නවතම Huawei Y7P වෙ‍ෙළඳපොළට

ජංගම දුරකතන තාක්ෂණයේ නවොත්පාදකයා වන Huawei විසින් සිය Y පරපුරේ ස්මාර්ට් ජංගම දුරකතන මාදිලි පෙළ අතරට නවතම හඳුන්වා දීමක් පසු ගියදා සිදු කෙරිණි. මෑතකදී දියත් කරන ලද Huawei App Gallery සමඟින් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ප්‍රථම ජංගම දුරකතන මාදිලිය වන Y7P අද්විතීය විශේෂාංග රැසකින් සමන්විත සුවිශේෂී ස්මාර්ට් දුරකතන මාදිලියක් වේ.

ඉතා තියුණු, පැහැදිලි හා අලංකාර ඡායාරූප ලබා ගැනීම පහසු කිරීම සඳහා Intelligent rear කැමරා ත්‍රීත්වයකින්, 48MP ප්‍රධාන කැමරාවකින්, 8MP Ultra Wide Angle කැමරාවකින් සහ 2MP depth කැමරාවකින් Y7P සමන්විත වේ.

තවද Y7Pහි සුවිශේෂී AI intelligent scene recognition තාක්ෂණය හරහා ස්වයංක්‍රීයව කාණ්ඩ 21ක් පුරා 500කට අධික දර්ශන ප්‍රමාණයක් තත්කාලීනව හඳුනා ගැනීමේ පහසුකම සපයයි.

Recommended For You

About the Author: Editor