ගෝඨා ජනපති වූ පසු ආර්ථිකය යථා තත්ත්වයට – IMF

පසුගිය වසරේ අප්‍රේල් 21 දා ශ්‍රී ලංකාවට එල්ල වූ පාස්කු ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ නිවේදනක සදහන් වේ.

පසුගිය ජනවාරි 29 දා සිට පෙබරවාරි 7 දා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ශ්‍රී ලංකාවේ කළ සංචාරයකින් අනතුරුව නිකුත් කළ නිවේදනයකයි මේ බව සදහන් වන්නේ.

පසුගිය වසරේ අග භාගයේදී ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ හා සංචාරක ක්ෂේත්‍රයේ පුනර්ජීවනයක් ඇතිව තිබෙන බව පවසන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල චීනයේ මේ වන විට ව්‍යාප්තවී තිබෙන කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිංචාරක ව්‍යාපාරයට සීමිත බලපෑමක් ඇති කරනු ඇතැයි ද සදහන් කර තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව මේ වසරේදී ශ්‍රී ලංකාවේ උද්දමනය සියයට 4.5ක අගයක පවතිනිනු ඇති අතර වෙළඳ ගිණුමේ හිඟය 2020 වසරේචදී දළ දේශීය නිශ්පාදිතයෙන් සියයට 3ක අගයකින් වැඩි වීමට නියමිතයි.

එසේම ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීම සමග සිදුකළ බදු කපා හැරීම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රාථමික හිගය දළ ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස සියයට 1.9කින් ඉහළ යුනු ඇති බවද මූල්‍ය අරමුදල පෙන්වා දී තිබෙනවා.

මෙහිදී සිය නිර්දේශ ඉදිරිපත් කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ තරගකාරිත්වය හා ආර්ථික වර්ධනය සඳහා තවදුරටත් තරගකාරිත්වය වර්ධනය කිරීම හා ආයතනික ප්‍රතිසංස්කරණයන් සිදුවිය යුතු බවත් දක්වා තිබෙනවා.

Recommended For You

About the Author: Editor