
හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුතු ‘නව ලංකා නිදහස් පක්ෂය’ අද (6) පිටකෝට්ටේදී ආරම්භ විය.
නව ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එහි ලේකම් තිලක් වරාගොඩ මහතා විසින් පක්ෂ නායක කුමාර වෙල්ගම මහතාට ඉදිරිපත් කර ඇති අතර නව සිහල උරුමය පක්ෂය කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුත් නව ලංකා නිදහස් පක්ෂය සමග එක්ව ඉදිරි මැතිවරණයට තරඟ කිරීමට නියමිත බව තිලක් වරාගොඩ මහතා කීය.
පිරිසිදු බණ්ඩාරනායක ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාම නව ලංකා නිදහස් පක්ෂයේ අරමුණ බව ද වරාගෙඩ මහතා සදහන් කළේය.