‘ප්‍රසන්න’ පොදුජන අරගලයේ නොකී කතාව අද දොරට වඩී

දිනමිණ පුවත්පතේ මාධ්‍යවේදී ධනුෂ්ක ගොඩකුඹුර මහතා විසින් රචිත ‘ප්‍රසන්න’ පොදුජන අරගලයේ නොකී කතාව, ග්‍රන්ථය එළිදැක්වීම අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වේයන්ගොඩ, නයිවල ජයසිංහ සිටි සෙන්ටර් හිදී අද (11) සවස 5.00ට සිදුවේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය 2015 වසරේ ජනවාරි මස 8 වැනි දා පැවැති ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීමෙන් පසුව පසුගිය 2019 වසරේ නොවැම්බර් මස 16 වැනි දා පැවැති ජනාධිපතිවරණය තෙක් කාල පරිච්ඡේදයේ සිදු කළ අරගලය ,කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමැති ප්‍රසන්න රණතුංග මහතා දකින ආකාරය මේ ග්‍රන්ථය මඟින් පෙන්වා දෙයි.

මේ ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාවට මැති ඇමැතිවරු, කලාකරුවන්, විද්වතුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වීමට නියමිතය.

Recommended For You

About the Author: Editor