අගෝස්තු 05 වෙනිදාට පොහොට්ටුවේ ඔරිජිනල් එක අමතක කරන්න එපා – ඇමති ප්‍රසන්න

යහපාලනය ශ්‍රී ලංකාකාරයෝ රැක්කද?

පොහොට්ටුව පොරවගත්තට ජනතාව රැවටෙන්නේ නෑ

යහපාලනයෙන් ගොඩ ගිය එක ශ්‍රී ලංකාකාරයෙකුගේ නමක් මට කියන්න

මැතිවරණයෙන් පස්සේ අපි පොහොට්ටුවේ පාක්ෂිකයෝ වගේම යහපාලනයෙන් අසරණ වුණු ශ්‍රී ලංකාකාරයොත් බලාගන්නවා

ඩුප්ලිකේට් පොහොට්ටු වලට රැවටෙන්න එපා

අගෝස්තු 05 වෙනිදාට පොහොට්ටුවේ ඔරිජිනල් එක අමතක නොකරන්න යැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති  ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක ප්‍රසන්න රණතුංග මහතා ජනතාවගෙන් ඉල්ලයි.

පොහොට්ටුවේත් ඩුප්ලිකේට් අපේක්ෂකයන් සිටින බවත් ඔවුන් යහපාලනයට මුක්කු ගැසූ බවත් පෙන්වා දෙන ඇමතිවරයා මැතිවරණයෙන් පසු පොහොට්ටුවේ සාමාජිකයන් මෙන්ම යහපාලනයෙන් අසරණ වුණු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් රැකගැනීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ද අවධාරණය කරයි.

මීරිගම ප්‍රදේශයේ අද (31) පැවති ජන හමුවක දී ඇමතිවරයා මේ බව සදහන් කළේය. මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වු ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

මැතිවරණයට තියෙන්නේ ඉතාම අඩු කාලයයි. අගෝස්තු 05 වෙනිදා ඡන්දය. අමතක කරන්න එපා UNP එකයි JVP එකයි මුස්ලිම් හා දෙමළ පක්ෂයි යහපාලනය කියලා කරපු විනාශය. ඒවගේම අමතක කරන්න එපා පොහොට්ටුව. පොහොට්ටුවේ ඔරිජිනල් එක අමතක කරන්න එපා. පොහොට්ටුවෙත් ඉන්නවා ඩුප්ලිකේට් එකක්.

හොදට මතක තියාගන්න ඔරිජිනල් පොහොට්ටුවේ අපේක්ෂකයින්ව. මගේ ස්ථාවරය වෙනසක් නෑ. මම එදා කිව්ව එකමයි අද කියන්නෙත්. කියන දේ කරන කරන දේ කියන මිනිහෙක් මම. ගම්පහ ජනතාව දන්නවා ඒ ගැන. අවුරුදු 33 ක් මම ගම්පහ දේශපාලනය කරනවා.  මට වගකීමක් තියෙනවා ජනතාවට හරි දේ තේරුම් කරලා දෙන්න. මම එදා වගේ ම අදත් කියනවා නියම ඔරිජිනල්ම පොහොට්ටු අපේක්ෂකයන් තෝරගන්න කියලා. ඒක බැසිල් ඇමතිතුමත් කියනවා.

මම අභියෝග කරනවා ශ්‍රී ලංකා එකේ යහපාලන ආණ්ඩුවේ තනතුරු ගත්ත උදවියට. යහපාලනයට ගියේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ කරපිටින්. කිව්වේ පාක්ෂිකයෝ රකිනවා කියලා රැකගත්ත ද ශ්‍රී ලංකාකාරයන්ව එහෙම උදව් කරලා ගොඩදාපු එක පාක්ෂිකයෙක් පෙන්නලා දෙන්න කියලා මම අභියෝග කරනවා. මහින්ද මහත්තයාගේ කාලේ හතු පිපෙනවා වගේ ව්‍යාපාරිකයෝ හැදුණා. පහුගිය අවුරුදු හතර හමාරට යහපාලනය නිසා ගොඩ ගිය එක ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙකුගේ එක නමක් මට කියන්න. ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උදවිය. අහිංසක පාක්ෂිකයා රැකගත්ත ද? නෑ… අද අඬන්න වෙලා තියෙන්නේ ඒකයි. අහිංසක ශ්‍රී ලංකා පාක්ෂිකයන්ගේ කරපිටින් ගිහිල්ලා ගම්පහ අහිංසක මිනිස්සු අනාථ කළා.

