
2020 පාර්ලිමේන්තු මැතිවරණයේ මාතර දිස්ත්‍රික්කයෙන් ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා. ඒ දිස්ත්‍රික්කයේ සමස්ත මන්ත්‍රීධුර සංඛ්යාෙව වන 7/6ක් ජයග්‍රහණය කරමින්.

සමගි ජන බලවේගය විසින් එක් මන්ත්‍රීධුරයක් දිනා ගත් අතර එක්සත් ජාතික පක්ෂයට සහ ජාතික ජන බලවේගයට කිසිම මන්ත්‍රීධුරයක් දිනා ගැනීමට හැකි වුණේ නැහැ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඡන්ද සංඛ්‍යාව 352,217ක් ද සමග ජන බලවේගය විසින් ඡන්ද 72,740ක්ද දිනා ගත් අතර ජාතික ජන බලවේගය විසින් දිනාගත් ඡන්ද සංඛ්‍යාව 37,136ක්.
අන්ත පරාජයක් ලැබූ එක්සත් ජාතික පක්ෂය විසින් දිනාගත් ඡන්ද සංඛ්‍යාව 7631ක්.
මාතර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 630438ක්.
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 500957ක්.
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 22578ක්.
මාතර දිස්ත්‍රික්කයේ වලංගු ඡන්ද සංඛ්‍යාව 478379ක්.