රාජ්‍ය ආයතන 25ක විවිධ විෂ­ය­යන් සිති­යම් 125ක් nsdi.gov.lk වෙතින්

ශ‍්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ වැඩ­ස­ට­හන් කළ­ම­නා­කර ඉඳු­මිනි කොඩි­කාර මහ­ත්මිය පැව­සුවේ මේ නව වෙබ් අඩ­විය ‘ශ්‍රි ලංකා ජාතික අව­කා­ශීය දත්ත යටි­තල පහ­සු­කම් පද්ධ­තිය’ (nsdi) ලෙස නම් කර ඇති බවයි.

‘ශ‍්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය’හෙවත් ICTA අපි බොහෝ දෙනෙක් දන්න තැනක්. 1919 ඇතුළු බොහෝ සමීප සේවා අපට ලබාදීමට පියවර ගෙන තිබෙනවා. මේ අතර ICTA පසුගිය දා තවත් අති දැවැන්ත, ඒ වගේම ජාතික වශයෙන් සුවිශේෂ කාර්යභාරයක් ඉටුකර එය ජාතියට තිළිණ කළා.

ඒ අපේ රටේ සංව­ර්ධන යෝජනා ක්‍රම­යක් ආරම්භ කිරී­මට අවශ්‍ය නම් ලොව කොතැ­නක සිට වුවද ඊට අදාළ ස්ථානය පිළි­බඳ සියලු තොර­තුරු ලබා ගැනී­මට හැකි වෙබ් අඩ­වි­යක් නිර්මාණය කිරීමය සමගයි.

‘ශ‍්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ වැඩ­ස­ට­හන් කළ­ම­නා­කර ඉඳු­මිනි කොඩි­කාර මහ­ත්මිය පැව­සුවේ මේ නව වෙබ් අඩ­විය ‘ශ්‍රි ලංකා ජාතික අව­කා­ශීය දත්ත යටි­තල පහ­සු­කම් පද්ධ­තිය’ (nsdi) ලෙස නම් කර ඇති බවයි.

“අපේ ර‍ෙට් වැඩිම සිති­යම් ප්‍රමා­ණක් ඇත්තේ මිනි­න්දෝරු දෙපා­ර්ත­මේ­න්තුව සතු­වයි. ඊට අම­ත­රව මාර්ග සංව­ර්ධන අධි­කා­රියේ ඇති පාර­වල සිති­යම් හා වන සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සතු වනා­න්තර පිළි­බඳ සිති­යම් තිබෙ­නවා. ඒ වගේ එක එක ආය­ත­න­වල ඔවුන්ට අදාළ සිති­යම් තිබෙ­නවා. ඒ වගේ ආය­තන 25ක අයට විවිධ විෂ­ය­යන් 125ක සිති­යම් එක්කර තමයි අපි මේක හැදුවේ. ඒ අනුව මේ අලුත් අව­කා­ශීය දත්ත යටි­තල පහ­සු­කම් පද්ධ­තිය මඟින් ඒ සියලු විෂ­ය­ය­න්ව­ලට අදාළ සිති­යම් තොර­තුරු එකම පරි­ග­ණක තල­ය­කින් බලා­ගන්න පුළු­වන්.

රාජ්‍ය ආය­තන 25ක විෂය විවිධ විෂ­ය­යන් පිළි­බඳ සිති­යම් ස්තර 125 ක් පමණ මෙම නව වෙබ් අඩ­විය සඳහා එකතු කර තිබෙ­නවා. ඒ අනුව යම් එක් ප්‍රදේ­ශ­යක තිබෙන සිය­ලුම මාර්ග පාසල්, වෙළෙ­ඳ­සල්, රෝහල්, සියලු යටි­තල පහ­සු­කම් වල තත්ත්වය ලැබෙන විදුලි බල­ධා­රී­තාව ජල ධාරි­තාව ආදිය ද මේ සිති­යම් වෙබ් අඩ­විය මගින් දැන­ගත හැකියි” කොඩි­කාර මහ­ත්මිය පව­සන්නේ ය.

ඒ අනුව මේ තොර­තුරු www.nsdi.gov.lk වෙබ් අඩ­විය මගින් හා හෝ www.geoportal.nsdi.gov.lk යන වෙබ් අඩ­වි­යට පිවි­සි­යොත් ලබා­ගත හැකි ය.

ශ්‍රී ලංකා තොර­තුරු හා සන්නි­වේ­දන තාක්ෂණ නියෝ­ජ්‍යා­ය­ත­නය මඟින් ක්‍රියා­ත්මක කෙරෙන ජාතික මට්ටමේ වැඩ­ස­ට­හ­නක් වන අව­කා­ශීය දත්ත යටි­තල පහ­සු­කම් පද්ධ­තිය (Sri lanka National Spatial Data Infrastructure) තුළින් අව­කා­ශීය දත්ත හුව­මාරු කිරීම, කළ­ම­නා­ක­රණ කට­යුතු පහසු කර ගැනීම සහ ජාතික වශ­යෙන් වැද­ගත් වන සැල­සුම් හා සංව­ර්ධන කට­යුතු සඳහා ඵල­දායි තීන්දු තීරණ ගැනීම වඩා පහසු කරයි.

