
ඡායාරූපයක් වචන 1000ක් කියනවා කියලා කතාවක් තිබෙනවා. ඒත් ඇත්තටම ඇතැම් ඡායාරූප දිහා බලන කොට හිතෙන්නේ ඒවා වචන බිලියන ගණනක් කියනවා වාගේ. ඒ කියන්නේ ඡායාරූප ඒ තරම්ම ප්‍රබල ප්‍රකාශන මාධ්‍යයක්.
මේ තත්ත්වය නිසාම ‘ප්රවෘත්ති ඡායාරූපකරණය‘ කියන්නේ ජාත්‍යන්තර මාධ්‍යවල සුවිශේෂ අංගයක්. එම ආයතනවල ඡායාරූප ශිල්පීන් හොද ප්රවෘත්ති ඡායාරූපයක් ගැනීමට නොගන්න වෙහෙසක් නැහැ. නොතකන අවදානමක් නැහැ. ඒ නිසාම ජාත්‍යන්තර මාධ්‍යවල නිරන්තරයෙන් අගනා ප්රවෘත්ති ඡායාරූප පළවෙනවා. ඒත් මෙහිදී වැදගත් දෙයක් තිබෙනවා. ඒ අප්‍රිකානු මහද්වීපයේ කොතරම් ප්‍රබල පුවත් වාර්තා වුණත් ඒවා ඡායාරූපයට නැගී ජාත්‍යන්තර මාධ්‍යවල අවධානයට ලක් වෙන්නේ විරල වශයෙන්.
ඒත් ලෝ ප්‍රකට බී.බී.සී ආයතනය සතිපතා අප්‍රිකානු මහද්වීපයේ ප්රබලතම ප්රවෘත්ති ඡායාරූප එකතුව පළ කරනවා. දැන් ඔබට පුළුවන් මහාද්වීපය පුරා සහ ඉන් ඔබ්බෙන් පසුගිය සතියේ හොඳම ඡායාරූප තෝරා ගැනීමට.
















ඡායාරූප – ඒඑෆ්පී, ගෙටි ඉමේජස්, ඊපීඒ සහ රොයිටර්