Hutch මුළු දිවයිනම 4G තාක්ෂණයෙන් බල ගන්වයි

අන්තර්ජාතික සන්නිවේදන දැවැන්තයා වන, CK හචිසන් හෝල්ඩින්ග්ස් අනුබද්ධිත හචිසන් ටෙලිකොමියුනිකේෂන්ස් ලංකා හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැනුම් දුන්නේ, දැවැන්ත ජාල ඒකාබද්ධ වීම මගින් දැන් රටපුරාම පාරිභෝගිකයන්ට සුවිශාලතම හා හොඳම 2G, 3G හා 4G සේවාවක් ලබා දිය හැකි බවයි. ශ්‍රී ලංකාවෙහි 4G ජාල ආවරණය සම්පූර්ණ කරමින් සමාගම එහි නවතම තේමා පාඨය “Be. Anywhere” යනුවෙන් නවතම මුහුණුවරකින් එළි දක්වා තිබේ.

මෙම ජාල ද්විත්වය ඒකාබද්ධ කරමින් කරන ලද වැඩි දියුණු කිරීම මගින් 12000 කට අධික ග්‍රාම නිලධාරී කොට්ඨාස ප්‍රමාණයක මිලියන ගණනක් වන පාරිභෝගිකයින්ට සම්බන්ධතාව ලබා දෙන අතර, ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය කෙරෙමින් 95% ක තරම් සුවිශාල ජාල ආවරණයක් සැපයේ. රටපුරා ස්ථාන 3500 කට වැඩි ප්‍රමාණයක් ඒකාබද්ධ කිරීම අරඹමින් 4G ජාල ව්‍යාප්ත කිරීම ඉතා සංකීර්ණ කටයුත්තක් බවට පත් විය. ශ්‍රී ලංකාවේ ඉංජිනේරුවන් 400කට වැඩි පිරිසක්, තාක්ෂණික සහායක කාර්ය මණ්ඩලය මෙන්ම, රටවල් කිහිපයකින්ම පැමිණි විදෙස් විශේෂඥයෝද, වාර්තාගත මාස 12 කාලයකින් එම කටයුත්ත සම්පූර්ණ කර ගැනීම සඳහා සිය දැනුම හා හැකියාව සපයා තිබිණි.

“හච් හා එටිසලාට් ජාල දෙක ඒකාබද්ධ කිරීමේ කටයුත්ත 100%ක් සාර්ථක වූ බව ඉතා සතුටින් ප්‍රකාශ කරන්න කැමතියි. පසුගිය වසරේ පැවති අයහපත් වාතාවරණය නොකතා, මෙවැනි භාරදූර කාර්යයක් සැලසුම්ගත කාලයකින් නිම කළ අපේ ඉංජිනේරු හා තාක්ෂණික කණ්ඩායම් පිළිබඳව අපි ආඩම්බරයට පත් වෙනවා.

ජාල ද්විත්වය සම්බන්ධ කිරීමෙන් ලද විජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් හච් ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා සඳහන් කළේය.

Recommended For You

About the Author: Editor