ඇමති ප‍්‍රසන්නගේ නිල FACEBOOK ගිනුමට හොරෙන් රිංගලා අවුලක් කරලා

ඇමති ප‍්‍රසන්න රණතුංග මහතාට අයත් නිල FACEBOOK  ගිණුමට කිසියම් අයෙකු ඇතුළු වී ශ‍්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ වෙනත් අපේක්ෂකයෙකුට අපහාස වන ආකාරයේ POST එකක් SHARE කර ඇති බවත් ඒ පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් සිදුකරන ලෙසත් ඉල්ලා ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා විසින් අද (31) පොලිස්පතිවරයාට ලිපියක් මගින් දැනුම් දුන්නා. එම ලිපය සම්පූර්ණයෙන් මෙසේයි.

පොලිස්පතිතුමා, පොලිස් මූලස්ථානය, කොළඹ.

පොලිස්පතිතුමණි,

මාගේ FACEBOOK ගිණුමේ SHARE කළ POST එකක් පිළිබදව

මාගේ නිළ FACEBOOK  ගිණුමට කිසියම් අයෙකු ඇතුළු වී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේම වෙනත් අපේක්ෂකයෙකුට අපහාස වන අන්දමේ POST එකක් SHARE කර ඇත.

මෙය මවිසින් සිදු කල දෙයක් නොවන අතර මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ පරිඝණක අපරාධ ඒකකයට යොමු කරන ලෙස ඉල්ලමි.

මේ පිළිබදව මා සතුව ඇති SCREENSHOTS පිටපත් ද ඔබවෙත යොමු කරන අතර මේ පිළිබදව ඔබගේ කඩිනම් ප්‍රතිචාරය අපේක්ෂා කරමි.                                                         

ස්තූතියි

මෙයට – සේවයට කැප වූ                                                                                              ප්‍රසන්න රණතුංග

Recommended For You

About the Author: Editor