මෙම ව්‍යාපෘ­තිය මඟින් ශ්‍රී ලංකාවේ විසිරී ඇති අව­කා­ශීය දත්ත එක් රැස් කර අන්ත­ර්ජා­ලීය යටි­තල පහ­සු­කම් පද්ධ­තිය මඟින් ඕනෑම කෙනෙ­කුට අව­කා­ශීය දත්ත ලබා ගැනීමේ හා එම දත්ත විශ්ලේ­ෂ­ණය කිරී­මට හැකි­යාව ලැබෙනු ඇත.

එමෙන් ම නිර­න්ත­ර­යෙන් යාව­ත්කා­ලීන වූ නිවැ­රදි භූගෝ­ලීය තොර­තුරු ලබා­ගැ­නීම මෙන් ම ආය­තන කිහි­ප­යක් අතර පහ­සු­වෙන් දත්ත හුව­මාරු කර ගැනීමේ දැනට පව­තින ඇතැම් දුෂ්ක­රතා මෙම ව්‍යුහ­යත් සමඟ මග හැරී යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම ජාතික අව­කා­ශීය දත්ත යටි­තල පහ­සු­කම් පද්ධ­තිය වඩාත් සාර්ථ­කව හා ස්ථාව­රව පව­ත්වා­ගෙන යෑම සඳහා අව­ශ්‍යය වන්නා වූ නීති­මය හා ප්‍රති­ප­ත්ති­මය රාමු­වක් ඇති කිරීම ද මෙයට සම­ගා­මීව සිදු කෙරෙන්නා වූ තවත් ක්‍රියා­ව­ලි­යකි. තවද මෙම­ඟින් අව­කා­ශීය දත්ත බාධා­ව­කින් තොරව හුව­මාරු කර ගැනී­මට පහ­සු­වන ප්‍රති­පත්ති රාමු­වක් ද සකස් කිරී­මට අපේක්ෂා කෙරේ.

එක් එක් රාජ්‍ය ආය­තන සතුව මෙතෙක් පැවැති අව­කා­ශීය දත්ත මෙම නව වෙබ් අඩ­වි­යත් සම­ඟම එක් පද්ධ­ති­ය­කට එක් කර­මින් පවතී. තම ආය­තන සතු අව­කා­ශීය දත්ත මෙයට එක් කිරීම දැන් රජයේ සෑම ආය­ත­න­ය­ක­ටම පැවරී ඇති වග­කී­මක් ලෙස සැල­කිය යුතු ය. ඉදි­රි­යේදී පෞද්ග­ලික අංශ­යත් මෙයට සහ­භාගි කර­ගැ­නී­මට අපේක්ෂා කරයි. මේ පිළි­බ­ඳව වැඩි විස්තර දුර­ක­ථන අංක 0112369099 මඟින් දැන­ගත හැකියි.

යම් සුවි­ශේෂී ස්ථාන­යක් පිළි­බ­ඳව අපට සෙවී­මට අවශ්‍ය නම් එම ප්‍රදේ­ශය මෙම වෙබ් පිටුවේ සිති­යමේ හත­රැස් ලෙස හෝ රවුම් ලෙස ලකුණු කළ විට ඒ ස්ථානය පිළි­බ­ඳව සියලු භෞතික ජීව විද්‍යා­ත්මක හා යටි­තල පහ­සු­කම් පිළි­බ­ඳව සියලු විස්තර ලබා­ගත හැකි යි.‍

එමෙන් ම යම් ප්‍රදේ­ශ­යක් පිළි­බ­ඳව සොයන විට එහි ජන­ග­හ­නය, පාසල් ගණන හා ශිෂ්‍ය සංඛ්‍යාව, වර්ග ප්‍රමා­ණය ආදිය පිළි­බ­ඳව පවා තොර­තුරු අපට දැන­ගත හැකි ය.

රටේ සම­හර දෙපා­ර්ත­මේන්තු හා ආය­තන තමන් සකස් කර ඇති තම විෂ­ය­යට අදාළ සියලු සිති­යම් හා අලුත් දත්ත මේ නව වෙබ් අඩ­වි­යට ලබාදී නොමැති නම් ඉක්ම­නට ලබා­දිය යුතු ය. එය රට­ටම ලොකු සෙතකි.

