ඉන්දියානු GoAir ගුවන් සේවය දකුණු ආසියාව දක්වා තම වෙළඳ කටයුතු ව්‍යාප්ත කරයි

කොළඹ – නව දිල්ලිය-කොළඹ දක්වා යාමට සහ ඒමට හඳුන්වා දීමේ ගාස්තු ලංකා රුපියල් 35,512 සිට ආරම්භ වෙයි.

කොළඹ-බැංගලෝරය – කොළඹ දක්වා යාමට සහ ඒමට හඳුනවා දීමේ ගුවන් ගමන් ගාස්තු ලංකා රුපියල් 24,900 සිට ආරම්භ වෙයි.

වසර 2020 ගෝඑයාර් පළමු ජාත්‍යන්තර ගුවන් ගමනාන්තය කොළඹට

2020 පෙබරවාරි 26 කොළඹදී : ආසියාවේ වඩාත්ම විශ්වාසදායී,නියමිත වෙලාවට වැඩකරන සහ ශීග‍්‍ර වර්ධනයක් සහිත ගුවන් සේවය වන ගෝ එයාර් ගුවන් සේවය දකුණු ආසියාව වෙත තම ව්‍යාප්තිය අඛණ්ඩව ගෙනයමින් කොළඹ -නව දිල්ලිය-කොළඹ සහ කොළඹ – බැංගලෝරය -කොළඹ වෙත සෘජු ගුවන් ගමන් සේවා ආරම්භ කළ බව දැනුම් දෙයි.

ගෝ එයාර් ගුවන් සේවය 2020 මාර්තු සිට ශ‍්‍රී ලංකාවට තම ගුවන් ගමන ආරම්භ කිරීමට බලාපොරොත්තු වන අතරලඑහි මංගල ගුවන් ගමන මාර්තු මස 20 වන දින ආරම්භ වීමට නියමිතව ඇත.ආකර්ශනීය ගුවන් ගමන් ගාස්තු සහිතව මෙම ගුවන් ගමන් වාර හඳුනවා දී ඇති අතර කොළඹ-නව දිල්ලිය-කොළඹ වෙත යාමට සහ ආපසු ඒමට ගුවන් ගමන් ගාස්තුව ශ‍්‍රී ලංකා රුපියල් 35,512 සිට සහ කොළඹ -බැංගලෝරය-කොළඹ වෙත යාමට සහ ආපසු ඒමට ගුවන් ගමන් ගාස්තුව ශ‍්‍රී ලංකා රුපියල් 24,900 සිට ආරම්භ වන බව ගුවන් සමාගම නිවේදනය කර සිටි.

එසේම ගෝඑයාර් ගුවන් සේවයේ අභ්‍යන්තර ගුවන් සේවාවන් නව දිල්ලියේ සහ බැංගලෝරයේ සිට ප‍්‍රසිද්ධ ආගමික සහ වන්දනා ස්ථානයන් පිහිටි වරණාසි ( උත්තර් ප‍්‍රදේශ්) සහ පට්නා (බිහාර්) වෙත සෘජු ගුවන් ගමන් සේවා සපයනු ලබන අතර ප‍්‍රමුඛතම බෞද්ධ සිද්ධස්ථාන පිහිටි ප‍්‍රදේශ වන බුද්ධගයා වෛශාලි, බිහාර් හි රාජ්ගීර් , උත්තර් ප‍්‍රදේශ්හි සරනාත්, ශ‍්‍රාවස්ති, කුෂිනගර් (කුසිනාරා) වැනි ස්ථාන මීට අයත් වේ.

නව ගුවන් ගමන් ආරම්භය පිලිබඳ අදහස් දක්වන ගෝඑයාර් හි කළමනාකාර අධ්‍යක්ෂ ජේ වාඩියා මහතා ” වර්ෂ 2018 සිට ජාත්‍යන්තර වෙළඳපොල වෙත ප‍්‍රවේශ වීම සඳහා අප අනුගමනය කළ වර්ධනීය උපායමාර්ගික සැලසුම් අතර එක් ප‍්‍රධාන ගුවන් ගමනාන්තයක් ලෙස ශ‍්‍රී ලංකාව හඳුන්වා දීමට පුළුවන්.මේ වන විට අප ්320බැද ගුවන් යානා 144 ක් ඇණවුම් කර තිබෙන අතර ඉදිරි වසර 7-8 කාලය තුළ දළ වශයෙන් මසකට එක් ගුවන් යානයක් අපට ලැබෙනු ඇත.

