Voice of දියවන්නා: මිනුවන්ගොඩ කුඩු ජාවාරම ගැන ‘ජනපතිගෙන් හෙළිදරව්වක්’

සටහන – ගජබා නාගහවත්ත

මම මේ ගැන ප්‍රසන්න ඇමතිතුම එක්කත් කථා කළා. එතුමා තමයි අර මිනුවන්ගොඩ කුඩු ජාවාරම ගැන තොරතුරැ ලබා දීලා තියෙන්නෙත්. අපි ආණ්ඩුවක් විදිහට කුඩු පාතාළය නැති කරන්ක පුළුවන් හැමදේම කරනවා. ..,” ජනාධිපතිවරයා කීවේය

පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ පසුගිය සතියේ දිවයිනේ සියලුම පොහොට්ටු පළාත් පාලන මන්ත්‍රීවරුන් කොළඹට කැදවා තිබුණි. ඒ මහ මැතිවරණයේ දී ආසන මට්ටමින් ගත යුතු ඉලක්ක ලබා දීම සදහාය.

පොහොට්ටුවට තුනෙන් දෙකක බහුතර බලයක් ලබා ගැනීම සදහා කොට්ඨාශ හා ආසන මට්ටමින් ලගා කර ගතයුතු ඉලක්ක ලබා දී එම ඉලක්ක සපුරා ගැනීම සදහා ගත යුතු පියවර පිළිබදව බැසිල් මෙහි දී පළාත් සභා මන්ත්‍රීවරුන්ට උපදෙස් දුන්නේය. පසුගිය බදාදා මෙලෙස කොළඹට කැදවා තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ය.

රැස්වීමට දිස්ත්‍රික් නායක ඇමති ප්‍රසන්න රණතුංග පැමිණියේ ඔහු විසින් සකස් කළ මැතිවරණ ඉලක්ක ඇතුළත් ලේඛනයක් ද රැගෙනය. ප්‍රසන්නගේ ඉලක්ක සටහනත්, බැසිල්ගේ ඉලක්ක සටහනත් හරි අපූරුවට ගැලපි තිබුණි. ප්‍රසන්නගේ ඉලක්ක වී තිබුණේ ගම්පහින් පොහොට්ටු මන්ත්‍රීවරුන් 13 දෙනෙකු ලබා ගැනීමය. ඒ සදහා ලබා ගත යුතු ඡන්ද ප්‍රමාණය පිළිබදව ඔහු මීට පෙර දිස්ත්‍රික්කයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට ද කටයුතු කර තිබිණි.

“ අපේ වාර්තාවලට අනුව නම් ගම්පහ ඔබතුමාගේ ඉලක්ක ලගා කර ගනිමින් ඉන්නවා.  දිස්ත්‍රික්කයේ කැම්පේන් එක වගේ ම ඔබතුමාගේ කැම්පේන් එකත් ඉතාම ඉහළින් තමයි තියෙන්නේ”​ බැසිල් ප්‍රසන්නට සහතිකයක් දෙමින් කීවේය.

“අපි සර් හැමදාම වගේ ටීම් එකක් විදිහට තමයි වැඩ කරන්නේ. තම තමන්ගේ මනාප හදාගන්නවා වගේම අපේ අය වැඩිපුර උනන්දු වෙන්නේ පොහොට්ටුවට ඡන්ද ටික ගන්න. අපේ ටාගට් එක මේ පාර ගම්පහින් වැඩි ඡන්ද ලක්ෂ 05 ක්” ප්‍රසන්න පැහැදිලි කළේය.

“ඔව්. ඔව්. මටත් ආරංචියි. තැපැල් ඡන්ද එහෙම ගම්පහ හොදටම කෙරුණා කියලා. හැබැයි අපේ මැතිවරණ ව්‍යාපාරයේ දී අපි පරිසරය ගැනත් වැඩි අවධානයක් යොමු කරන්න ඕන ඇමතිතුමා. ” බැසිල් කීවේය.

“ඒ කිව්වේ සර්…”ප්‍රසන්න ඇසුවේය.

“නෑ. මම කිව්වේ ගම්පහ කාර්මීකරණයට ලක් වුණ දිස්ත්‍රික්කයක්. ඔය කර්මාන්තශාලාවලට අනුමැතිය දෙනකොට පරිසර පද්ධතිය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මිනිස්සුන්ට බොන්න හොද වතුර ටිකක් ලැබෙන, මිනිස්සුන්ට හොද වාතාශ්‍රයක් ලැබෙන පරිසරයක් අපි ඡන්දෙන් පස්සේ ගම්පහ හදන්න ඕනේ.” බැසිල් පැහැදිලි කළේය.

ඒ වුණාට සර්… යහපාලනය ඒක අතැරලා දැම්මනේ. දැන් ආයෙත් ගම්පහ යට වෙන්න පටන් අරන්. අපේ ආණ්ඩුවක් ආපුවාම ඒක නැවත පටන් ගන්න ඕනේ”. ප්‍රසන්න කීවේය.

