කට්ට කළු ‘සුපිරි මෝස්තර නිරූපිකාව’

මගේ මාතෘ භූමියේදී ගැටලූවක් නොවුණ සමේ වර්ණය ගැන මට හිතට කාවදින සිදු වීම වුණේ පාසල් අවධියේදී. දවසක් අපේ පාසලේ විවිධ ප‍්‍රසංගයක් පැවැත් වුණා. හැම ළමයෙක්ම ඊට සහභාගී විය යුතුයි. ඒත් මට ඒ අවස්ථාව අහිමි කළා. ඒ මගේ අඳුරු පැහැ සමේ වර්ණය නිසා බව කියලා මට ගුරුවරුන් පැහැදිලි කළා

ඔය පුහුල් දෝසිවලට වඩා කළු දොදොල් රහයි අය්යේ’ මේ කතාව කිව්වේ මීට වසර කිහිපයකට පමණ පෙර සරසවි මිතුරියක්. කතාවට පාදක වුණ දේ ගැන සිතාගත හැකියිනේ.

මේ කතාවත් කළු දොදොල් වාගේ රසවත් එකක්. ලෝ ප‍්‍රකට මෝස්තර නිරූපිකාවක් ගැන. විශේෂත්වය වන්නේ ඇය ‘කට්ට කළු’ තරුණියක් වීම. ඒත් ඒ ගැන පුදුම වෙන්නත් දෙයක් නැහැ. ස්වභාවයෙන්ම තැඹිලි තැඹිලිපාට වෙනවා, දං දංපාට වෙනවා වාගේ අතිෂය ස්වභාවික තත්ත්වයක්.

ඇය ‘නැකීම් ගැට්වෙච් Nyakim Gatwech’ ඇය සුඩාන ජාතික තරුණියක් වුවත් මේ වන විට ජීවත් වෙන්නේ ඇමෙරිකාවේ. ඒ කියන්නේ ඇය අද ඇමෙරිකානු පුරවැසියෙක්.
නැකීම්ව මුළු ලෝකයම දන්නේ ‘අඳුරු රැජිණ’ නැතහොත් Ash Queen කියලයි. මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඇයගේ ඉන්ස්ටග්ග්?ම් ගිනුමේ සාමාජිකයින් සංඛ්‍යාව මිලියන 26ක්, නැතහොත් 2,60,000,00ක්.

නැකීම් ගැන කතාව ආරම්භ කිරීමට හොඳම ප‍්‍රවේශයක් ඇය විසින්ම ලබා දෙනවා. ඒ මීට කලකට පෙර ඇය ඇමෙරිකාවට සංක‍්‍රමණය වූ අලූත මුහුණ දුන් අත්දැකීමක්. ඇය ටැක්සි රථයක ගමන් කරමින් සිටියා. ඒ අතර දොඩමළු වුණ ටැක්සි රියැදුරා (ඔහු තරුණයෙක්) නැකීම්ට ප‍්‍රශ්නයක් යොමු කළා.

‘ඔයාගේ ඔය තද කළු සම ඔයාට කවමදාවත් ප‍්‍රශ්නයක් වෙලා නැද්ද ? ඇත්තටම ඔයා ඔය කලූ පාටට කැමතිද ? නැත්නම් මට කියන්න, මම අඳුනන තැනක් තියෙනවා කළුහම සුදු කරන. ඒකට ඒහැටි මුදලක් වැය වෙන්නේ නැහැ. ඩොලර් දහ දාහක් විතර තමයි යන්නේ’ ටැක්සි රියැදුරා කිව්වා.

ඇය ඔහුගේ ප‍්‍රශ්න ගැන වැඩි තැකීමක් කළේ නැති වුණත් ඔහුට හැඟුම්බර පිළිතුරක් දුන්නා.
‘නැහැ, මම මගේ මේ අඳුරු පැහැ සම ගැන අහිතකින් හිතලා නැහැ. මට අවශ්‍ය එය වෙනස්කර ගන්න. එය මට ආශිර්වාදයක් කියලා තමයි මම හිතන්නේ’ නැකීම් තම අතීතය ස්මරණය කරමින් කිව්වා.

‘මේ තත්ත්වය මං මුහුණ දුන්නේ ඇමෙරිකාවට සංක‍්‍රමණය වුණ අලූත පමණක් නොවෙයි. අද පවා මම සමේ වර්ණය නිසා පීඩාවට පත් වෙනවා. මම සමාජ මාධ්‍යවල ඡුායාරූපයක් දැමූ විට බොහෝ පිරිසක් තවමත් අහන්නේ අර ටැක්සි රථ රියැදුරා ඇසූ ප‍්‍රශ්නයම තමයි. ඔවුනුත් අහන්නේ, ‘ඔබ ඔබේ සමේ පැහැය ගැන ඔබ සතුටුද ? කියලයි’ මම අදත් දෙන්නේ එදා ටැක්සි රියැදුරාට දුන්න උත්තරයම තමයි.