ගුවන් සේවා ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන සීරියම් ආයතනය විසින් නියමිත වෙලාවට ගුවන් ගමන් සේවා සපයන ආසියාවේ හොඳම ගුවන් සේවා 10 අතරට ගෝඑයාර් ශේණිගත කර තිබෙනවා.එසේම ගුවන් මගීන් මිලියන 1.4 ක සහභාගිත්වයෙන් කරන ලද, ඇමරිකානු පදනමක් සහිත ඇපෙක්ස් :්ඡුෑඞ සමීක්ෂණයෙදී ද තරු හතරෙන් හතරම ලබා ගැනීමට ද ගෝඑයාර් ගුවන් සේවය සමත් වී තිබෙනවා. එහිදී මගීන් විසින් සමස්ත ගුවන් ගමන් අත්දැකීම, කැබින් සේවය, ආසන සුව පහසුව, පිරිසිදුකම, සහ ආහාර පාන සම්බන්ධයෙන් තම ඇගයීම් ලබා දී තිබෙනවා.දැන් කොළඹ සිට අප සමග ගමන් ගන්නා ගුවන් මගීන්ටත් මෙම සුපිරි සේවය අත් විඳීමට හැකි බව සතුටින් ප‍්‍රකාශ කරන්න පුළුවන්.

එසේම අප හට ලබා දුන් සහයෝගය සම්බධයෙන් ශ‍්‍රී ලංකා රජයටත්, ශ‍්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියටත්, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ නිලධාරීන්ටත් අවසන් වශයෙන් අපගේ ඨී් සහකරු වන එයිට්කන් ස්පෙන්ස් සමාගමටත් මගේ හදපිරි ස්තූතිය මේ අවස්ථාවේදී පිරිනමනු ලබනවා.” යැයි පැවසීය ගෝඑයාර් සේවය ශ‍්‍රී ලංකාවේ හඳුන්වාදීමේ මාධ්‍ය සාකච්ඡුාවේදී ඨී් සහකරු වන එයිට්කන් ස්පෙන්ස් ආයතනයේ ව්‍යාපාර සංවර්ධන /වැවිලි අංශ ප‍්‍රධානි සහ අධ්‍යක්ෂ ආචාර්ය රොහාන් ප‍්‍රනාන්දු මහතා අදහස් දක්වමින් ” ගෝඑයාර් සිය 10 වන ජාත්‍යන්තර ගමනාන්තය ලෙස ශ‍්‍රී ලංකාව සනිටුහන් කිරීමත්ල එයිට්කන් ස්පෙන්ස් හි පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන රෝයල් ස්පෙන්ස් වන අප ඔවුන් සමග ගුවන් හවුල්කාරිත්වයක් ඇති කරගැනීමට හැකිවීම පිලිබඳවත් අප වඩාත් සතුටටත් ආඩම්බරයටත් පත් වෙනවා.

එයිට්කන් ස්පෙන්ස් වසර 40 කට වැඩි කාලයක් පුරා ශ‍්‍රී ලංකාව,මාලදිවයින,සහ බංගලාදේශය යන රටවල ගුවන් සමාගම් නියෝජනය කරමින් තම ව්‍යාපාර මෙහෙයවා තිබෙනවා.එසේම වසර 150 කට පෙර එයිට්කන් ස්පෙන්ස් ආයතනය තම ව්‍යාපාර ඇරඹීමේදී සිය ව්‍යාපාරික පදනම හවුල්කාරිත්වය මත ගොඩ නගා තිබෙන බව ඔබ අප සැම දන්නා කාරණයක්. එමෙන්ම අප ආයතනය අද වන විට ශ‍්‍රී ලංකාවේ හෝටල්, සංචාරක, සමුද්‍ර සේවා, ලොජිස්ටික් සොලියුෂන්ස් සහ බලශක්ති උත්පාදනය වැනි අංශයන්හි ක‍්‍රියාත්මක වන මූල්‍යමය වශයෙන් ස්ථාවර ප‍්‍රමුඛතම විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන අතර වැවිලි, රක්ෂණ, මූල්‍ය සේවා, තොරතුරු තාක්ෂණ, මුද්‍රණ සහ ඇඟලූම් යන අංශ කෙරෙහි ද ආයතනය සැළකිය යුතු අවධානයක් යොමු කර තිබෙනවා.ගෝඑයාර් ගුවන් සමාගම සමග අප ඇති කරගත් මෙම හවුල්කාරිත්වය ගමනාන්තයක් ලෙස ඉන්දියාව සඳහා වැඩිවෙමින් පවතින දේශීය වෙළඳපොළ ඉල්ලූමට සැළකිය යුතු දායකත්වයක් දැක්වීමට හැකියාව ලැබෙනු ඇතයි අප විශ්වාස කරනවා යැයි ”පැවසීය.

