5000ක දීමනාව නැවත අය කරගන්නා බවට විපක්ෂය ගෙන යන ප්‍රචාර සාවද්‍යයි – ඇමති ප්‍රසන්න

කොවිඩ් 19 න් පීඩාවට පත් වූ ජනතාවට ලබා දුන් රුපියල් 5000 ක දීමනාව නැවත අය කරගන්නා බවට විපක්ෂය ගෙන යන ප්‍රචාරය සාවද්‍ය බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ මෙය ජනතාව නොමග යැවීම සදහා හිතාමතා කළ ප්‍රකාශයක් බවයි.

කොවිඩ් 19  න් පීඩාවට පත්වූ පවුල් වලට රජය රුපියල් 5000 බැගින් ලබා දුන් අතර එය පවුල් ලක්ෂ 71 කට ලබා දි තිබේ. අප්‍රියෙල් හා මැයි මාස සදහා මෙම 5000 දීමනාව ලබා දුන් අතර ජූනි මාසයේද එය ලබා දිමට සැලසුම් කර තිබුනද මැතිවරණ කොමසාරිස්වරයාගේ නියමයෙන් එය අත්හිටවනු ලැබූ බව ඇමතිවරයා කියයි.

පසුගිය දිනවල මැතිවරණ වේදිකාවේදී සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා තිබුණේ අදාල දීමනාව නැයත අය කර ගැනීමට රජය සුදානම් බවයි. සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රකාශය පට්ටපල් බොරුවත් පැවසු ඇමති ප්‍රසන්න රණතුංග මහතා එම දීමනාව නැවත අය කර ගැනීමට ආණ්ඩුවේ කිසිදු සුදානමක් නැතැයිද කීවේය.

පීඩාවට පත්වු අවස්ථාවේ දී ජනතාවට සහනයක් සැලසීම සදහා ලබා දුන් මෙම මුදල් වලින් එක ශතවක් හෝ අය කර ගැනීමට රජය කටයුතු නොකරන බව පැවසු ඇමති ප්‍රසන්න රණතුංග මහතා සමෘද්ධි මුදල් ආපහු අය කර ගැනීමේ අත්දැකීම ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාට බවයි. බැසිල් රාජපක්ෂ මහතා 2014 වසරේ දී සමෘද්ධි දීමනාව රුපියල් 2500 කින් වැඩි කළ බවත් එම මුදල ආපහු අය කර ගැනීමට යහපාලන ආණ්ඩුව කටයුතු කළ බවත් රණතුංග මහතා කීවේය.

දිළිදු ජනතාවගේ මුදල් මංකොල්ල කෑ සජිත් ප්‍රේමදාස මහතා නියත පරාජයෙන් වියරු වැටී මෙවැනි සාවද්‍ය ප්‍රකාශ කිරීම දැඩි ලෙස හෙළා දකින බව පැවසු ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙවැනි විහිළු කථා වලින් ජනතාව රැවටිය නොහැකි බවත් අවධාරණය කළේය.

Recommended For You

About the Author: Editor