
මෙවර මහ මැතිවරණය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නාම යෝජනා ලැබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයින් 15 දෙනෙකු මන්ත්‍රී ධුර දිනාගෙන තිබෙනවා.
ඒ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරග වැදුණු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් වාර්තාගත මනාප සංඛ්‍යාවක් දිනාගත් අතර බදුල්ල දිස්ත්‍රික්කයෙන් තරග වැදුණු නිමල් සිරිපාල ද සිල්වා මහතා එහි මනාප ලැයිස්තුවේ ප්‍රථමයා බවට පත් වුණා.
හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තරග වැටුණු හිටපු අමාත්‍ය මහින්ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා චමල් රාජපක්ෂ මහතාව ද අභිබවා යමින් මනාප ලැයිස්තුවේ තෙවැනි තැන දිනා ගත් අතර දයාසිරි ජයසේකර මහතා ද අතිෂය තරගකාරී කුරුණෑගල දිස්ත්‍රික්කයේ පළමු පෙළ මනාප ලබා ගත්තා.

මෙවර ජයග්‍රහණය කර ඇති ශ්‍රීලනිප අපේක්ෂකයින් වන්නේ,
- මෛත්‍රීපාල සිරිසේන – පොළොන්නරුව
- දයාසිරි ජයසේකර – කුරුණෑගල
- දුමින්ද දිසානායක – අනුරාධපුර
- නිමල් සිරිපාල – බදුල්ල
- මහින්ද අමරවීර – හම්බන්තොට
- රන්ජිත් සියබලාපිටිය – කෑගල්ල
- චන්දිම වීරක්කොඩි – ගාල්ල
- ලසන්ත අලගියවන්න – ගම්පහ
- ශාන් විජයලාල් – ගාල්ල
- චාමර සම්පත් – බදුල්ල
- ජගත් පුෂ්පකුමාර – මොණරාගල
- ශාන්ත බණ්ඩාර – කුරුණෑගල
- සාරතී දුෂ්මන්ත – කෑගල්ල
- අංගජන් රාමනාදන් – යාපනය
- කාදර් මස්තාන් – වව්නියාව
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජාතික ලයිස්තුවෙන්ද මන්ත්‍රී ධුර 02ක් හෝ 03ක් හිමිවනු ඇතැයි බලාපොරොත්තු වන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යාපනය දිස්ත්‍රික්කයෙන් ද එක් මන්ත්‍රීධුරයක් දිනා ගත්තා.