යහපාලන ආණ්ඩුව ‘බාහිර උපාධියට දැම්ම සීමා’ වහාම ඉවත් කරනවා – ඇමැති ප්‍රසන්න

ඇමතිවරයා මෙහිදී කියා සිටියේ පහුගිය යහපාලන රජයේ හිටපු උසස් අධ්‍යාපන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් 2016 අංක 17 දරණ චක්‍ර ලේඛය නිකුත් කරමින් බාහිර උපාධි පාඨමාලා සදහා සිසුන් බදවා ගැනීම සීමා කර තිබු බවයි. මේ හේතුවෙන්  2016, 2017, 2018 හා 2019 යන අධ්‍යනය වර්ෂවල සිසු සිසුවියන් 25,000 කට පමණ උපාධි වරම් අහිමි වී තිබේ.

බාහිර උපාධි පාඨමාලා සදහා නවක සිසු සිසුවියන් ලියාපදිංචියට පණවා ඇති සීමා ඉවත් කිරීමට රජයේ අවධානය යොමු වෙයි. මේ පිළිබද ව ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ සහ උසස් අධ්‍යාපන ඇමතිවරයාගේ අවධානය යොමුව ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

සමස්ථ ලංකා බාහිර උපාධිධාරින්ගේ සංගමයේ රැස්වීමක දී ඇමතිවරයා මේ බව සදහන් කළේය. රැස්වීම ඊයේ (25) නයිවල ජයසිංහ උත්සව සිටි සෙන්ටර් හිදි පැවැත්විණි.

ඇමතිවරයා මෙහිදී කියා සිටියේ පහුගිය යහපාලන රජයේ හිටපු උසස් අධ්‍යාපන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් 2016 අංක 17 දරණ චක්‍ර ලේඛය නිකුත් කරමින් බාහිර උපාධි පාඨමාලා සදහා සිසුන් බදවා ගැනීම සීමා කර තිබු බවයි. මේ හේතුවෙන්  2016, 2017, 2018 හා 2019 යන අධ්‍යනය වර්ෂවල සිසු සිසුවියන් 25,000 කට පමණ උපාධි වරම් අහිමි වී තිබේ.

සමස්ථ ලංකා බාහිර උපාධිධාරින්ගේ සංගමය මේ පිළිබදව සිය අවධානය යොමු කිරිමෙන් පසු ජනාධිපතිවරයා, අගමැතිවරයා, උසස් අධ්‍යාපන ඇමතිවරයා සහ විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් ඒ අනුව ඉතා කඩිනමින් මෙම ගැටළුවට විසදුම් ලබාදීමට එකගත්වය පළ වු බවත් ඇමතිවරයා මෙහිදී කියා සිටියේය.

දැනට ලියාපදිංචිය සීමා කර ඇති 2016,2017,2018 හි 2019 යන වර්ෂවල සිසු සිසුවියන් ඉදිරියේ දි ලියාපදිංචි කර ගැනීම සදහා රජයේ අවධානය යොමුව තිබේ. අවස්ථා 04 කදී ඔවුන් ලියාපදංචි කර ගැනීමට නියමිත අතර ඉතා ඉක්මණින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂම ඊට අදාළ පියවර ගනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ඇමතිවරයා කීවේය.

මෙම රැස්වීමේ දී වැඩිදුරටත් අදහස් පළ කළ ඇමති ප්‍රසන්න රණතුංග මහාත ප්‍රකාශ කළේ බාහිර උපාධි පාඨමාලා වල ගුණාත්මක භාවය ඉහළ නැංවීම කෙරෙහි රජය පූර්ණ අවධානය යොමු කර ඇති බවයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රට හදන සෞභග්යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් ද මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර ඇත. දැනට රජයේ විශ්ව විද්‍යාල සහ විවිධ උසස් අධ්‍යාපන ආයතන වලට ඇතුළු කර ගන්නා ශීෂ්‍ය සංඛ්‍යාව වැඩි කිරිමට අපේක්ෂිතයි.

ඒ සදහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, කාර්යය මණ්ඩල සාමාජිකයන්  හා අනෙකුත් යටිතල පහසුකම් නව රජය බලයට පත් වී කෙටි කාලයක් තුළ ලබා දීමට පියවර ගන්නා බව ද ඇමතිවරයා කීවේය.

ගෝඨාභය රාජපක්ෂ – මහින්ද රාජපක්ෂ රජයේ අපේක්ෂාව වන්නේ විශ්ව විද්‍යාල ප්‍රවේශ සුදුසුකම් ලබන සියලු දෙනාට උපාධියක් හෝ උපාධියක් දක්වා යාමට අවශ්‍ය වැඩපිළිවෙලක් සැකසීමයි. උපාධිධාරියා රැකියාවක් ඉල්ලා පාරට නොබසින රැකියා වෙළදපොළ උපාධිධාරියා සොයා එන නූතන ලෝක අවශ්‍යතා වලට අනුගත විය හැකි කාර්යශූර්ය උපාධිධාරියෙකු නිර්මාණය කිරීම උසස් අධ්‍යාපනය පිළිබද ව රජයේ ප්‍රතිපත්තිය බව පෙන්වා දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා නව රජය පත් වූ වහාම උපාධිධාරින්ට රැකියා ලබා දීමේ වැඩපිළිවෙල ආරම්භ කරන බවද කීවේය.

සමස්ථ ලංකා බාහිර උපාධිධාරි සංසදයේ සභාපති සරත් වන්නිනායක මහතා මෙහිදී සදහන් කළේ ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ මැදිහත්වීම මත මෙම ගැටළුවට විසදුම් ලැබුණු බවයි. බාහිර උපාධි අපේක්ෂයන් මුහුණ දෙන අනෙකුත් ගැටළු වලටද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය මගින් විසදුම් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු කීවේය.

Recommended For You

About the Author: Editor