
c වෛරසය හේතුවෙන් අතර මඟ නවතා දැමුණු අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය යළිත් අද (10 දා) සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. කොරෝනා වෛරසයෙන් බලපෑම් ඇතිවීමෙන් පසු මෙරට ආරම්භ කරනු ලබන පළමු ක්‍රිකට් තරග ඉසව්ව බවට පත්වන්නේ මෙම තරගාවලිය වන අතර එය ලබන අගෝස්තු 27 අවසන්වනු ඇත.
කොරෝනා වෛරස් තත්ත්වයෙන් රට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීමත් සමඟ ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ සෞඛ්‍ය අංශයේ උපදෙස් යටතේ මෙම ක්‍රිකට් ක්‍රියාකාරකම් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. තරගවලට ක්‍රීඩා කිරීමේදී සෞඛ්‍ය අංශ විසින් ලබා දී තිබෙන කරුණු වලට අමතරව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ක්‍රීඩාව කරගෙන යෑම සඳහා හඳුන්වා දී තිබෙන ප්‍රධාන කරුණු 4 ක් පිළිබඳව ද සියළුම කණ්ඩායම් දැනුවත් කර තිබේ.
පන්දුව සමඟ සම්බන්ධ වන හැකි සෑම අවස්ථාවකදීම දෑත් විෂබීජ නාෂක දමා විෂබීජහරණය කිරීම, පන්දුව ඇල්ලීමෙන් පසු ඇස් – නාසය සහ මුඛ ස්පර්ෂ නොකිරීම, පන්දුව පිරිමැදීමේදී කෙළ භාවිතා නොකිරීම සහ පන්දුව හැසිරවීමේදී විනිශ්චයකරුවන් අත්වැසුම් පැළඳීම ගැන වැඩි අවධානයක් යොමු කළ යුතු වීම එම කරුණු අතර ප්‍රධාන වී තිබේ.