සජිත් පිලේ ප්‍රබලයින් පිරිසක් යළි අලියා පිට නැගීමේ සූදානමක්

එක්සත් ජාතික පක්ෂය අතහැර සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේගය සමඟ එක්වීමට එජාප සජිත් පාර්ශවයේ මන්ත්‍රීවරුන් පිරිසක් අකමැත්ත පළ කර ඇති බව වාර්තා වෙයි.

ඔවුන් කිහිප දෙනෙකු තම ආසනවල පළාත් පාලන මන්ත‍්‍රිවරුන් වෙත මේ වන විටත් දැනුම් දි ඇත්තේ පක්‍ෂය දෙකඩ වන්නේ නම් මහමැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වැදීමට අපේක්ෂා කරන බවයි.

පාරම්පරික එක්සත් ජාතික පක්ෂ ඡන්ද අහිමිවීම සහ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්ව ගුණාංග තහවුරු වී නොතිබීම හේතුවෙන් ඔහුට විශාල ජයග්‍රහණයක් ලබාගැනීමට හැකියාවක් ඇතැයි විශ්වාස කල නොහැකි බවද ඔවුනගේ අදහසයි.

සජිත් ප්‍රේමදාස මහතාට සමීප පාර්ශ්වය කටයුතු කළ කොළඹ, මහනුවර ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක වල මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම මේ බව තම දේශපාලන ආධාරකරුවන් වෙත දන්වා ඇත.

Recommended For You

About the Author: Editor