සුපිරි ටෙනිස් ශූරිය සුරූපී ‘නයෝමි ඔසාකාගේ’ කුළුදුල් විලාසිතා දැක්ම

මගේ පළමු ආදරය ටෙනිස්… දෙවැනි ආදරය මෝස්තර නිරූපණය’ මෙහෙම කියන්නේ කවුද කියලා දන්නවාද ? ඒ තමයි ටෙනිස් ලෝකයේ ආදරය දිනාගත් ජපානයේ සකුරා මල, ‘නයෝමි ඔසාකා’

නයෝමි Naomi Osaka ජපන් ජාතිකයින් අතර වීරවරියක් වන්නා සේම ජපන් තරුණයින්ගේ සිහින කුමාරියක්. ඇය ලෝකයේ අංක එකේ ටෙන්ස් ක‍්‍රීඩිකාව වන ‘සෙරීනා විලියම්ස්’ පරාජය කළ දා මුළු ජපානයම සතුටින් උද්දාම වුණා.

නයෝමි ගැන තවත් කියනවා නම් ඇය තමයි වැඩිම වත්කමක් ඇති ටෙනිස් ක‍්‍රීඩිකාවන් අතර සෙරීනාට පමණක් දෙවැනි වන්නේ.

දැන් අපි යන්න යන්නේ ගසට – පොත්ත මෙන් බැදී නැති නයෝමි – ටෙනිස් ගැන නෙමෙයි නයෝමි ගැන අලුත්ම කතාවක්. ඒ තමයි නයෝමි තමන්ගේ තවත් සිහිනයක් ජය ගනිමින් විලාසිතා ලෝකයට පැමිණි බව.

‘මගේ පළමු ආදරය තමයි ටෙනිස්. දෙවැනි ආදරය මෝස්තර නිරූපණය. එය අලුතින් ඇති වුණ සිහිනයක් නොවෙයි මම කුඩා කළ සිට දැක්ක සිහිනයක්. මම කුඩා කාලේ මගේ නැගණිය ‘මාරි’ එක්ක පුංචි පුංචි විලාසිතා කළා. ඒ සිහිනය තමා මම දැන් සැබෑ කර ගනිමින් ඉන්නේ’ නයෝමි කිව්වා.

නයෝමි මෝස්තර නිරූපණ ක්ෂේත‍්‍රයට පැමිණීමේදී තමාට අතහිත දුන් ජපන් ජාතික නිරූපණ ශිල්පියෙක් වන ‘හැනකෝ මේදාට’සිය ස්තුතිය පුද කිරීමටත් අමතක කළේ නැහැ.

දැන් අපි එම නයෝමිගේ පළමු මෝස්තර නිරූපණ ප‍්‍රදර්ශනය වෙත. නයෝමිගේ කුළුදුල් මෝස්තර නිරූපණ ප‍්‍රදර්ශනය පසුගිය දා පැවැත් වුණා. ඒ ‘ඇඩම්ස් ෆෝල් 2020 ADEAM’s fall 2020 show නමින්.

එදා හැමෝගේම ඇස් තමා වෙත ඇද ගැනීමට ටෙනිස් පිටියේ සුපිරි දක්ෂතා පාන මේ සුරූපිනියට හැකියාව ලැබුණ බවයි ජාත්‍යන්තර මාධ්‍ය කිව්වේ.

Text and pictures by – vogue.com – Text by Thushadhavi

Recommended For You

About the Author: Editor