්වමිනි.

“ජනාධිපතිතුමා උත්සව සභාවට එන්නට පෙර තමන්ගේ වැඩිමල් සහෝදරයන් දෙන්නටම වැන්දා. එතුමා රටේ ජනාධිපති වුණත් තමන්ගේ වැඩිමල් සොහොයුරන් අගමැති සහ ඇමැතිවරයෙක් වුණත් ඒ දෙන්නට වඳින එක මදිකමක් ලෙස සැලකුවේ නැහැ. මුළු ලෝකෙම ඉදිරියේ එතුමා ඒ කරපු ක්‍රියාවෙන් සිංහලයන්ගේ සිරිත් විරිත් ගැන ලෝකෙම දැන ගත්තා“ ප්‍රසන්න පැවසීය.

“ඒක නම් ඇත්ත. ජනාධිපතිතුමාගේ ක්‍රියාව හරිම ආදර්ශවත්. අපේ දරුවන්ට විතරක් නෙමේ අපිටත් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා“ ලන්සා පැවසීය.

“නිදහස් දිනයේ එතුමාගේ කතාව ගත්තොත් අහක දාන්න එක වචනයක්වත් නැහැ. අපිට මතකයි සමහරු තමන්ගේ කතාවෙදි කීවෙනි නිදහස් දිනය ද  කියලවත් දන්නේ නැතිව කතා කරපු හැටි. හැබැයි ජනාධිපතිතුමා මේ පාර කරපු කතාව නම් ගොඩක් ඵෙතිහාසිකයි“ සනත් පැවසීය.

“එක්සත් ජාතික පක්ෂයේ අර්බුදයත් දවසින් දවස ඔඩු දුවනවා. ජනාධිපතිවරණයට කලින් ජනාධිපති අපේක්ෂකත්වයට මරා ගත්තා. දැන් පක්ෂ නායකත්වයට වගේම ලේකම්කමට මරා ගන්නවා“ පියල් පැවසීය.

“එක්සත් ජාතික පක්ෂයේ කාලය දැන් ඉවරයි. ආයේ එයාලට නැගිටින්න ලැබෙන්නේ නැහැ. මේ පාර මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය නැත්තටම නැති වෙලා යනවා“ ප්‍රසන්න කීවේය.

පසුගිය බ්‍රහස්පතිදා දහවල් ප්‍රසන්න රණතුංග ඇමතිවරයා ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙහෙයුම් කමිටුව පාර්ලිමේන්තුවට කැදවා තිබේ ඒ ඉදිරි දේශපාලන කටයුතු ගැන සාකච්ඡා කිරීමටය.

ප්‍රසන්න සමග නිමල් ලාන්සා, දුලිප් විජේසේකර, ඉන්දික, රණවීර, සුදර්ශනී සහ ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, පලාත් පාලන ආයතන සභාපතිවරුන් මේ රැස්වීම සදහා පැමිණ සිටියහ.

මහින්ද මහත්තයා 2015 පැරදුනාම මෛත්‍රී මහත්තයා පක්ෂ නායකත්වය ගත්තා අපි එවෙලේ කිව්වා ශ්‍රී.ල.නි.පයේ සම නායකත්වය මහින්ද මහත්තයාට දෙන්න කියලා ඒත් ඒකට මෛත්‍රී කැමති වුනේ නැහැ. ඉතින් අපි මොකටද දැන් එහෙම කරන්නේ – ප්‍රසන්න

මෛත්‍රී සම නායකත්වය ඉල්ලන එක ප‍්‍රසන්නගෙන් අපූරු කතාවක්

ප්‍රසන්න මෙහිදි මෛත්‍රී සම නායකත්වය ඉල්ලන එක ගැන කීවේ අපුරු කථාවකි.

‘‘මහින්ද මහත්තයා 2015 පැරදුනාම මෛත්‍රී මහත්තයා පක්ෂ නායකත්වය ගත්තා අපි එවෙලේ කිව්වා ශ්‍රී.ල.නි.පයේ සම නායකත්වය මහින්ද මහත්තයාට දෙන්න කියලා ඒත් ඒකට මෛත්‍රී කැමති වුනේ නැහැ. ඉතින් අපි මොකටද දැන් එහෙම කරන්නේ. ප්‍රසන්න කිවේය.”

සාකච්ඡාවේදි ඉදිරි මහතා මැතිවරණය පොහොට්ටුවෙන් තරග කල යුතු යැයි සම්මත කර ගැනින.

මොනවා කරන්නද ඇමතිතුමා මේ පාර අපිට තරගේ තියෙන්නේ පොහොට්ටුව එක්ක නෙමෙයිනේ අපේ අය එක්කමනේ-  හර්ෂණ

එදින ප්‍රසන්න සිය හිතවත් පළාත් සභා මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් සමග පාර්ලිමේන්තුවේ දහවල් ආහාරය ගනිමින් සිටියේ අමුත්තන්ගේ භොජනාගාරය තුලය එතැනට පැමිණි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා දුටු ප්‍රසන්න ‘‘ආ මන්ත්‍රීතුමා කොහොමද තත්වේ”  කියා ඇසුවේය.

‘‘අපි නං ඉතින් වැඩේට බැහැලා ඉන්නේ ” හර්ෂණ කිවේය.

‘‘වැඩක් නැ නේ මන්ත්‍රීතුමා ඔබතුමාලා දැන්ම පරාදයිනේ අඩු තරවේ පක්ෂයේ නායකත්වයවත් ගන්න බැරි උනානේ”  ප්‍රසන්න කිවේය.

‘‘ඒකට කමක් නැහැ දැන් මෙහෙමවත් බලනවා”  හර්ෂණ කිවේය.

‘‘ඔබතුමාලා කිවේ නං හොදින් හරි නරකෙන් හරි රනිල්ව එලවනවා කියලා හැබැයි දැන් කියන්නේ පෙරලුණු පිට හොදයි කියලානේ. ”  ප්‍රසන්න කිවේය.

“මොනවා කරන්නද ඇමතිතුමා මේ පාර අපිට තරගේ තියෙන්නේ පොහොට්ටුව එක්ක නෙමෙයිනේ අපේ අය එක්කමනේ”  හර්ෂණ උත්තර දුන්නේ.

‘‘ඒ කියන්නේ ඔයාලා දැන්ම පරාජය පිලි අරන් ඒක හොදයි ලියලා තියාගන්න. යු.එන්.පි.ය. මේපාර ලබන්නේ ඉතිහාසයේ වැඩිම පරාජයයි.” ප්‍රසන්න සිනාසෙමින් කිවේය.   

Recommended For You

About the Author: Editor