ගෝඑයාර් ගුවන් සමාගම ඉන්දියාවේ වසර 283 ක ගෞවරවනීය ඉතිහාසයක් සහිත වාඩියා සමුහ ව්‍යාපාරයට අයත් අතර,ඉන්දියාවේ වසර 156 ක් පැරණි Bombay Burmah වසර 140 ක් පැරණි Bombay Dyeing වසර 101 ක් පැරණි National Peroxide වසර 65 ක් පැරණි සහ දශකයක් පැරණි Bombay Realty ආදී ප‍්‍රමුඛතම සමාගම් වාඩියා සමුහ ව්‍යාපාරයට අයත් සෙසු සමාගම් වේ.ගෝඑයාර් ගුවන් සමාගම මේ වන විට දිනකට ගුවන් ගමන් වාර 300 කට අධික ප‍්‍රමාණයක් ක‍්‍රියාත්මක කරන අතර 2005 වසරේ සිට මේ දක්වා මිලියන 80 කට වැඩි ගුවන් මගීන් සංඛ්‍යාවක් වෙත තම සේවය සපයා තිබේ.

ගෝඑයාර් ගුවන් සේවය ඉන්දියාව තුළ දේශීය ගුවන් ගමනාන්ත 27 ක් සහ ජාත්‍යන්තර ගුවන් ගමනාන්ත 9 ක් ආවරණය කරන අතර අහමදාබාද්, අයිස්වාල්, බැග්ඩෝග‍්‍රා, බැංගලෝරය , භුබනේස්වර්, චන්දිගාර්, චෙන්නායි, නව දිල්ලි, ගෝවා,ගුවාටි , හයිද්‍රාබාද්, ඉන්දෝර්, ජයිපූර්, ජම්මු, කොචි, කොල්කටා, කන්නූර්, ලේ, ලක්නව් ,මුම්බායි, නාග්පූර්, පට්නා, පෝට් බ්ලෙයාර්, පූනේ, රාංචි, ශ‍්‍රීනගර් සහ වරනාසි එම දේශීය ගුවන් ගමනාන්ත වන අතර පුකෙට් ,මාලේ ,මස්කට්, අබුඩාබි, ඩුබායි, බැංකොක්, කුවේට්,දමාම් සහ කොළඹ ගෝඑයාර් හි ජාත්‍යන්තර ගමනාන්ත වේ.

ගෝඑයාර් දිනපතා ගුවන් ගමන් -ඨ8 39 අංක දරණ ගුවන් යානය සෑම දිනකම (බදාදා හැර නව දිල්ලි ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පැය 10:35 ට (දේශීය වේලාවෙන්) පිටත් වන අතර කොළඹ බණ්ඩාරනායක ගුවන් තොටුපළ වෙත පැය 14:10 ට (දේශීය වේලාවෙන්) ලඟා වේ. 8 40 අංක දරණ ආපසු ගුවන් යානය සෑම දිනකම (බදාදා හැර) කොළඹින් පැය 15:10ට (දේශීය වේලාවෙන්) වන අතර නව දිල්ලිය වෙත පැය 19:00ට (දේශීය වේලාවෙන්) ලගා වේ.

