සජිත් ප්‍රේමදාස සුළුජන පක්ෂවල උඟුලේ වැටුණා ද ? වැට්ටෙව්වා ද ?

මහ මැතිවරණ ප‍්‍රතිඵල අනුව පැහැදිලිව පෙනී යන්නේ සජිත් සුළුජන පක්ෂ සුරතල් කිරීම කෙසේ වෙතත් සුළුජන පක්ෂවල සිරකරුවෙකු බවට පත්ව ඇති බවයි. අද දින (10) දිනයින පුවත්පතට ‘උඩරට සන්දේශය’ නම් කොළම රචනා කරන සමන්ති වීරසේකර සඳහන් කළ ආකාරයට ‘සමගියෙන් අන්‍ය ජාතීන් පාර්ලිමේන්තුවට යැවූ බවයි

පුදන කොටම කාපි යකා‘ යැයි කතාවක් අප අතර තිබේ. ඒ වගේම ‘යුදෙව්වා වාගේ මස් රාත්තලම ඉල්ලනවා’ යැයි කතාවක් බටහිර ජන සමාජයේ තිබේ. මේ අවස්ථා ද්විත්වයටම යමෙකුට මුහුණ දීමට සිදු වුවහොත් ඔවුට අත්වන ඉරණම කුමක් විය හැකිද ?

පසුගිය දා අවසන් වූ මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය අතු ගෑවී ගිය අතර එහි නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ලබාගත් මනාප සංඛ්‍යාව අදටත් දන්නා කෙනෙක් නැත.

එසේම ජාතිවාදය හා ආගම්වාදය පදනම් කරගත් අන්තවාදී පක්ෂ ද, ඒවාට නායකත්වය හා මඟපෙන්වීම කළ පක්ෂ නායකයින් ද තමන්ගේ තරම නිසි පරිදි අවබෝධ කරගෙන තිබේ. එය සුළුජන පක්ෂවලට මෙන්ම මහ ජාතිය මත පදනම් වූ ජනතා විමුක්ති පෙරමුණ, ජාතික හෙළ උරුමය ( ජාතික හෙළ උරුමය සමගි ජන බලවේගය යටතේ සන්ධාන ගත විය) මෙන්ම රතන – ඥානසාර හිමිවරුන් විසින් නායකත්වය දුන් අපේ ජනබල පක්ෂය වැනි ‘සුළු දේශපාලන පක්ෂ’ වලට ද අදාළය.

මේ අතර සමගි ජන බලවේගය විසින් දිනාගත් ඡුන්ද 27,71,980 හෙවත් සියයට 23.90ක් වූ ඡුන්ද පදනම සහ ජාතික ලැයිස්තුවෙන් හිමි වූ මන්ත‍්‍රීධුර 7 පිළිබඳව මේ වන විට සමාජය තුළ සංවාදයක් ආරම්භ වී තිබේ. ඊට හේතුව වන්නේ ජාතික සමගි පෙරමුණට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීධුර 07ට නියෝජිතයින් නම් කිරීමේදී ඇති වී තිබෙන අර්බුදයයි.

අද දින (10) ‘අරුණ‘ ඇතුළු පුවත්පත් කිහිපයක් සහ වෙබ් අඩවි වාර්තා කළ ආකාරයට (ලැයිස්තුවේ මන්ත‍්‍රීකම් බෙදාගන්න බැරුව පක්ෂයේ දෙමළ – මුස්ලිම් පක්ෂ ස්වාධීන වෙන්න යයිි – අරුණ මුල්පිටුව) සමගි ජන බලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීධුර 07 ‘සාපයක්’ වී ඇති අතර එය ඉතාම පැහැදිලිව ළදරු වියේ සිටින සමගි ජන බලවේගය මුහුණ දෙන තීරණාත්මක අභ්‍යන්තර අර්බුදය විය හැකිය. (බොහෝ දේශපාලන නිරීක්ෂකයින් කියන්නේ මුස්ලිම් පක්ෂ අනිවාර්යයෙන්ම ඉවත් වන බවය)

