Highlight of the Election: දකුණෙන් දියවන්නාවට පැමිණි 08ක් මෙවර ගෙදර

පසුගිය 05 වැනිදා පැවැති මහ මැතිවරණය කරුණු කිහිපයක් නිසා ලංකාවේ දේශපාලන වාර්තා පොතට ඇතුළත් වෙනවා. ඒ අතර මෙම මහ මැතිවරණයේ තවත් සුවිශේෂ සිදුවීම් රැසක් සිදුව තිබෙනවා. ඒ අතර පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ ප්‍රබලයින් රැසකට මන්ත්‍රීධුර අහිමිවීම කැපී පෙනෙන සිදුවීමක්.

විශේෂයෙන් මෙම තත්ත්වයට ඍජුව මුහුණ දුන්නේ 73 වසරක දීර්ඝ ඉතිහාසයක් ඇති දශක ගණනාවක් මෙරට පාලනය කර ඇති එක්සත් ජාතික පක්ෂය වීම සුවිශේෂ තත්ත්වයක්.

මෙහිදී එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සුවිශේෂයි. 1977 සිට අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළ රනිල් වික්‍රමසිංහ මහතාට මෙවර මහ මැතිවරණයෙන් අන්ත පරාජයක් ලබා ගැනීමට සිදු වුණා.

ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, උප සභාපති රවී කරුණානායක සහ ජාතික සංවිධායක නවීන් දිසානායකට ද පාර්ලිමේන්තු අසුන් අහිමී වුණා. ඒ අතර එජාපයේ ප්‍රබලයින් වූ වජිර අබේවර්ධන, පී. හැරිසන්, රුවන් විජේවර්ධන, අර්ජුන රණතුංග මෙන්ම පාලිත තෙවරප්පෙරුම ආදී මන්ත්‍රීවරුන්ට ද සිට මන්ත්‍රීධුර අහිමි වුණා.

මේ අතර මාධ්‍ය වාර්තා කරන්නේ දකුණු පළාතෙන් පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරු 08 දෙනෙකුට මෙවර පාර්ලිමේන්තු වරම් අහිමි වී ඇති බවයි.

මෙසේ පරාජයට පත් වූයේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගය නියෝජනය කළ පියසේන ගමගේ, විජේපාල හෙට්ටිආරච්චි, බන්දුලාල් බණ්ඩාරිගොඩ යන අය සහ ගාල්ල දිස්ත්‍රික්ක සදහා එජාප නායකත්වය දුන් වජිර අබේවර්ධන යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ය.

මේ අතර මාතර දිස්ත්‍රික්කයෙන් පොදුජන පෙරමුණෙන් තරග කරනු ලැබූ හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේගුණවර්ධන, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝජ් සිරිවර්ධන මහතා ඇතුලු පිරිසක් පරාජයට පත් වුණා.

ජාතික ජන බලවේගය නියෝජනය කළ මාතර දිස්ත්‍රික්කය නියෝජනය කළ හදුන්නෙත්ති සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිහාල් ගලප්පත්ති යන අයට පාර්ලිමේන්තු වරම් අහිමි වී වුණා.

Recommended For You

About the Author: Editor