ශ‍්‍රී ලාංකික සංචාරකයින්ට නව දිල්ලියේ සුප‍්‍රසිද්ධ ආකර්ෂණීය සංචාරක ස්ථානයන් ස්ථාන වන ඉන්දියා ගේට්, කුතුබ් මිනාර්, හුමායුන්ගේ සොහොන් ගෙය, ජන්තර් මන්තර්, රතු බල කොටුව ආදිය ද ගවේෂණය කරමින් Akshardham Temple අක්ෂර්දම් පන්සල ( Lotus Temple පන්සල සහ ඉස්කොන් පන්සල Iskcon Temple යන ස්ථානයන් හි අධ්‍යාත්මික සහ ආගමික සංචාරයන් ද සිදු කර ගැනීමේ හැකියාව ලැබේ.තවද ඊට ආසන්න ගමනාන්ත වන හිමාචල් ප‍්‍රදේශ් සහ උත්තර්කන්ද් හි පිහිටි අග‍්‍රා සහ හිමාලය ද තම විනෝද චාරිකාව සඳහා එක් කර ගැනීමේ හැකියාව ලැබේ.

නව දිල්ලිය -කොළඹ – නව දිල්ලිය සෘජු ගුවන් ගමන් කාල සටහන 2020 මාර්තු 20 වන දින සිට ක‍්‍රියාත්මක වේ.

ගෝඑයාර් ගුවන් ගමන් G8 47 අංක දරණ ගුවන් යානය සෑම සඳුදා,බ‍්‍රහස්පතින්දා සිකුරාදා සහ ඉරිදා දිනකම පැය 20:05 ට (දේශීය වේලාවෙන්) සහ සෙනසුරාදා දින පැය 20:20 ට (දේශීය වේලාවෙන්) බැංගලෝරයේ කෙම්පේගවුඩා ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටත් වන අතර කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැය 21:55 ට (දේශීය වේලාවෙන්) ළගා වේ. ඨ8 48 අංක දරණ ආපසු ගුවන් යානය සෑම සඳුදා, බ‍්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා දිනකම කොළඹින් පැය 23:00 ට (දේශීය වේලාවෙන්) පිටත් වන අතර බැංගලෝරය වෙත පැය 00:30 ට (දේශීය වේලාවෙන්) ලඟා වේ.

බැංගලෝරයේදී සංචාරකයින්ට ඉතාමත් සුන්දර අත්දැකීම් විඳ ගැනීමට හැකියාව ලැබෙන අතර ශ‍්‍රී ලාංකික සංචාරකයින්ට 19 වන සියවසේ බැංගලෝර් මාළිගය සහ ටිපු සුල්තාන්ගේ ගිම්හාන මාළිගාව ගවේෂණය කිරීමේ මහඟු අවස්ථාවද මෙහිදී උදාවේ. එසේම ඊට ආසන්න ගමනාන්තයන් වන කූර්ග්, ඌටි, මයිසූර්, යේලගිරි කඳු වැටි සහ නන්දි කඳු වැටි වෙත යෑම සඳහා ද දින 2-3 ක් ඇතුළත ඉකමණින් සැලසුම් කර ගැනීමේ හැකියාව ලැබේ.

බැංගලෝරය -කොළඹ -බැංගලෝරය සෘජු ගුවන් ගමන් කාල සටහන 2020 මාර්තු 20 වන දින සිට ක‍්‍රියාත්මක වේ.

ගුවන් ටිකට්පත් සඳහා විකුණුම් කවුළුව දැනටමත් විවෘතව ඇති අතර ප‍්‍රවේශ පත‍්‍ර වෙන්කරවා ගැනීම සඳහා www’goair’in” GoAir ජංගම යෙදුම, GoAir ගුවන් තොටුපල කවුන්ටර වලින් සහ ශ‍්‍රී ලංකාවේ GSA සහකරු වන රෝයල් ස්පෙන්ස් සමාගමේ දුරකථන අංක 0112 308 308 අමතා ද ටිකට්පත් වෙන්කරවා ගැනීමේ පහසුකම් සලසා ඇත. පහත සමාජ මාධ්‍ය ඔස්සේද ගෝඑයාර් සම්බන්ධ තොරතුරු ලබා ගත හැකිය.

Bakul Gala: Vice President – Corporate Communications & PR GoAir  I  Bombay Realty  I  Bombay Dyeing Mobile: +919967720028 | Email: bakul.gala@goair.in

Recommended For You

About the Author: Editor