මේ අලුත් වෙබ් අඩ­වියේ ඇති සිති­යම් ස්තර ගණන උප­යෝගි කර ගනි­මින් යම් ප්‍රදේ­ශ­යක සංව­ර්ධන කට­යු­ත්තක් කිරී­මට සැල­සුම් සකස් කරන විට ඊට අදාළ භෞතික හා භූමිය පිළි­බඳ තොර­තුරු ද මේ වෙබ් අඩ­විය මඟින් බලා ගත හැකි ය. ඊට අම­ත­රව අදාළ ප්‍රදේ­ශය තුළ වන භූමි තිබේද ජලාශ තිබේද, සතුන් ගැව­සෙන ස්ථාන තිබේද, පුරා­විද්‍යා ප්‍රදේ­ශ­යක් ද යන්න පිළි­බ­ඳව පම­ණක් නොව එහි සිටින ජන­තා­වගේ ප්‍රමා­ණය හා ඔවුන්ගේ විෂය මට්ටම් පවා ලබා­ගත හැකිය. අධ්‍යා­පන දෙපා­ර්ත­මේ­න්තුව පුද්ග­ල­යන් ලියා­ප­දිංචි කිරීමේ දත්ත තොර­තුරු මේ නවමු වෙබ් අඩ‍විය සඳහා යාව­ත්කා­ලීන කර­මින් ලබා­දීම ද කළ යුතුව ඇත.

අද වත්මන් රජයේ ප්‍රධාන අපේ­ක්ෂා­වක් වන තොර­තුරු තාක්ෂ­ණය මඟින් රට දියුණු කිරීමේ වැඩ­පි­ළි­වෙළ යටතේ මේ නව වෙබ් අඩ­වියේ ප්‍රති­ලාභ ද මඟින් රටේ ඉදිරි සංව­ර්ධන කට­යුතු වේග­වත් වනු ඇතැයි ශ්‍රී ලංකා තොර­තුරු හා සන්නි­වේ­දන තාක්ෂණ නියෝ­ජි­තා­ය­ත­නය අපේක්ෂා කරයි.

මේ නව වෙබ් අඩ­විය පරි­ශී­ල­නය ‘ගූගල්’ සිති­යම් පරි­ශී­ල­න­යට වඩා පහ­සුය. නවීන තොර­තුරු ලබා­දෙන කාර්ය­යකි. ඉදි­රි­යට තවත් අපේ ර‍ටේ තොර­තුරු ලැබුණු වහාම ඊට යොමු කර­ලී­මට අපේක්ෂා කරයි.

ඒ සම­ඟම මෙම වෙබ් අඩ­වියේ ඇති ආපදා කළ­ම­නා­ක­රණ සිති­යම් ස්තරයේ තොර­තුරු අනුව රටේ යම් ස්ථාන­යක ගංව­තුර නාය­යාම් වැනි ආප­දා­වන් සිදුවූ විට ඉන් පීඩා­වට පත් ජන­තාව පිළි­බඳ තොර­තුරු අව­තැන් වීමට ඉඩ ඇති ජන­තාව පිළි­බඳ තොර­තුරු විනා­ශ­වී­මට ඉඩ ඇති පාසල් රෝහල් ආග­මිත ස්ථාන පොදු ආය­තන පිළි­බඳ සියලු විස්තර ඈතක සිට වුවද පැහැ­දි­ලිව පරි­ශී­ල­නය කිරී­මට පුළු­වන. ඒ අනුව අවශ්‍ය බේරා ගැනීමේ කට­යුතු අවශ්‍ය ආහාර ලබා­දීම වැනි කට­යුතු කිරීම එකම ස්ථාන­ය­කින් සිදු කිරීමේ වැඩ­පි­ළි­වෙ­ළ­කින් යුක්තව සැල­සුම් කළ හැකිය.

මේ නව වෙබ් අඩ­විය තව­දු­ර­ටත් ප්‍රව­ර්ධ­නය කිරීම මඟින් රටේ ඕනෑම සංව­ර්ධන ව්‍යාපෘ­ති­යක් දැනට සිදු කෙරී ඇති සත්‍යය මට්ටම රටේ ජනා­ධි­ප­ති­තු­මාට පවා තම කාර්යා­ලයේ සිටම බලා­ගැ­නී­මට හැකිවේ. දැනට මෙවැනි වෙබ් අඩ­වි­යක් දියුණු කිරීම මඟින් අන්ද්‍රා ප්‍රදේශ ප්‍රධාන අමා­ත්‍ය­තුමා තම බල ප්‍රදේ­ශයේ සිදු­වන සියලු සංව­ර්ධන කට­යුතු පිළි­බ­ඳව තොර­තුරු තම අත ඇති ජංගම දුර­ක­ථ­න­යෙන් බලා ගැනීම සිදු කරනු ලැබේ.

ඒ අනුව මේ නව වෙබ් අඩ­විය ප්‍රව­ර්ධ­නය කිරී­මට ඊට දත්ත ලබා දීමේ රටේ සියලු ආය­තන උදව් උප­කාර ලබා­දිය යුතුය. එය රටේත් ජන­තා­වගේ දියු­ණු­වට මඟකි.

Recommended For You

About the Author: Editor