ගම්පහ ඡන්දදායකයින් හමුවේ ඇති ‘හොඳම තෝරා ගැනීම’ SJB අපේක්ෂ යූ. ජෝර්ජ් පෙරේරායි

ඔහු දශක තුනකට ආසන්න කාලයක් ‘අපරාජිත මිනිසෙක්’ ලෙස ගම්පහ දේශපාලන පොරපිටියේ වැජඹෙන්නේ මේ ‘ලේන්ගතුකම‘ම ධනය කරගත් නිසාය… බලය කරගත් නිසාය… ශක්තිය කරගත් නිසාය. පක්ෂය… පක්ෂ නායකයින්… ප‍්‍රබලයින් පරාජය පිට පරාජය ලබන විට ජෝර්ජ් අපරාජිත දේශපාලනඥයෙක් වුණේ මේ නිසාය.

දේශපාලකයා’ සහ ‘දේශපාලනඥයා අතර වෙනස ජනතාවට වෙන කවරදාටත් වඩා මෙවර පැහැදිලි වෙමින් තිබේ. ඒ නිසා ජනතාව මෙවර දේශපාලකයින්ට වඩා දේශපාලනඥයින් පාර්ලිමේන්තුවට යැවීමට දැඩි උනන්දුවක් දක්වන අතර එය ශ‍්‍රී ලංකාවේ තීරණාත්මක දේශපාලන කඩඉමක් වනු ඇති බව නිසැකය.

එහෙත් අභාග්‍යයකට මෙන් සිය දහස් ගණනක් දේශපාලකයින් අතර ‘දේශපාලනඥයින්’ අපට හමු වන්නේ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩුවෙනි.

මේ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩුවෙන් හමුවන දේශපාලනඥයින් අතරට දශක තුනකට ආසන්න කාලයක් පුරා ජනතාව සමග දේශපාලනය කළ, ජනතාව වෙනුවෙන් දේශපාලනය කළ යූ. ජෝර්ජ් පෙරේරා, එසේ නැතහොත් බස්නාහිර පළාත් සභාවේ (හිටපු) විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක, සමගි ජන බලවේගයේ මහර ආසන සංවිධායක සහ සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත‍්‍රික් අපේක්ෂක (අංක 09) වඩාත් සුවිශේෂී දේශපාලනඥයෙකි.

බොහෝ දේශපාලකයින්ට සහ දේශපාලනඥයින්ට නම් පටබැඳීම පොදුවේ සිදුවන දෙයකි. ඒ ඇතැම් පටබැඳි නම් දේශපාලකයාගේ / දේශපාලනඥයාගේ සැබෑ නමට වඩා ජනප‍්‍රිය වන අතර එය ඔහුට දේශපාලන වත්කමක් – වටිනාකමක් සහ අනන්‍යතාවක් ලබා දෙයි.
යූ. ජෝර්ජ් පෙරේරාට ජනතාව විසින් පටබැඳි නම වන්නේ ‘ලෙන්ගතු මිනිසා’ය.

ජෝර්ජ් පෙරේරා දේශපාලනයෙන් සල්ලි හම්බ නොකළ මිනිසෙක් බව කවුරුත් පොදුවේ පිළිගන්නා කරුණකි. ඔවුන් කියන්නේ ‘ජෝර්ජ් පෙරේරාගේ අත් පිරිසිදු’ බවය. මෙය පක්ෂ – විපක්ෂ දේශපාලකයින් / දේශපාලනඥයින් අති බහුතරයකට ‘නොලැබෙන චරිත සහතිකයකි.

මෙය අපූරු පටබැඳිනමකි. මිනිසෙක් තව මිනිසෙකුට ලෙන්ගතු වන විට කොපමණ වටිනාමක් ලැබේද යන්නට හොඳම උදාහරණය ද ජෝර්ජ් පෙරේරාමය.