‘මගේ සමේ පැහැය ගැන මම ඉන්නේ සතුටින්. මම ජීවත් වෙන මේ ලෝකයේ බහුතරයකට වඩා මට වෙනස් පෙනුමක් තිබෙන නිසා මම ලස්සනයි’ කියලා මම ඔවුන්ට පිළිතුරු දෙනවා’ නැකීම් සිනාසෙමින් කියනවා.

සුඩානයෙන් පැමිණි සංක‍්‍රමණික කෙල්ල

නැකීම් ගැට්වෙක්ගේ මාතෘභූමිය වෙන්නේ යුධ ගැටුම්වලින් අඛණ්ඩව පීඩා විඳිමින් සිටින දකුණු සුඩානය. දකුණු සුඩානය කියන්නේ විශේෂයෙන්ම ‘ගැහැනුන්ට අපායක්. සමූහ ¥ෂණයට, ¥ෂණයට ලක් නොවුණ කන්‍යාවියක් මේ භූමියෙන් සොයා ගැනීම ‘අතිෂය දුෂ්කර’ බවයි මේ ගැන දන්න කියන අය කියන්නේ.

තම මාතෘ භූමියේ පවතින මේ දරුණු තත්ත්වය ඉවසා ගන්න බැරි දකුණු සුඩාන වැසියන් බුරුතුපිටින් දකුණු සුඩානයෙන් සංක‍්‍රමණය වෙනවා. ඒ අතර නැකීම්ගේ පවුලත් සිටිනවා. අවසානයේ ඔවුන්ගේ නවාතැන වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් ප‍්‍රාන්තයයි.
නැකීම් ඇමෙරිකාවට සංක‍්‍රමණය වන විට 14 හැවිරිදි නව යොවුන් වියේ. ඒ නිසා ඇයට යළිත් පාසල් ජීවිතය ආරම්භ කිරීමට සිදුවෙනවා.

නැවත නැකීම් කතාවට ප‍්‍රවේශ වෙනවා.

‘අපි, අප‍්‍රිකානු ජනතාව, විශේෂයෙන් සුඩාන ජාතිකයින් සියලූ දෙනාම කලූම කලූයි. බලන බලන හැම තැනම හිටියේ එකම වර්ණයේ ගැහැනුන් හා මිනිසුන්. ඒ නිසා අපිට, මට කවදාවත් සුඩානයේදී මගේ හමේ වර්ණය ගැටලූවක් වුණේ නැහැ. ඒත් ප‍්‍රශ්නය ඇති වුණේ ඇමෙරිකාවේදී. ඊට පසුව බටහිර ලෝකය සමග ගැටෙන අවස්ථාවේදී’ නැකීම් කියනවා.

වර්ණභේදවාදය ඇමෙරිකාවේ තදින් ම ක‍්‍රියාත්මක වුණ යුගයක් තිබුණත් වර්තමානය වන විට එය ක‍්‍රමිකව ක්ෂය වෙමින් යනවා. ඉස්ලාම් භක්තික කලූ ජාතිකයෙක් වූ බැරක් ඔබාවා ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වන්නේ එහි සාර්ථක කතාවක් විදිහට. ඒත් තාම හැම තැනම, හැමෝම යහපත් නැහැ. වර්ණභේදවාදයේ කුරිරු බව තවමත් සජීවී වන තැන් තියෙනවා. ඒක හොඳින් අත්වින්ඳ බවයි නැකීම් කියන්නේ.

‘මගේ මාතෘ භූමියේදී ගැටලූවක් නොවුණ සමේ වර්ණය ගැන මට හිතට කාවදින සිදු වීම වුණේ පාසල් අවධියේදී. දවසක් අපේ පාසලේ විවිධ ප‍්‍රසංගයක් පැවැත් වුණා. හැම ළමයෙක්ම ඊට සහභාගී විය යුතුයි. ඒත් මට ඒ අවස්ථාව අහිමි කළා. ඒ මගේ අඳුරු පැහැ සමේ වර්ණය නිසා බව කියලා මට ගුරුවරුන් පැහැදිලි කළා’ නැකීම් කියනවා.

