මහින්ද රාජපක්ෂ කියන්නේ බෝධිසත්ව ගුණ තියෙන නායකයෙක් – ඇමති ප්‍රසන්න

මෙවර අපි පොහොට්ටුවෙන් ඉදිරිපත් කර තිබෙන්නේ වැඩ කළ හැකි පිරිසක්. විශේෂයෙන්ම ඕන  කණ්ඩායමේ නායක ප්‍රසන්න රණතුංග ඇතුළු පිරිස සුවිශේෂයි. ප්‍රසන්න කියන්නේ වැඩ කළ හැකි නායකයෙක්. අපේ ආණ්ඩුවට ප්‍රසන්න අත්‍යවශ්‍යයි. ඒ නිසා ප්‍රසන්න රණතුංගව අපිත් එක්ක ආයෙත් වැඩ කරන්න ඉහළම මානාපයෙන් පාර්ලිමේන්තුවට එවන්න- අගමැති මහින්ද

‘මහින්ද රාජපක්ෂ කියන්නේ බෝධිසත්ව ගුණ තියෙන නායකයෙක්. තමන්ට තමන්ගේ පවුලට විණ කරපු අයට සමාව දෙන්න පුළුවන් එහෙම නායකයෙකුට විතරයි. යහපාලන ආණ්ඩුව කාලයේ මහින්ද මහත්තයාගේ පවුලෙන් අපෙන් විතරක් නෙමෙයි රටෙන්ම පළිගත්ත යහපාලන නායකයන්ට සමාව දෙන්න මහින්ද මහත්තයාට පුළුවන් වෙලා තියෙන්නේ ඒකයි. මන්දා මට නම් ඕක කර කරන්න බෑ. ඒකයි මම කියන්නේ මහින්ද මහත්තයා බෝධි සත්ව ගුණ තියෙන නායකයෙක් කියලා’

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග මහාතාගේ ජය තහවුරු කිරීම සදහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධානත්වයෙන් ඊයේ (28) මිනුවන්ගොඩ සතිපොළ භූමියේ පැවති ජනහමුවේ දි ඇමැති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ අගමැති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ,

‘මෙවර අපි පොහොට්ටුවෙන් ඉදිරිපත් කර තිබෙන්නේ වැඩ කළ හැකි පිරිසක්. විශේෂයෙන්ම ඕන  කණ්ඩායමේ නායක ප්‍රසන්න රණතුංග ඇතුළු පිරිස සුවිශේෂයි. ප්‍රසන්න කියන්නේ වැඩ කළ හැකි නායකයෙක්. අපේ ආණ්ඩුවට ප්‍රසන්න අත්‍යවශ්‍යයි. ඒ නිසා ප්‍රසන්න රණතුංගව අපිත් එක්ක ආයෙත් වැඩ කරන්න ඉහළම මානාපයෙන් පාර්ලිමේන්තුවට එවන්න‘ යනුවෙනි.

ජනහමුව ඇමතූ ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද සදහන් කළේය.

ඔබතුමා පරාජයට පත්වෙච්ච දවසේ ඉදන් අපට තිබුණේ  එක අරමුණයි. ඒ ඔබතුමා නැවත මේ රටේ නායකත්වට ගේන්න. අපි අවුරුදු හතර මහාරක් තිස්සේ කරපු පොදුජන අරගලයේ අවසන් සටන තමයි ඒ. මේ සටන අපි එදාට ජයග්‍රහණයෙන් කෙළවර කරනවා. ඒ සටනෙන් පස්සේ  අපි තවත් සටනක් පටන් ගන්නවා. ඒ සටනට නායකත්වය දෙන්නේ වසර 30 ක් පැවති කොටි යුද්ධය අවසන් කරපු නායකයන් දෙපළ. ඒ සටන තමයි සංවර්ධන සටන. රට දියුණු කිරිමේ සටන. අපි ඒ සටනේ දීත් එදා අද වගේම අනාගතයේදීත් ඔබතුමා සමග ඉන්නවා.

මහින්ද රාජපක්ෂ කියන්නේ බෝධිසත්ව ගුණ තියෙන නායකයෙක්. තමන්ට තමන්ගේ පවුලට විණ කරපු අයට සමාව දෙන්න පුළුවන් එහෙම නායකයෙකුට විතරයි. යහපාලන ආණ්ඩුව කාලයේ මහින්ද මහත්තයාගේ පවුලෙන් අපෙන් විතරක් නෙමෙයි රටෙන්ම පළිගත්ත යහපාලන නායකයන්ට සමාව දෙන්න මහින්ද මහත්තයාට පුළුවන් වෙලා තියෙන්නේ ඒකයි. මන්දා මට නම් ඕක කර කරන්න බෑ. ඒකයි මම කියන්නේ මහින්ද මහත්තයා බෝධි සත්ව ගුණ තියෙන නායකයෙක් කියලා.

මේ රට නැවත ගොඩගන්න පුළුවන් මහින්ද – ගෝඨාභය සුසංයෝගයට විතරයි. ඒ නිසා මෙවර අපිට එදා 2015 දි කරපු වරද නිවැරිදි කරගන්න අවස්ථාව ලැබි තියෙනවා. එදා යහපාලනයේ සිටි අය අද දෙපැත්තට බෙදී ඇණ කොටා ගන්නවා. මොන විදිහට ආවත් යහපාලනයේ හිටපු හැමෝම පහුගිය වසර හතර හමරේ සිදු වූ විනාශයට වග කිව යුතුයි. ඒ පාපයෙන් මිදෙන්න කිසිවෙකුට බෑ. ඔය බැටළු වෙස් ගෙන එන ව්‍යාඝ්‍රයන්ට රැවටෙන්න එපා.

මහාචාර්ය ජී.එල් පීරිස් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ ලේකම් රේණුක පෙරේරා යන මහත්වරුද මෙහි දි කථා කළහ. මාධ්‍යවේදි ධනුෂ්ක ගොඩකුඹුර විසින් රචිත ප්‍රසන්න පොදුජන අරගලයේ නොකී කථා ග්‍රන්ථය අගාමාත්‍යවරයා වෙත පිරිනැමීම ද මෙහි දී සිදු විය.

Recommended For You

About the Author: Editor