ට‍්‍රම්ප් සමග අල්ලාප සල්ලාපයේ යෙදුණු බ‍්‍රසීල නිලධාරියාට කොරෝනා

ඉදිරි පැය කිහිපය තුළ තමන් කොවිඩි-19 ආසාදිතයකු දැයි දැන ගැනීමට හැකි වනු ඇති බව බ්‍රසීල ජනාධිපති ජයර් වොල්සොනාරො ප්‍රකාශ කළ බව රොයිටර් පුවත් සේවය කියනවා. එහි වැඩි දුරටත් සදහන් වන්නේ බ‍්‍රසීල ජනාධිපතිවරයා සමග අමෙරිකාවේ සංචාරයක නිරත වූ පුද්ගලයකු කොරෝනා ආසාදිතයකු බව හඳුනා ගැනීමත් සමග ජනපතිවරයා ද වෛද්‍ය පරීක්ෂණයට මුහුණ දී ඇති බවයි.

බ‍්‍රසීල ජනපතිවරයා ඇතුළු පිරිස එම සංචාරය අතරතුරු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද මුණ ගැසී ඇති බව කියන රොයිටර් වාර්තාව පසුගිය බ්‍රහස්පතින්දා (12) ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා බ්‍රසීල් ජනාධිපති ජයිර් බොල්සොනාරෝ ෆ්ලොරීඩාවේ මාර් ඒ ලාගෝ හෝටලයේදී රාත්‍රී කෑමකට සහභාගී වී වූ බව ද සදහන් කරනවා.

එහිදී බ්‍රසීල රාජ්‍ය නිලධාරියෙකු හා එකට එකතු වී ජනපතිවරුන් දෙදෙනා කතාබහ කර ඇති අතර බ්‍රසීල නිලධාරියාට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබී ඇති බව පසුව හදුනා ගෙන තිබෙනවා. ඉහත ඡායාරූපයේ ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ වම් පසින් හිස් වැසුමක් දමා සිටින්නේ එම නිලධාරියායි.

Recommended For You

About the Author: Editor