සහල් හිඟට පිළියමක් ලෙස රජයෙන් ‘ආරක්ෂිත සහල් තොග’

සෑම වසරකම නොවැම්බර් – දෙසැම්බර් වන විට සහල් වෙළෙඳපොළෙහි මිල ඉහළ යාමක් දක්නට ලැබෙන බැවින් එම කාලය තුළ දී බෙදා හැරීම සඳහා ආරක්ෂිත සහල් තොගයක් පවත්වා ගෙන යාම සඳහා ඊයේ (12) රැස් වූ කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය හිමිව තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් මණ්ඩල පත‍්‍රිකාවේ වැඩි දුරටත් මෙසේ ද සඳහන් වෙනවා.

මෙටි‍්‍රික් ටොන් 24,000ක සහල් ආරක්ෂිත තොග පවත්වා ගෙන යාමට අවශ්‍ය ගබඩා පහසුකම් මේ වන විට ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව සතුව පවතී. සහල් මිල වැඩිවන අවස්ථාවලදී පවත්වා ගෙන යනු ලබන ආරක්ෂිත සහල් තොග සතොස හරහා වෙළෙඳ පොළට රජයේ සහතික මිල යටතේ නිකුත් කිරීම මගින් සහල් මිල ස්ථායි මට්ටමක පවත්වා ගෙන යාම අපේක්ෂා කරනු ලබයි. ඒ අනුව වී අලෙවි මණ්ඩලය මගින් මිලදී ගනු ලබන වී තොග ලබා ගෙන සම්බා සහ නාඩු මෙටි‍්‍රක්ටොන් 20,000ක ආරක්ෂිත සහල් තොගයක් පවත්වා ගෙන යාම පිණිස අවශ්‍ය පියවර ගනු ලැබේ.

Recommended For You

About the Author: Editor