“ ඒක ඇත්ත සර්. අපි කර්මාන්තශාලා වලට අනුමැතිය දෙද්දී මීට වඩා පරිසර පද්ධතිය ගැන හිතන්න ඕනේ. BOI එන හරහා මම දැනටමත් ඒ වැඩේ කරනවා. ජල ප්‍රශ්නය ගත්තොත් නම් සර් ඔබතුමා ඉන්න කාලේ කරස්නා ජල ව්‍යාපෘතිය පටන් ගත්තනේ. ඒත් යහපාලනය ඒක අතරමග නතර කළා. දැන් අපි ආපහු ඒ ව්‍යාපෘතිය පටන් ගත්තා”. ප්‍රසන්න කීවේය.

“මම ඉන්නකාලේ ගම්පහ ගංගා, ඇළවේලි සුද්ධ කරලා ගංවතුර පාලනය කරන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළා”​ බැසිල් සිහිපත් කළේය.

“ ඒ වුණාට සර්… යහපාලනය ඒක අතැරලා දැම්මනේ. දැන් ආයෙත් ගම්පහ යට වෙන්න පටන් අරන්. අපේ ආණ්ඩුවක් ආපුවාම ඒක නැවත පටන් ගන්න ඕනේ”. ප්‍රසන්න කීවේය.

ඉදිරි සති අන්ත වල ක්‍රියාත්මක කරන්න නියමිත පක්ෂයේ ගෙන් ගෙට යාමේ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම පිළිබදව ද මෙම රැස්වීම් වල දී බැසිල් පළාත් පාලන නියෝජිතයන්ට අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.  ඒ අතර බැසිල් මහ මැතිවරණයේ දි සිය කැමැත්ත ගැන ද කීවේය.

“මමත් කැමතියි අගෝස්තු 05 වෙනිදාට පොහොට්ටුවේම වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට එනවට”. බැසිල් සිය කැමැත්ත කීවේ ළග සිටි ප්‍රසන්න දෙසද බලමින් වීම විශේෂත්වයකි.  

මම මේ ගැන ප්‍රසන්න ඇමතිතුම එක්කත් කථා කළා. එතුමා තමයි අර මිනුවන්ගොඩ කුඩු ජාවාරම ගැන තොරතුරැ ලබා දීලා තියෙන්නෙත්. අපි ආණ්ඩුවක් විදිහට කුඩු පාතාළය නැති කරන්ක පුළුවන් හැමදේම කරනවා. ..,” ජනාධිපතිවරයා කීවේය

ජනාධිපති ගෝඨාභය මේ දිනවල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන්ට සහාය දැක්වීමට රට වටා යයි. පසුගිය බදාදා ගෝඨාභය ගියේ ගම්පහය. ගම්පහ පළමු රැස්වීම පැවැත්වුණේ බියගමය. බියගමට පැමිණි ජනාධිපතිවරයාගෙන් ජනතාව විශේෂ ඉල්ලීමක් කළේය. ගම්පහ කුඩු ජාවාරම හා පාතාළය නැති කිරීමට පියවර ගන්නා ලෙසය. බියගම ජනතාව හමු වන අවස්ථාවට ඇමති ප්‍රසන්න රණතුංග ද පැමිණ සිටියේය. ජනහමු අවසානයේ ජනාධිපතිවරයා ප්‍රසන්නට කථා කළේය.

“ප්‍රසන්න අනිත් රැස්වීම් ටිකට යමු මාත් එක්ක.” ජනාධිපතිවරයා ප්‍රසන්නට කීවේය.

ජනාධිපතිවරයාගේ වාහනයේ නැගුණු ප්‍රසන්න ගම්පහ දිස්ත්‍රික්කයේ අනෙක් රැස්වීම් වලට ගියේ ජනාධිපතිවරයා සමගමය. ඒ යන අතරතුර දෙදෙනා අතර බොහෝ දේ කථාබහ වූයේය. මැතිවරණය, ප්‍රතිඵල, ඉදිරි දේශපාලන කටයුතු ගැනද දෙදෙනා අතර අදහස් හුවමාරු විය. ගම්පහ රැස්වීම් බොහොමයක ඉතා විශාල පිරිසක් සහභාගී වීම විශේෂත්වයක්. ඉන් කැපී පෙණුණේ වත්තල ජන හමුවටය. එහි සුදානම් කර තිබුණේ හිටපු රාජ්‍ය ඇමති නිමල් ලාන්සාය.

ජනාධිපතිවරයා ගිය සෑම රැස්විමක දීම විශේෂ ඉල්ලීමක් ලෙස ඉදිරිපත් වුයේ කුඩු හා පාතාලය මර්දනය කිරීමය. මීරිගම දී ජනාධිපතිවරයා ඊට උත්තර දුන්නේය.

“මම මේ ගැන ප්‍රසන්න ඇමතිතුම එක්කත් කථා කළා. එතුමා තමයි අර මිනුවන්ගොඩ කුඩු ජාවාරම ගැන තොරතුරැ ලබා දීලා තියෙන්නෙත්. අපි ආණ්ඩුවක් විදිහට කුඩු පාතාළය නැති කරන්ක පුළුවන් හැමදේම කරනවා. ..,” ජනාධිපතිවරයා කීවේය.

සටහන – ගජබා නාගහවත්ත

Recommended For You

About the Author: Editor