සුළි සුළඟින් විනාශ වූ දොරණාගොඩ නිවාස වලට රජයෙන් වන්දි – ඇමති ප්‍රසන්න

පසුගිය දා හමාගිය සුලි සුළඟින් විනාශ වූ දොරණාගොඩ ප්‍රදේශයේ නිවාසවලට රජයෙන් වන්දි මුදලක් ලබා දීමට  පියවර ගැනේ. ඒ සදහා අවශ්‍ය කටයුතු ද කඩිනමින් ඉටු කරන ලෙස ඇමති ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයාට (07) උපදෙස් දුන්නේය.

පසුගිය 06 වනදා අලුයම ගම්පහ දොරණාගොඩ  ප්‍රදේශයේ හමා ගිය දැඩි සුළඟිකින් නිවාස 30 කට පමණ බරපතල හානි සිදුව තිබේ. ඊට අමතරව දොරණාගොඩ රජ මහා විහාරස්ථානයට හා පාසලටද හානි සිදුව තිබේ. ගස් කඩා වැටීම හේතුවෙන් ප්‍රදේශයේ විදුලි බලයද ඇණහිට තිබේ.

මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් වීමෙන් පසු පත්තල ගෙදර ගුරු අභ්‍යාස විද්‍යාලයේ සිට ඇමති ප්‍රසන්න රණතුංග මහතා  (07) කෙළින්ම ගියේ  දොරණාගොඩ ප්‍රදේශයේ නිවාස වලට සිදුව ඇති  හානිය සොයා ගැනීම සදහායි ඒ වන විටත්  කඩා වැටී තිබූ ගස් කපා ඉවත් කිරීම  සිදු කෙරෙමින් පැවතිණි. දිස්ත්‍රික් ලේකම්  සුනිල් ජයලත් මහතා ඒ මොහොතේම දුරකථනයෙන්  සම්බන්ධ කරගත්  ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙම නිවාස වලට වන්දි ගෙවීම කඩිනම් කරන්නැයි උපදෙස් දුන්නේය. ඒ අනුව හෙට (10) සිට එම වන්දි ගෙවීමට දිස්ත්‍රික් ලේකම්වරයා එකඟතාවය පළ කලේය.

ආරක්ෂක ලේකම්වරයා දුරකථනයෙන් ඇමතූ ඇමතිවරයා මෙම නිවාස විහාරස්ථානය හා පාසල කඩිනමින් පිළිසකර  කර ගැනීම සදහා ආරක්ෂක අංශ සහාය ඉල්ලා සිටියේය.ඊටද ආරක්ෂක ලේකම්වරයා එකගත්වය පල කලේය. ඒ අනුව එය පිලිසකර කිරීමේ කටයුතු  ද ලබන සතිය තුල දී ආරම්භ කිරීමට නියමිතය.

Recommended For You

About the Author: Editor