පාත්ෆයින්ඩර් පදනම: අලුත් කැබිනට් මණ්ඩලයට හදිසි ආර්ථීක ක්‍රියාකාරකම් යෝජනාවක්

මහ මැතිවරණය අවසන් අතර අලූතින් පත් වූ ආණ්ඩුව ආර්ථීක ව්‍යුහය තහවුරු කරන තීරණාත්මක තීන්දු ගැනීම අවශ්‍ය බව පාත්ෆයින්ඩර් පදනම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

කොවිඩ් වසංගතය ශ්‍රී ලංකාවට අප්‍රමාණ බලපෑමක් එල්ල කර ඇති අතර ආර්ථීකය රින අගයක් ගැනීමට ඉඩ තිබේ. රැකියා විරහිතභාවය ඉහළ යනු ඇත. 2020 සහ 2021 වසර වල විදේශ ණය වර්ධනයවීමක් අපේක්ෂා කළ හැකිය. සංචාරක, සහ විගමනික ආදායම සීමා වනු ඇති අතර සහ ආයෝජන වශයෙන් ලැඛෙන විනිමය දැනටමත් පහත වැටී තිබේ.

වසංගත තත්ත්වය හමුවේ කරන සහන පිරිවැය ද එකතු වූ පසු මුල්‍ය අංශයේ අර්බුදයක් ඇති කරනු ඇති බව ද පාත්ෆයින්ඩර් පදනම පෙන්වා දෙයි.  යහපත් කාලගුණය කෘෂි අංශයට වැඩදායක විය හැකි නමුත් පවතින රාමුව ආර්ථීක වර්ධනය අඩාල කර දිග කාලයක් එම තත්ත්වයට කොටු කරනු ඇති බව එහි වැඩිදුරටත් දක්වයි.

කොළඹ, හම්බන්තොට, යාපනය හා ත්‍රිකුණාමලය බහුවිධ වානිජ නගර වශයෙන් දියුණු කරනු සදහා ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කරන ලද යෝජනාව සංවර්ධනය පිටපලාත් වලට ව්‍යාප්ත කරනු ඇති අතර කෘෂි නිෂ්පාදනය නැංවීමට හා පසු අස්වනු හානි අවම කිරීමට ගන්නා ප්‍රයත්නය මෙම දුෂ්කර අවස්ථාවේ දී ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කරනු ඇත. කෙසේ වෙතත් ගෝලීය ආර්ථීකයේ අඩු වර්ධනයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකාවට සෑහෙන අවදානමක් තිබේ.

අලූතින් බලයට පත් වූ රජය මූලික වශයෙන් කරුණු තුනක් ගැන අවධානය යොමු කළ යුතු බව පාත්ෆයින්ඩර් පදනම සිය නිවේදකයෙන් යෝජනා කරයි.

1. රජයේ න්‍යාය පත්‍රය අනුව කටයුතු කරන විට අවශ්‍ය කරන සම්පත් සොයා ගැනීම බලවත් වගකීමකි. පවතින තත්ත්වය කළමනාකරණය ස`දහා රජය සෑහෙන මුදල් ප්‍රමාණයක් යෙදවීම තීරණාත්මකය. කොවිඩ්-19 ආර්ථීක බලපෑම ඉදිරියේ මෙතෙක් ශ්‍රී ලංකාව නිකුත් කර ඇති සහන දළ දේශිය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 0.5 නොඉක්මවයි. මැලේසියාව හා තායිලන්තය නිකුත් කර ඇති සහන එම රටවල දළ දේශී්‍ය නිෂ්පාදිතයෙන් සියයට 12-15 අතරය. දියුණු රටවල එය සියයට 15-20 මට්ටමක පවතී. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ක්ෂුද්‍ර මුල්‍ය අංශයට දශක ගණනක බලපෑමක් අපේක්ෂා කෙරේ. ස්ථාවරත්වය අරමුණු කරගෙන සැලසුම් කළ සහයෝගයෙකින් යුතු මධ්‍යකාලීන මුල්‍ය ප්‍රතිපත්ති ක්‍රමවේදයක් අවශ්‍යය. මෙය දෙස් විදෙස් ආයෝජකයන්, ණය ගැතියන් සහ ශ්‍රේණිගත කිරීමේ ආයතන වල විශ්වාසය තහවුරු කරනු ඇත. 