සංක‍්‍රමණිකයින්ට, විශේෂයෙන් කලූ ජාතිකයින්ට මුහුණ පෑමට සිදුවන දහසක් අභියෝග මැද තම අධ්‍යාපන කටයුතු අවසන් කළ නැකීම් අවසානයේ සරසවියට යනවා. ඒ ‘මිනසෝටා’ ප‍්‍රාන්තයේ ‘ශාන්ත ක්ලාවුඞ් රාජ්‍ය විශ්වවිද්‍යාලයට. එහිදී ඇය මෝස්තර නිරූපණය හදාරනවා.

නැකීම්ගේ දෛවය ඇයට හිමිතැන පෙන්වා දෙන්නේ ක්ලාඩුඞ් සරසවියේදීයි. එයත් දෛවෝපගත අවස්ථාවක් බවයි නැකීම් කියන්නේ.

‘අපේ විශ්වවිද්‍යාලයේ විශ්වවිද්‍යාල රූමතිය තේරීමේ තරගයක් වාර්ෂිකව පැවැත්වෙනවා. එයට සියලූ ජාතීන්ට අයත් රූමතියන් සහභාගී වෙනවා. ඉතිං මාත් ඊට අයදුම් කළා. ඒත් කිසිම විශ්වාසයකින් නෙමෙයි. ඒත් මම, නැහැ… ඇත්තටම කිසිවෙක් විශ්වාස නොකළ දෙයක් එදා රාත‍්‍රියේ සිදුවෙනවා. ඒ තමයි මම විශ්වවිද්‍යාල රූමතිය ලෙස අභිෂේක ලැබීම’ ඇය යළිත් ඒ සොඳුරු දිනය සිහිපත් කරමින් කියනවා.

නැකීම්ට එදින රාත‍්‍රිය මහා දිගු රාත‍්‍රියක් බවට පත් වෙනවා. ඇයට දැනෙනවා සියල්ල වෙනස් විය හැකි බව. ඇය දිගු සැලසුම්, මහා බලාපොරොත්තු නැතිව අලූත් දිනයකට පිවිසෙනවා.
ඒත් එක රාත‍්‍රියකින් මුළු සරසවියම, ඇමෙරිකාවම වෙනස් වෙලා කියලා ඇයට හැෙඟනවා.

‘සරසවි… ප‍්‍රාන්තයේ… ඇමෙරිකාවේ හැමෝම මා ගැන කතා කළා. ඔවුන් මට අවසානයේදී අලුත් නමක් දුන්නා. ඒ තමයි ‘අඳුරු රැජිණ’

දකුණු සුඩානයෙන් සංක‍්‍රමණය වූ ඒ කට්ට කලූ කෙල්ල වර්තමානය වන විට ලෝකයේ ප‍්‍රමුඛතම විලාසිතා තරුවක්. ඇයට අද ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර ලෝකයේ රූපලාවන්‍ය ප‍්‍රමිතීන්ට අභියෝග කළ හැකි තරම් ‘සුපිරි’ බලයක් තිබෙනවා. ඇයට එක මොහොතකින් තම ඉන්ස්ටග් ගිනුම හරහා මිලියන 260කට ආමන්ත‍්‍රණය කළ හැකියි.

‘මේ ලෝකයේ බහුතරයකට වඩා වෙනස් පෙනුමක් තිබෙන නිසා මම ලස්සනයි කියලා මම ඔවුන්ට කියනවා’ ඇය සිනාසෙමින් කියනවා.

‘ඔබ එදා ටැක්සි රථ රියැදුරාට ඇහුම්කන් දුන්නා නම් ?’ ඇයට ප‍්‍රශ්නයක් යොමු කරනවා.

‘නැහැ… ඒ වන විටත් මම මගේ උපතින් ලැබුණු, දකුණු සුඩාන් පෙනුමට ආදරය කළා. ඒ ගැන කිසිම කනගාටුවක් මට කවදාවත් තිබුණේ නැහැ. අදත් හෙටත්’ ඇය අවධාරණාත්මක ස්වරයෙන් කියනවා.

‘ඔබ ඇමෙරිකාවට සංක‍්‍රමණය නොවුුණා නම් ?’

ඇය ඒ ගැන කිසිවක් කියන්නේ නැහැ.

දැන් මට ආයෙත් මගේ සරසවි මිතුරිය මතක් වෙනවා. එදා කලු දොදොල් ගැන රසවත් කතා කිව්ව ඈ අද ඇදහිය නොහැකි ලෙස සුදු වෙලා. ඒක වුණේ කොහොමද කියලා මම දන්නෑ. ඒත් අද ඇය ‘පුහුල්දෝසියක්’ වෙලා.

සටහන – තුෂාධවි

Recommended For You

About the Author: Editor