පාස්කු ප්‍රහාරය වුණා, අරණායක නාය ගියා, සාලාව බෝම්බ පිපුරුණා, මහ බැංකුව කොල්ල කෑවා, විශ්ව විද්‍යාල ශිෂ්‍යන්ට ගැහුවා, කුඩු නැව් පිටින් ආවා, විල්පත්තු මහ සංහාරය කළා, ගොවියෝ මහ පාරට වැට්ටුවා, රණවිරුවන්ට ගැහුවා, බුද්ධි අංශ හිරේ දැම්මා, හාමුදුරුවන්ට හිරිහැර කළා, කුණු කදු කඩා වැටිලා ජනතාව අනාථ වුණා, පන්සල්වල පිං පෙට්ට කැඩුවා, සංස්කෘතික අරමුදල මංකොල්ල කෑවා. මේවා සේරම කරනකොට යහපාලනේ නැට්ටේ ගිය උන් ජනතාවට සහන දුන්නද නෑ, ඇහැක් ඇරලා බැලුවේ නෑ.

ජනතාව ඉන්නේ හොදටම කේන්තියෙන්. ඒ හින්දා නාමයෝජනා ගන්න 2015 දී වගේ කෑදරකමට අපි ගාවට ආවා. ඔය මිනිස්සුන්ට නාමයෝජනා දුන්නු හින්දා අපේක්ෂකත්වය නොලැබිච්ච පොහොට්ටුව ගොඩනගන්න කඹුරපු මිනිස්සු ගොඩක් ඉන්නවා. ඒ අයට අසාධාරණයක් වුණා. ගම්පහත් ඉන්නවා ඒ වගේ ශ්‍රී ලංකා එකට අවස්ථාව දුන්න හින්දා අපේක්ෂකත්වය කැපිච්ච දක්ෂ මන්ත්‍රීවරු අවස්ථාවාදීන් හින්දා ඒ අයට අසාධාරණයක් වෙලා. නෙළුම් පොහොට්ටුව පොරව ගත්තාම ජනතාව රැවටෙයි කියලා මේ අය හිතනවා. ඒක කරන්න අමාරුයි.

ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට පහුගිය යහපාලනයෙන් වුණ ආසාධරණය කියලා නිම කරන්න බෑ. මගේ ආසනයේ හොදම උදාහරණ ගොඩක් තියෙනවා. මම එක උදාහරණයක් කියන්නං. අභියෝගයක් හැටියට බාරගන්න. බොරුනං, බොරුයි කියලා ඔප්පුකරන්න. මිනුවන්ගොඩ මාත් එක්ක දේශපාලනය කරනකොට මම ප්‍රාදේශීය සභාවට තරග කරවලා දිනවපු මන්ත්‍රීවරයෙක් ඉන්නවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ගැලපෙන රස්සාවල් දීලා මිනිහව මම ගොඩ දැම්මා.

2015 දී මේ අසරණයව නොමග යවලා පහුගිය පළාත් පාලන මැතිවරණයේ දී මිනිහා ශ්‍රී ලංකා එකෙන් තරග කරලා කොට්ඨාශය පරාදයි. අන්තමට අධ්‍යාපන අමාත්‍යාංශයේ රස්සාවත් නෑ. ඒ කොට්ඨාශයට ශ්‍රී ලංකා එකට පැරදුණත් ලැබුණ පත් කළ මන්ත්‍රීධුරයවත් මේ මිනිහට දුන්නේ නෑ. රස්සාවත් නැති කරගෙන, මන්ත්‍රීකමක් නැති කරගෙන අද හරක් බලනවා.

ඒක තමයි ඇත්ත කථාව. දැන් ඒ මනුස්සයාට ඒක හොදට අවබෝධ වෙලා. මගේ සහයෝගයට අද පොහොට්ටුවට මිනිහා වැඩ කරනවා. අපි දේශපාලන වශයෙන් මිනිස්සුන්ගෙන් පළි ගන්නේ නෑ. උදව් කරන්න පුළුවන් හැමවෙලාවෙම මිනිස්සුන්ට උදව් කරනවා. ඒක මගේ ප්‍රතිපත්තිය. මම අවසානයේ ආයේ අභියෝග කරවා මෛත්‍රී ඇතුළු ශ්‍රී ලංකා නායකයින්ට. ගමක එක අහිංසක ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් ගොඩ දැම්මානම් කියන්න කියලා. මම මේ මැතිවරයෙන් පස්සේ පොහොට්ටුවේ සාමාජිකයන් වගේම යහපාලනය නිසා අසරණ වුණ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්වත් රැකගන්නවා. ඒකට වැඩ පිළිවෙලක් මගේ ලග තියෙනවා.

Recommended For You

About the Author: Editor