2. ශ්‍රී ලංකාව ජාතයන්තරය සමග අඛණ්ඩ සබ`දතා තර කරගත යුතුය. සංවර්ධන අභිලාශයන් සාක්ෂාත් කරගැනීමේ දී ඉන්දියන් සාගරයේ උපායශීලී වැදගත්කමක් සහිත තැනක පිහිටිමෙන් ප්‍රයෝජන ගෙන වඩා විවෘත විය යුතුය. චීනය, කොරියාව හා වියට්නාමය අනුගමනය කර ඇති විවෘත උපාය මාර්ග අනුගමනය කළ හැකිය. රාජ්‍ය කටයුතු ඩිජිටල්කරණයෙන් හා පැරණි නීති වෙනස් කර දෙස් විදෙස් ආයෝජන වලට අවස්ථාව සම්පාදනය කිරීම අවශ්‍යය. අපනයන සංවර්ධන මණ්ඩලය හා ආයෝජන මණ්ඩල සහයෝගයෙන් ජාත්‍යන්තර ආර්ථීක සම්බන්ධතා ඇති කරන්නට තානාපති කාර්යාල පියවර ගත යුතු අතර චීනය, ඉන්දියාව හා තායිලන්තය වැනි ආසියානු රටවල් සමග නිදහස් වෙළ`ද ගිවිසුම් ඇති කරගත යුතුව තිබේ.

3. පුනර්ජීවනය අරමුණු කරගෙන අන්තර් ක්‍රියාකාරී විද්වත් කණ්ඩායමක් පත් කිරීමේ අවශ්‍යතාව. අන්තර්ජාතික අත්දැකීම් ඇති, සුදුසුකම් සහිත හා පිලිගත් කණ්ඩායමක් රජය සිය ආර්ථීක උපදේශකයන් පත් කරගත යුතු අතර පුනර්ජීවනය උදෙසාස්වාධීනව උපදෙස් දෙන, නිරීක්ෂණය කරන හා අවශ්‍ය අවස්ථාවල ප්‍රතිපත්ති නිවැරදි කිරීමට යෝජනා ගෙන එන්නට හැකි කණ්ඩායමක් විය යුතුය. ප්‍රතිපත්ති සම්පාදකයන් හා මෙම කණ්ඩායම අතර ඔවුන්ට පමණක් සීමා වූ සංවාද පැවැත්විය යුතු අතර ආර්ථීකය ස්ථාවර කරන හා ප්‍රතිපත්ති තීරණ ගැනීම ස`දහා ලැඛෙන කාලසීමාව සීමිත බව ද පාත්ෂයින්ඩර් පදනම දක්වයි. තිරසාර සංවර්ධනය අරමුණු කරගෙන ප්‍රතිපත්ති හා වැඩසටහන් වලින් යුතු සර්ව සම්පූර්ණ කි්‍රයාකාරී සැලැස්මක් රජයට අවශ්‍යය. 

පාත්ෆයින්ඩර් පදනම 2020 අප්‍රියෙල් මාසයේ දී විද්වත් පිරිසකගෙන් යුත් අධ්‍යයන කණ්ඩායමක් පත් කරන ලද අතර කොවිඩ් අර්බුදය අභිමුවෙහි ශ්‍රී ලංකාවේ ආර්ථීකය ගැන නිරීක්ෂණය කර නිර්දේශ ඉදිරිපත් කළ අතර  එහි වාර්තාව පසුගිය මැයි මාසයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිලිගැන්වීය.

Recommended For You

About the Author: Editor