92 වන ඔස්කාර් සම්මාන උළෙල ‘සම්මානලාභීන්’ මෙන්න

Mandatory Credit: Photo by Rob Latour/Shutterstock (10548150jf) Bong Joon Ho – Best International Feature Film – Parasite 92nd Annual Academy Awards, Show, Los Angeles, USA – 09 Feb 2020

පසුගිය දා පැවැති ඇමෙරිකාවේ ලොස්ඇන්ජලීස් නුවර ඩොල්බි රගහලේ පැවැති 92 වන ඔස්කාර් සම්මාන උළෙලේ විප්ලවයක් කරමින් හොඳම චිත්‍රපටය ලෙස ‘පැරසයිට්’ චිත්‍රපටය තේරී පත් වූ අතර විදෙස් භාෂාවකින් තිරගත වු චිත්‍රපටයක් මෙම සම්මානය දිනා ගත් පළමු අවස්ථාවද වේ.

ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම රංගන ශිල්පියා ලෙස ‘ජෝකර්‘ චිත්‍රපටයේ රගපෑ ජැකොවින් ෆීනික්ස් Joaquin Phoenix සම්මානයට පාත‍්‍ර වූ අතර හොඳම රංගන ශිල්පිනියට හිමි සම්මානය ‘ජුඩි’ චිත්‍රපටය වෙනුවෙන් Ranee Zellweger විසින් හිමි කර ගනු ලැබීය.

‘වන්ස් අපොන් ඔන් ටයිම්’ චිත‍්‍රපටයේ රංගනය වෙනුවෙන් ජනප්‍රිය රංගන ශිල්පී බ්‍රැඩ් පිට් හොඳම සහාය නළුවාට හිමි සම්මානයෙන් මෙවර පිදුම් ලැබූ අතර ලෝරා ඩර්න් හොඳම සහාය නිළිය සම්මානය ‘මැරේජ් ස්ටෝරි’ චිත්‍රපටය වෙනුවෙන් දිනාගත්තාය.

එසේම ලෝක ප්‍රකට සංගීතඥ එල්ටන් ජෝන් හොඳම චිත්‍රපට ගීතයට හිමි සම්මානය දිනා ගනු ලැබීය.

Recommended For You

About the Author: Editor