විදුලි රැහැනක පැටලී තවත් අලි දෙදෙනෙක් මරුට

මිනිපේ 05 කණුව, හදගනාව බටුමුල්ල වසමේ හා උඩයාගල වසම් දෙක මායිමේ ගොවි බිමක් ආසන්නයේ වන අලි දෙදෙනෙකු මියගොස් ඇති බවට හසලක පොලිසිය වෙත අද උදෑසන ලැබුනු තොරතුරක් අනුව පොලිසිය හා වනජීවි නිළධාරින් පරික්ෂණයක් ආරම්භ කර ඇති බව හසලක පොලිසිය පවසනවා.

වගා භූමිය වටා ඇද තිබූ විදුලි රැහැනක පැටලී අලි දෙදෙනා මිය යන්නට ඇති බවටයිපොලිසිය සැක කරන්නේ.

වනජීවි දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් පශු වෛද්‍යවරයෙකු පැමිණ මරණ පරික්ෂණය සිදු කිරිමෙන් අනතුරුව වන අලි දෙදෙනා මියයෑමට හේතුව තීරණය කරනු ඇති බවට පොලිසිය පැවසුවා.

Recommended For You

About the Author: Editor