අර්බුදය වටහා ගැනීම අපහසු නැත

එක්සත් ජාතික පක්ෂයෙන් බෙදී ගිය කණ්ඩායමක් විසින් නිර්මාණය කළ ‘සමගි ජන බලවේගය’ වඩාත් ශක්තිමක් කිරීම සඳහා දශක කිහිපයක් පුරා රනිල් වික‍්‍රමසිංහ තුරුළේ සිටි මුස්ලිම් සහ කඳුරට දමිළ පක්ෂ මහත් පිටුබලවක් ලබා දුන්නේය. ඒ අනුව සජිත් පේ‍්‍රමදාස මහතාට කඳුකරයේ දෙමළ දේශපාලන පක්ෂ තුනක් වන මනෝ ගනේෂන් නායකත්වය දරන ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණ’ පළනි දිගම්බරන්ගේ නායකත්වයෙන් යුත් ‘ජාතික කම්කරු සංගමය’ සහ වේලූසාමි රාධ ක‍්‍රිෂ්ණන්ගේ නායකත්වයෙන් යුත් ‘කඳුරට ජනතා පෙරමුණ’ සිය පූර්ණ සහාය ලබා දුන්නේය.

ඒ සමග මන්නාරම සහ උතුර පදනම් කරගත් මුස්ලිම් ඡුන්ද පදනමට ආමන්ත‍්‍රණය කරන රිෂාඞ් බදුර්දීන් සහ නැගෙනහිර සහ සෙසු පළාත්වල මුස්ලිම් ඡුන්දවලට බලපෑම් කළ හැකි රාවුෆ් හකීම් නායකත්වය දරන ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසයේ පූර්ණ සහාය ද හිමිවිය.

ඉහත සඳහන් තත්ත්වය තුළ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීධුර බෙදා ගැනීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය සහ සුළුජන පක්ෂ අතර ඇති වී තිබෙන අර්බුදය වටහා ගැනීම කිසිසේත් අපහසු නැත. (මේ අතර ඇතැම් වෙබ් අඩවි වාර්තා කළේ චම්පික රණවක මහතා ද ජාතික ලැයිස්තු මන්ත‍්‍රීධුරයක් සහ විපක්ෂ සංවිධායක ධුරය ඉල්ලා සිටින බවයි) ඊට හේතුව වන්නේ සුළුජන පක්ෂ විසින්ම මේ වන විට පෙන්වා දී ඇති ආකාරයට සමගි ජන බලවේගය දිනාගත් ඡුන්ද 27,71,980 තුළ ඇති මුස්ලිම් සහ දමිළ ඡුන්ද ප‍්‍රමාණයේ විශාලත්වයයි.

එය වඩාත් පහසුවෙන් වටහා ගැනීමට දිස්ත‍්‍රික් ඡුන්ද මත සමගි ජන බලවේගය විසින් දිනාගත් මන්ත‍්‍රී ආසන 47 තුළ සිටින මුස්ලිම් හා දෙමළ අපේක්ෂකයින් ගණන ගත හැකිය. ඒ අනුව සමගි ජන බලවේගය දිස්ත‍්‍රික් මට්ටමින් දිනාගත් ආසන 47 තුළ මුස්ලිම් අපේක්ෂකයින් 17 දෙනකු සිටින අතර දෙමළ අපේක්ෂකයින් සංඛ්‍යාව 10කි. ඒ අනුව ඉතාම පැහැදිලිව සජිත් පේ‍්‍රමදාසගේ සමගි ජන බලවේගයේ මන්ත‍්‍රීධුර 47/27ක්ම සුළුජන මන්ත‍්‍රීවරුන් වන අතර ඒ තුළ රාවුෆ් හකීම්ගේ ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසය විසින් දිනා දුන් මන්ත‍්‍රී ආසන 06ක්, රිෂාඞ් බදුර්දීන් විසින් දිනාදුන් මන්ත‍්‍රී ආසන 05ක් සහ කඳුරට දෙමළ පක්ෂ විසින් දිනාදුන් මන්ත‍්‍රී ධුර 05ක් ඇතුළත් වේ. (මීට අමතරව සමගි ජන බලවේගයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ, එජාපයේ හිටපු මන්ත‍්‍රීවරුන් වන කොළඹ දිස්ත‍්‍රික්කයේ එස්.එම්. මරික්කාර් සහ මුජිබර් රහුමාන් ද, කෑගල්ලේ කබීර් හෂීම් ද සිටී)

