පොහොට්ටුව බිහිකළ – මහින්ද වෙනුවෙන් පාරට බැස්ස පාක්ෂිකයින්ට නාමල්ගෙන් සහතිකයක්

මහ මැතිවරණයේදී කුමන පක්‍ෂයක් පොහොට්ටුවට එක් වුණත් පොහොට්ටුව ගොඩනගන විට මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවෙන් පාරට බැස්ස පාක්‍ෂිකයන් ආරක්ෂා කරන බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පැවසුවා.

නාමල් රාජපක්ෂ මහතා මේ බව පවසා සිටියේ වීරකැටිය කාල්ටන් නිවාසේදී පැවති මුල්කිරිගල ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනුයි.

නාමල් රාජපක්ෂ මහතා මෙසේද සදහන් කළා.

‘එදා මහින්ද රාජපක්‍ෂ මහත්මයාට විරුද්ධව එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව චෝදනා කරද්දී ඔබයි ඒ වෙනුවෙන් පෙනීසිටියේ. පෙනී සිටියා පමණක් නොවෙයි ඉතා කෙටි කලකින් ‘පොහොට්ටුව’ ගොඩනගලා ලංකාවේ බහුතර ආසන සංඛ්‍යාවක් ජයග්‍රහණය කරවලා දේශපාලන ඉතිහාසයේ දැවැන්තම බලවේගය බවට එය පත් කළා. එ නිසා අද මොන අය අපට එකතු වුණත් අපි පොහොට්ටුව හදනකොට මහින්ද රාජපක්‍ෂ මහත්මයා වෙනුවෙන් පාරට බැහැපු පිරිස අපි ආරක්‍ෂා කරනවා’

Recommended For You

About the Author: Editor