ඔහු දශක තුනකට ආසන්න කාලයක් ‘අපරාජිත මිනිසෙක්’ ලෙස ගම්පහ දේශපාලන පොරපිටියේ වැජඹෙන්නේ මේ ‘ලේන්ගතුකම‘ම ධනය කරගත් නිසාය… බලය කරගත් නිසාය… ශක්තිය කරගත් නිසාය. පක්ෂය… පක්ෂ නායකයින්… ප‍්‍රබලයින් පරාජය පිට පරාජය ලබන විට ජෝර්ජ් අපරාජිත දේශපාලනඥයෙක් වුණේ මේ නිසාය.

ජෝර්ජ් පටු දේශපාලන සම්ප‍්‍රදාය, සංස්කෘතිය ඉක්මවා ගිය වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම ‘ප‍්‍රායෝගික දේශපාලනඥයෙකි. දශක කිහිපයක් පුරා ජෝර්ජ් සමග කටයුතු කළ ගම්පහ දිස්ත‍්‍රික්කයේ ජනතාව මේ ගැන මනාව දනී.

අපි නොදන්න ජෝර්ජ් පෙරේරා

ජෝර්ජ් පෙරේරා ගැන අප කොතරම් දේවල් දන්නේද ? පොදු ජනතාවගේ දුකේදී – සැපේදී, ඔහු අප ළඟ සිටින අතර ඔහු පසුගිය කාලය පුරාම අපේ හඬ බවට පත්ව සිටියේය. පොදුජන අරගලයන්හිදී මුල්පෙළ ගෙන කටයුතු කළ ඔහු බස්නාහිර පළාත් සභාව තුළ අපේ හඬ බවට පත්ව සිටියේය. පොදුජන සුබසාධනය වෙනුවෙන් නිර්ලෝභී වූ ඔහු පක්ෂ – විපක්ෂ භේදයකින් තොරව තමා වෙත සරණ සොයා පැමිණි… පිහිට පතා පැමිණි… උපකාර පතා පැමිණි සියලු දෙනාට නිර්ලෝභීව උපකාර කළේය.

මෙහිදී යමක් අවධාරණය කළ යුතුය. ජෝර්ජ් ඔහු වෙත පැමිණි සියලූ දෙනාටම ‘ඇත්තටම’ උදව් කළ බවය. එය හුදු ලිපියක්, දුරකථන ඇමතුමක් නොවීය. ප‍්‍රායෝගිකව ම එය කළේය.

ජෝර්ජ් ගැන කතා කළ බොහෝ දෙනෙක් කීවේ ජෝර්ජ් ‘ප‍්‍රායෝගික දේශපාලනඥයෙක්’ බවය.
එය අපූරු කතාවකි. අපට හමුවන බොහෝ දේශපාලකයින් ‘හුදු’ කතා සාප්පු පමණය. දෙන්නේ පොරොන්දු පමණි. ගමේ ගොඬේ භාෂාවෙන් කිව්වොත් ‘කටින් බතල කොළ සිටුවන්නන් පමණකි.

ඒත් ජෝර්ජ් ඒ පටු දේශපාලන සම්ප‍්‍රදාය, සංස්කෘතිය ඉක්මවා ගිය වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම ‘ප‍්‍රායෝගික දේශපාලනඥයෙකි. දශක කිහිපයක් පුරා ජෝර්ජ් සමග කටයුතු කළ ගම්පහ දිස්ත‍්‍රික්කයේ ජනතාව මේ ගැන මනාව දනී.

ජෝර්ජ් පෙරේරා දේශපාලනයෙන් සල්ලි හම්බ නොකළ මිනිසෙක් බව කවුරුත් පොදුවේ පිළිගන්නා කරුණකි. ඔවුන් කියන්නේ ‘ජෝර්ජ් පෙරේරාගේ අත් පිරිසිදු’ බවය. මෙය පක්ෂ – විපක්ෂ දේශපාලකයින් / දේශපාලනඥයින් අති බහුතරයකට ‘නොලැබෙන චරිත සහතිකයකි.