සුළුජන ඡන්ද ප‍්‍රබල වූ හැටි

ඉහත තත්ත්වය තුළ සජිත් පේ‍්‍රමදාස මහතාගේ සමගි ජන බලවේගය ‘සුළුජාතීකරණය’ වී ඇති ආකාරයට සහ ඔවුන් විසින් ලබා දුන් ඡුන්ද ප‍්‍රමාණය ගැන කුකුසක් ඇතිකර ගැනීමට අවශ්‍ය නැත. ඉතාම පැහැදිලිව සමගි ජන බලවේගයේ ‘අරටුව’ හෝ ‘ඡන්ද පදනම’ ඊනියා එක්සත් ජාතික පාක්ෂිකයින් නොව මුස්ලිම් සහ දකුණේ (කඳුකරයේ ද ඇතුළුව) ජීවත් වන සුළු ජාතීන් බව සනාථ වේ

ඒ තත්ත්වය වඩාත් පහසුවෙන් අවබෝධ කර ගැනීමට සමගි ජන බලවේගය විසින් දිනාගත් කොළඹ නාගරික ඡන්ද කොට්ඨාශ (මැද කොළඹ, උතුරු කොළඹ, ආදි) සහ ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයත්, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සැලකිය යුතු තරගයක් දුන් මහනුවර, කෑගල්ල, මාතලේ සහ අනුරාධපුර ආදී දිස්ත‍්‍රික්කත් උදාහරණයට ගත හැකිය.

කොළඹ නාගරිකයේ ඡන්ද කොට්ඨාශ සියල්ලම සමගි ජන බලවේගය විසින් දිනාගත්තේ ඊනියා පේ‍්‍රමදාස පේ‍්‍රමය නිසා නොව කොළඹ නාගරිකයේ අති බහුතර ඡන්දදායකයින් මුස්ලිම් සහ දමිළ වීම නිසාය. ඒ බව සමගි ජන බලවේගය විසින් කොළඹින් දිනාගත් මන්ත‍්‍රීධූර 06ට අදාළ මනාප ප‍්‍රතිඵල විමසුමෙන් මනාව වටහා ගත හැකිය.

සමගි ජන බලවේගය විසින් කොළඹ දිස්ත‍්‍රික්කයෙන් දිනාගත් ආසන 06ට මුස්ලිම් අපේක්ෂකයින් දෙදෙනෙක් ( එස්.එම් මරික්කාර් සහ මුජිබර් රහුමාන්) ඇතුළත් වූ අතර ඔවුන් දෙදෙනාම මනාප ලැයිස්තුවේ 02-03 ස්ථාන දිනා ගත්තේය.

අනුරධපුර දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීධුර 02ක් හිමි වූ අතර එයින් පළමු ස්ථානය දිනාගත්තේ මනාප ඡන්ද 49,290ක් දිනා ගත් ඉෂාක් රහුමාන් විසිනි.

මහනුවර දිස්ත‍්‍රික්කයෙන් සමගි ජන බලවේගයට මන්ත‍්‍රීධුර 04ක් ලැබුණ අතර එයින් 03ක්ම සුළුජන පක්ෂ විසින් දිනා ගත්තේය. (රාවුෆ් හකීම් – 83,398, එම්ගඑච්ග අබ්දුල් හලීම් – 71,063, වේලු කුමාර් – 57,445)

මේ අනුව සමගි ජන බලවේගය ඇත්තටම මුහුණ දී සිටින යථාර්ථය මනාව වටහා ගත හැකිය. උතුරෙන් සැලකිය යුතු අවම ඡුන්ද ප‍්‍රමාණයක් හෝ දිනා ගැනීමට නොහැකි වූ සජිත් පේ‍්‍රමදාසගේ සමගි ජන බලවේගය මේ තරමකින් හෝ ගොඩගියේ සුළුජන පක්ෂ විසින් බුක්තියට ලියා ගෙන ඇති ඡන්ද නිසා මිස වෙනත් ආශිචර්යයක් නිසා නොවේ. ඔවුන් දැඩි ජාතිවාදී, ආගම්වාදී පදනමකින් ද සබුද්ධික ලෙස ක‍්‍රියාකර ඇති බව කොළඹ සහ මහනුවර මනාප ඡුන්දවලින් පහසුවෙන් වටහා ගත හැකිය.

