2021 ලෝක විවාහක රූ රැජින තරගාවලිය ලංකාවේදී

‘ලෝක විවාහක රූ රැජින 2021 තරගාවලිය’ ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන බව 2019 වසරේ ලෝක විවාහක රූ රැජින වූ කැරෝලයින් පූරි විසින් කොළඹ කිංග්ස්බරි හෝටලයේ දී අද (03) නිවේදනය කළාය.

ඉකුත් වසරේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස් හි පැවැති ලෝක විවාහක රූ රැජින 2020 තරගාවලියේදී කිරුළු පැළැඳීමට කැරෝලයින් පූරි සමත් වූවාය. ‘ලෝක විවාහක රූ රැජින 2021 තරගාවලිය’ ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන බව නිවේදනය කිරීමේ අවස්ථාවට ‘ලෝක විවාහක රූ රැජින 2018 තරගාවලියේ’ කිරුළ දිනූ ඇලිස් ජී ජෙනාටා ද එක්ව සිටියාය. ‘ලෝක විවාහක රූ රැජින’ සංවිධානය නියෝජනය කරමින් ඇය මෙම අවස්ථාවට එක්ව සිටියාය.

ඒ අනුව වෝග් ජුවෙලර්ස්, කිංග්ස්බරි හෝටලය සහ ජීෆ්ලොක් යන සමාගම්වල ප්‍රධාන අනුග්‍රාහකත්වයෙන් මේ වසරේ නොවැම්බර් 12 වැනිදා සිට 21 වැනිදා දක්වා ‘ලෝක විවාහක රූ රැජින 2021 තරගාවලිය’ කොළඹ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

‘ලෝක විවාහක රූ රැජින-ශ්‍රී ලංකා’හි ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ සහ ‘ද කලම්බු ලයිෆ්ස්ටයිල්’ සමාගම ‘ලෝක විවාහක රූ රැජින 2021’ තරගාවලියේ සම සංවිධායකත්ය හොබවති.

ලොව පුරා රටවල් 80ක ලෝක විවාහක රූ රැජින සංවිධානයේ අධ්‍යක්ෂවරු සිටිති. ඒ අනුව කොළඹ දී පැවැත්වෙන ‘ලෝක විවාහක රූ රැජින 2021 තරගාවලියට’ රටවල් 80ක් නියෝජනය කරමින් තරගකාරියන් සහභාගී වනු ඇත.

Recommended For You

About the Author: Editor