ඒත් ජෝර්ජ් වෙනුවෙන් ඒ චරිත සහතිකය ලිවීම ගම්පහ පොදු ජනතාව මෙන්ම, ආගමික නායකයින්, විද්වතුන්, වෘත්තිකයින් පමණක් නොව දේශපාලනඥයින් පවා සූදානම්ය.
ජෝර්ජ් දේශපාලනයෙන් උපයා ගත් ලොකුම ධනය වන්නේ මේ ‘දේශපාලන පාරිශුද්ධභාවය’ බව නොරහසකි.

ගම්පහ දිස්ත‍්‍රික්කයේ ප‍්‍රවීණතම දේශපාලනඥයා… ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයා පසුගිය කාලය පුරා දියවන්නාව තරණය නොකළේ, පළාත් සභාවට කොටු වුණේ පක්ෂ නායකත්වයෙන් එල්ල වූ අසීමිත බලපෑම නිසාය. සිදු වුණ කෙණෙහිලිකම් නිසාය.

පක්ෂය වෙනුවෙන් දැවැන්ත කැපකිරීමක්

පක්ෂය දේශපාලනඥයින් ආභරණයක් – ශක්තියක් වන්නා සේම ඇතැම් දේශපාලනඥයින් පක්ෂයට ආභරණයක් හා ශක්තියක් වෙයි. ජෝර්ජ් පෙරේරා ගැන සඳහන් කිරීමේ දී පක්ෂයෙන් ජෝර්ජ් පෙරේරාට අබමල් රේණුවක දෙයක් ලැබී නැත. ඔහු පක්ෂයෙන් යැපුණ දේශපාලනඥයෙක් නොවූ අතර පක්ෂය ජෝර්ජ් පෙරේරා වැනි දේශපාලනඥයින් මත යැපුණේය. ඒ නිසා ජෝර්ජ්ට පක්ෂ නායකත්වයෙන් දිගින් දිගටම බැට කෑමට සිදුවිය.

ගම්පහ දිස්ත‍්‍රික්කයේ ප‍්‍රවීණතම දේශපාලනඥයා… ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයා පසුගිය කාලය පුරා දියවන්නාව තරණය නොකළේ, පළාත් සභාවට කොටු වුණේ පක්ෂ නායකත්වයෙන් එල්ල වූ අසීමිත බලපෑම නිසාය. සිදු වුණ කෙණෙහිලිකම් නිසාය.

පක්ෂ නායකයා පිනවීම වෙනුවට ජනතාව පිනවීම නිසා ද, පක්ෂ නායකයාට පක්ෂපාතී වීම වෙනුවට ජනතාවට පක්ෂපාතී වීම නිසා ද මෙය සිදු වූ බව නිසැකය. ඒ නිසා දශක තුනකට ආසන්න කාලයක් එක්සත් ජාතික පක්ෂයට ආලෝකයක් වූ යූ. ජෝර්ජ් පෙරේරා නම් ලෙන්ගතු මිනිසා, ප‍්‍රායෝගික දේශපාලනඥයා… පරිණක දේශපාලනඥයා පසුගිය කාලය පුරාම බස්නාහිර පළාත් සභාවට පමණක් කොටුවිය.

එය සිදු නොවිය යුතුව තිබූ තත්ත්වයකි. එහෙත් ‘මිණිකැට යට ගොස් – ගොමරිටි ඉහළට එසවුණු’ රනිල් වික‍්‍රමසිංහ යුගය තුළ ජෝර්ජ් පෙරේරා නම් දේශපාලන මිණිකැටයට නිසි වටිනාකමක්… ගරුත්වයක් … අවස්ථාවක් ලැබුණේ නැත. 2020 අගෝස්තු 05 යනු ඒ ඓතිහාසික වරද නිවැරදි කළ යුතු දිනයයි.

ජෝර්ජ් පෙරේරා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ‘හිරබත් කෑ’ මිනිසෙකු බව දන්නේ කිහිප දෙනෙකි. ඒත් ජෝර්ජ් පෙරේරා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් හිරබත් කෑවේය. අපමණ පීඩා, නින්දා පරිභව ලැබුවේය.