සාධාරණ විවේචන

දශක ගණනාවක් එක්සත් ජාතික පක්ෂයට, විශේෂයෙන් එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ පක්ෂ විසින් එල්ල කළ බරපතළම චෝදනාව වූයේ ‘සුළුජන පක්ෂ හුරතල් කරන’ බවයි. එම ලේබලය පසුගිය මහ මැතිවරණය දක්වාම එජාප විරෝධී බලවේග විසින් අඛණ්ඩව වික‍්‍රමසිංහ මහතාට එල්ල කළත් මහ මැතිවරණ ආසන්නයේ පිවිතුරු හෙළ උරුමය නායක, උදය ගම්මන්පිල කියා සිටියේ සුළුජන පක්ෂ සුරතල් කරන්නේ රනිල් නොව සජිත් විසින් බවයි. මේ අතර අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද අවස්ථා කිහිපයකිදී කියා සිටියේ ‘සජිත් පේ‍්‍රමදාස උතුරට එකකුත් – දකුණට එකකුත් කියමින් ද්විත්ව රංගනයක නියැළෙන’ බවයි.

එහෙත් මෙම මහ මැතිවරණ ප‍්‍රතිඵල අනුව පැහැදිලිව පෙනී යන්නේ සජිත් සුළුජන පක්ෂ සුරතල් කිරීම කෙසේ වෙතත් සුළුජන පක්ෂවල සිරකරුවෙකු බවට පත්ව ඇති බවයි. අද දින (10) දිනයින පුවත්පතට ‘උඩරට සන්දේශය’ නම් කොළම රචනා කරන සමන්ති වීරසේකර සඳහන් කළ ආකාරයට ‘සමගියෙන් අන්‍ය ජාතීන් පාර්ලිමේන්තුවට යැවූ බවයි.

දේශපාලනික හෝ ජාතික සංහිඳියාව යන අර්ථයෙන් මේ තත්ත්වය, සමගි පෙරමුණේ මන්ත‍්‍රීධුර 47/27ක්ම සුළුජන මන්ත‍්‍රීවරුන් අතට පත්වීම ‘ධනාත්මක’ හෝ සංහිදියාවේ ලකුණක් ලෙස ඇතැමෙකුට පෙන්වාදිය හැකිය. එහෙත් එය එසේ නොවන බව මේ වන විටත් ජාතික ලැයිස්තු මන්ත‍්‍රීධුර සඳහා සුළුජන පක්ෂ දක්වා ඇති ‘කෑදරකම’ මගින් මනාව පැහැදිලි කර ඇත. ඔවුන්ට අවශ්‍ය වන්නේ ‘ගොඩ වැඩිකර ගැනීම’ මිස ඊනියා සංහිඳියාවක් හෝ වෙනයම් දෙයක් නොවන බව අප වටහා ගත යුතුය.

සජිත් මුහුණ දෙන අර්බුදය

වත්මන් පරාජය කිසිසේත් සජිත් පේ‍්‍රමදාස හෝ සමගි ජන බලවේගයේ නායකයින් අපේක්ෂා නොකළ තත්ත්වයක් නොවේ. සජිත් පේ‍්‍රමදාස මහතා නායකත්වය දෙන ඕනෑම කල්ලියකට දකුණේ සිංහල බෞද්ධයින් දිනා ගැනීමට නොහැකි බව පසුගිය කාලය පුරාම ඉතාම පැහැදිලිව ප‍්‍රකට වූ කරුණකි. ඒ සජිත්ට තවත් මහින්ද කෙනෙක් වීමට පමණක් නොව ‘පුංචි පේ‍්‍රමදාස කෙනෙක්’ වීමට නොහැකි නිසාය.

