හිටපු ඇමැති රවී ඇතුළු 11ක් අත්අඩංගුවට ගන්නැයි නීතිපති උපදෙස්

මහ බැංකු බැදුම්කර වංචාවට සැකපිට හිටපු ඇමැති රවී කරුනානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද‍්‍රන් ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුලද ලිවේරා මහතා වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාට අ නියෝග කර තිබෙනවා.

2016.03.29 වැනිදා සහ 2016.03.31 වැනිදා පැවැත්වුණු බැඳුම්කර වෙන්දේසිවල සිදු කරන ලද අපරාධමය වැරදිවලට අදාළ චෝදනා සම්බන්ධයෙන් නම් කර ඇති සැකකරුවන්ට එරෙහිව ප්‍රමාණවත් කරුණු (සාධාරණ සැකයක් reasonable suspicion ) ඉදිරිපත් වී ඇති බව නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට යොමු කළ ලිපියේ සඳහන්.

සැකකරුවන්ට එරෙහිව කටයුතු කළ යුතු නීතිමය තත්ත්වයන්, අණපනත් සහ වගන්ති පිළිබඳව ද නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයා වෙත දැනුම් දී තිබේ.

නීතිපතිවරයාගේ ලිපියේ පිටපත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙතද යොමු කර ඇත.

මේ පිළිබඳ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ B 8266/2018 අංකය යටතේ මේ වන විට නඩු කටයුත්තක් ද පවතී.

අත්අඩංගුවට ගැනීමට නියෝග කර ඇති සැකකරුවන්ට වන්නේ,

01. පෙර්පෙචුවල් ට්‍රේෂරිස් ලිමිටඩ්

02. සන්ද්‍රේෂ් රවීන්ද්‍ර කරුණානායක (රවී කරුණානායක)

03. ලක්ෂ්මන් අර්ජුන මහේන්ද්‍රන්

04. අර්ජුන් ජෝශෆ් ඇලෝෂියස්

05. පලිසේන අප්පුහාමිලාගේ දොන් කසුන් ඕෂධී පලිසේන

06. ජෙෆ්රි ජෝෂෆ් ඇලෝෂියස්

07. චිත්ත රංජන් හුළුගල්ල

08. මුත්තුරජා සුරේන්ද්‍රන්

09. අජාන් ගාර්දියේ පුංචිහේවා

10. තුයිය හැන්නදිගේ බුද්ධික සරත්චන්ද්‍ර

11. සංගරපිල්ලේ පදුමනාපන්

12. බදුගොඩ හේවා ඉන්දික සමන් කුමාර

Recommended For You

About the Author: Editor