පක්ෂය සහ ජනමතය පවා නොදුන් මිනිසා

පක්ෂ නායකත්වයෙන් අපමණ කෙණහිලිකම් විඳිමින් ජෝර්ජ් පක්ෂය ආරක්ෂා කළා පමණක් නොව පාක්ෂිකයින් වෙනුවෙන් පෙනී සිටියේය. වසර ගණනක් එක්සත් ජාතික පක්ෂය අඛණ්ඩව විපක්ෂයේ වාඩි වී සිටියදී ආණ්ඩුවේ දෑත් ශක්තිමත් කිරීමට එජාපයේ, එජාප නායකයාගේ සමීපතමයින් බුරුතු පිටින් ආණ්ඩුවට එක්වන විට ධනය… බලය… තනතුරු, වරප‍්‍රසාද… තර්ජන… ගර්ජන මැද ජෝර්ජ් පක්ෂය වෙනුවෙන් නොසැලී සිටි අතර පාක්ෂිකයින් විසින් ලබා දුන් ඡන්දය පවා නොදුන්නේය.

ඒ හෘද සාක්ෂිය ජෝර්ජ් පෙරේරාට තව බොහෝ දුරක් දේශපාලනයේ අපරාජිතව, අභිමානයෙන් සිටීමට අවස්ථාව සලසා දී ඇත.

ජෝර්ජ් පෙරේරා පාර්ලිමේන්තුවේ සිටිය යුතුය

පසුගිය කාලය තුළ ගම්පහ දිස්ත‍්‍රික්කයෙන්, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් දියවන්නාව තරණය කළ මන්ත‍්‍රීවරුන් ගැන ගම්පහ ඡන්ද දායකයින් සතුටු වෙනවාට වඩා කනගාටුවට, ලැජ්ජාවට පත්වන බව නිසැකය. ඔවුන් පක්ෂය පාවා දුන්නා පමණක් නොව පාක්ෂිකයින්ට නින්දා කළේය. අවමන් කළේය. මේ ඉතිහාසය යළිත් සිදු විය නොහැකි යැයි ‘කැටතබා කීමට’ කිසිවෙකුට හැකියාවක් නැත. බොහෝ විට ඉතිහාසය යළිත් වටයක් කැරකී යාමට හැකිය.

එහි අදහස වන්නේ ඔබේ වටිනා ඡන්දයෙන් දියවන්නාව තරණය කරන බොහෝ දෙනකු විශ්වාසවන්තයින් නොවන බවයි.

මේ තත්ත්වය තුළ ජෝර්ජ් පෙරේරා වෙනුවෙන් ‘කැට තැබිය හැකිය. ඔහු දේශපාලන කරණම් නොගසන බව, ජනතාවගේ ඡන්දය පවා නොදෙන බව සහතිකය. ජෝර්ජ් පෙරේරා දියවන්නාවේ සිටිය යුතුම වන්නේ එනිසාය.

ඡන්ද සමයේ මුවපුරා සිනාසෙන, මන්දිරයේ දොරගුළු හැරදමා සිටින බොහෝ දේශපාලනඥයින් ඡන්දය අවසන් වූ පසු ‘වෙස් මුහුණ‘ ගළවා දමන්නේ ඡන්ද දායකයින් ‘අපුල‘ පිරිසක් ලෙස සලකාය. ගම්පහින් පසුගිය කාලය පුරා දියවන්නාව තරණය කළ බොහෝ දේශපාලකයින් මේ මග ගිය වුන්ය.

එහෙත් ජෝර්ජ් පෙරේරා කිසිදා වෙනස් වූයේ නැත. ඔහුගේ මුවඟට නැගුණු ඒ අව්‍යාජ, ලෙන්ගතු සිනාව මැතිවරණ සමයේදී මෙන්ම මැතිවරණයෙන් පසුව ද එසේමය. එය ජනතාව වෙනුවෙන් වෙන්ම ඇති ආත්මයකි.

ජෝර්ජ් පෙෙරේරා පාර්ලිමේන්තුවේ සිටිය යුත්තේ මේ නිසාය. ඔහුගේ සේවය, ලෙන්ගතුකම කිසිදා වෙනස් නොවන නිසාය. හැමදාම ලෙන්ගතු නිසාය.