අද සජිත් මුහුණ දෙන අර්බුදයේ මූල බීජය එයයි.

එහෙත් ප‍්‍රශ්නය වන්නේ සමගි ජන බලවේගය විසින් දිනාගත් ජාතික ලැයිස්තු මන්ත‍්‍රීධුර 07 සඳහා එම පක්ෂයේ ප‍්‍රබලයින් රැුසක් ද පෙරමඟ බලා සිටීමයි. ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ඒමට බලා සිටි, බදුල්ලේ හරීන් ප‍්‍රනාන්දු, මොනරාගල රංජිත් මද්දුම බණ්ඩාර මෙන්ම, තිස්ස අත්තනායක ද, ඉමිටියාස් බාකිර් මාකාර් ද මේ අර්බුදය හමුවේ අපේක්ෂාභංගත්වයට පත්වන බව ඉතාම පැහැදිලිය.

ඒ සමග අද දේශපාලනිකව අනාථ වී, තනි වී ඇති ජාතික හෙළ උරුමයේ නායක චම්පික රණකව ද තමන්ගේ කෝටාව ඉල්ලා සිටින විට සජිත් පේ‍්‍රමදාසට ‘මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑවේ’ කෙසේ දැයි වටහා ගැනීමට පහසු අවස්ථාවක් උදාවනු ඇත.

එසේම තම ශක්තිය ගැන වූ අධි තක්සේරුව නිසාම ඡන්ද සටනට ඉදිරිපත් වූ කලූතර අජිත් පී. පෙරේරා, කඩුවෙල සුජීව සේනාසිංහ මෙන්ම හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර ද යනඑන මං නැතිව ‘දේශපාලන අනාථයින්’ වන බව පැහැදිලිය.

සජිත්ට ගත හැකි මග

මේ අර්බුදකාරී අවස්ථාවේ සජිත් පේ‍්‍රමදාසට ගත හැකි විකල්ප ගණනාවක් නැත. බෙල්ල මුලටම හිරවී සිටින ඔහුට රැුවුලත් – කැඳත් දෙකම බේරාගත නොහැකි බව ඉතාම පැහැදිලිය.

මේ අවස්ථාවේ 3/2ක අති බහුතර බලයක් ඇති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ රාවුෆ් හකීම් හෝ බදුර්දීන් තුරුල්ලට නොගන්නා බව ඉතාම පැහැදිලි නිසා ඔවුන්ට ද පෙර යුගයේ මෙන් කේවල් කිරීමේ හැකියාවක් ඇත්තේම නැත. අද සුළුජන පක්ෂ යනු ‘විෂ දළ කඩා දැමූ නාගයින්’ පමණකි.
මේ තත්ත්වය තුළ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීධුර ගැටුම පුපුරා ගියහොත් සිදුවනු ඇත්තේ සුළුජන පක්ෂ ස්වාධීනව අසුන් ගැනීම පමණකි. සජිත්ගේ ආසන සංඛ්‍යාව තවත් අඩකට වඩා අඩු අගයක් දක්වා පල්ලම් බැසීම පමණකි.

එහෙත් ඒ පල්ලම් බැසීම මේ මොහොතේ ළදරු පක්ෂයට හොඳ බව අපගේ අදහසය. මන්ද සුළුජන පක්ෂ සමග මේ සෙල්ලම හැමදාම කළ නොහැකි බැවිනි. ඔවුන් ලංකා දේශපාලනය තුළ තව දුරටත් ‘රජුන් තනන්න් නොවන බැවිණි.

එනිසා සජිත් තම ජාතික ලැයිස්තු මන්ත‍්‍රීධුර පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් වෙනුවෙන් කැප කිරීම වඩාත් නුවණක්කාර මෙන්ම ආයෝජනාත්මක ප‍්‍රවේශය වනු ඇත.

සටහන – තුෂාර වල්ගම

Recommended For You

About the Author: Editor