
වියට්නාමය සිය පළමු කොවිඩ් -19 මරණය වාර්තා කර ඇතැයි විදෙස් මාධ්‍ය කියයි. කොවිඩ් මරණ රහිත රටක් ලෙස මේ දක්වා වියට්නාමය සැලකුණු අතර මෙම මරණයත් සමග වසංගතයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් බිය පළ වී තිබේ.
වයස අවුරුදු 70 ක් වූ මියගිය පුද්ගලයා මධ්‍යම නගරය වන හෝයි ඇන්හි පදිංචි අයෙකු බව රජයේ මාධ්‍ය පවසයි.
61 හැවිරිදි පුද්ගලයෙකුගේ දෙවන මරණයක් පසුව වාර්තා විය.
මෙම සතිය මුලදී ඩා නන්ග් හි නිවාඩු නිකේතනයකින් පුපුරා යාමක් වාර්තා වීමට පෙර මාස තුනකට වැඩි කාලයක් තිස්සේ වියට්නාමයෙන් කොවිඩ් සම්ප්‍රේෂණය වූ නව ආසාදන කිසිවක් වාර්තා නොවීය.
මියගිය රෝගීන් දෙදෙනාම වෙනත් රෝගවලින් පෙළෙමින් සිටි බව වියට්නාම මාධ්‍ය වාර්තා කරයි.
මිලියන 95 ක් පමණ ජනගහනයක් වෙසෙන වියට්නාමයෙන් කොවිඩ්-19 වසංගතය ආරම්භ වූ දින සිට වාර්තා වී ඇත්තේ රෝගීන් 546 ක් පමණි.
වෙනත් බොහෝ රටවල් මෙන් නොව වියට්නාමය, සිද්ධීන් තහවුරු කිරීමට පෙර ක්‍රියා කළ අතර, ආපසු පැමිණෙන පුරවැසියන් හැර, අනෙකුත් සියලුම සංචාරකයින්ට පාහේ දේශසීමා වසා දැමීය. රට තුළට ඇතුළු වන ඕනෑම අයෙකු දින 14 ක් රජයේ පහසුකම් යටතේ නිරෝධායනය කර පරීක්ෂාවට ලක් කළ යුතුය.
ටික කලකට, මෙම ප්‍රවේශය ඉතා ඵලදායී බවක් පෙනෙන්ට තිබුණි. ඒ නිසාම අප්‍රේල් මස මැද සිට නව ආසාදන කිසිවක් වාර්තා නොවීය.
වෛරසය පාලනය කිරීම සඳහා කාලෝචිත වෑයමක් දැරීම සහ රැකවරණය වෙනුවෙන් වියට්නායමට ප්‍රශංසාව හිමිවිය.

නමුත් මේ සතිය මුලදී ජනප්‍රිය නවාතැනක් වූ ඩා නන්ග් හි නව ආසාදිතයින් සොයාගෙන ඇති බව වාර්තා විය. ඒ වන විට රට පුරා සංචාරකයින් දස දහස් ගණනක් නගරයේ සිටි අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් විශ්වාස කළේ කොරෝනා වයිරසයේ තර්ජනය පහව ගොස් ඇති බවයි.
වියට්නාම ආණ්ඩුව මුලින් සංචාරකයින් සඳහා නගරය වසා දැමුවේ බදාදා මුළු දේශීය අගුලු දැමීමට නියෝග කිරීමට පෙර ය.
මේ සතිය මුලදී අග්‍රාමාත්‍ය ගුයීන් සුආන් ෆුක් අනතුරු ඇඟවූයේ ඩා නන්ග්හි ඇති වූ පිපිරීමෙන් පසු රටේ සෑම පළාතක්ම සහ නගරයක්ම අගුළු දැමීමට පියවර ගන්නා බවයි.
“පුපුරා යාම පාලනය කිරීම සඳහා අප වඩාත් වේගයෙන් හා දැඩි ලෙස ක්‍රියා කළ යුතුයි” යනුවෙන් රාජ්‍ය මාධ්‍ය උපුටා දක්වමින් ඔහු කියා සිටියේය.
බී.බී.සී. වාර්තාවක් ඇසුරිණි – සකස් තළේ – තීක්ෂණ වෙළෙන්එගොඩ