ආණ්ඩුවේ සිටියත් – විපක්ෂයේ සිටියත් දේශපාලනය යනු ධනය හා බලය සමග කරන සෙල්ලමකි. ධන උල්පතකි. ඒ නිසාම බොහෝ දේශපාලකයින් මෙහි උපරිම සුවය ලබා ඇත. ඔවුන්ගේ ගෝලබාලයින්ට, සමීප මිතුරන්ට, ඥාතීන්ට සහ ළඟ දැවටෙන ආරක්ෂකයින්ට බොහෝ සම්පත් හිමිව ඇත.

එහෙත් පසුගිය යුගය පුරා ජෝර්ජ් පෙරේරා දේශපාලනය නිසා උපයා ගත් ශක්තිය, බලය තම පුද්ගලික අභිමතාර්ථ, සුඛවිහරණය වෙනුවෙන් යොදා ගත්තේ නැත. ඔහු ඒ සියල්ල පොදු ජනතාව, පක්ෂ – විපක්ෂ භේදයකින් තොර ජනතාව වෙනුවෙන් කැප කළේය. අද ජෝර්ජ් පෙරේරා පිටුපස ධන බලය… මැර බලය… මාධ්‍ය බලය වෙනුවට ‘ජනබලය’ ගමන් කරන්නේ මේ නිසාය.

දේශපාලනය ‘සූදුවක්’ කර නොගත් ජෝර්ජ් පෙරේරා පාර්ලිමේන්තුවේ අසුන්ගත යුත්තේ ඔහු ‘දූෂණයෙන් තොර‘ නිසාය. ජෝර්ජ් ගැන තවත් බොහෝ දේ ලිවිය හැකිය. පොතක්ම ලිවිය හැකිය. එහෙත් ‘ගහ දන්නා ඔබට කොළ කඩා පෑම’ අවශ්‍ය නැත. එනිසා මේ ලිවීම හමාර කළ යුතුය.

අවසාන ඉල්ලීම

ගම්පහ දිස්ත‍්‍රික්කයේ පොදුජනතාවගෙන් අපට ඉල්ලීමට බොහෝ දේ නැත. තමන් කළ යුතු දේ ගැන ඔවුන්ට නිවැරදි අවබෝධයක් තිබෙන බව නිසැකය. එහෙත ‘යූ. ජෝර්ජ් පෙරේරා’ නම් ලෙන්ගතු මිනිසා වෙනුවෙන් ඉල්ලීමක් කළාට ගැටලුවක් නැත.

‘ගම්පහට අභිමානයක්… වටිනාකමක් ලබාදිය හැකි මිනිසෙක් පාර්ලිමේන්තවට පත්කර යවමු. අපි පසුගිය කාලය තුළ අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා ‘වැරදි තෝරා ගැනීම්’ කර ඇති නිසා මෙවර වඩාත් ප‍්‍රවේශම් වෙමු.

ගම්පහ අපරාජිත, පරිණත දේශපාලනඥයා, ලෙන්ගතු මිනිසා ‘යූ. ජෝර්ජ් පෙරේරා (මනාප අංක 9) මෙවර ඉහළම මනාපයෙන් පාර්ලිමේන්තුවට පත්කර යවමු.

සජිත් පේ‍්‍රමදාස නම් පොදුජන මිනිසා විසින් බිහිකරන ‘සමගි ජන බලවේගය ආණ්ඩුවට’ ශක්තියක් වීමට, ආලෝකයක් වීමට අපට කළ හැකි ඉහළම කාර්යභාරය වන්නේ ‘ජෝර්ජ් පෙරේරා වෙනුවෙන්, සමගි ජනබලවේගය – අංක 09 ඉදිරියෙන් ‘කතිරය’ ලකුණු කිරීමයි.

ගම්පහ දිස්ත‍්‍රික් ජනතාව වෙනුවෙන් – රුවන් ලොකු විතානගේ – මල්වාන

Recommended For You

About the Author: Editor