Cyber Attack: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වෙබ් අඩව්විය අනතුරේ – ITSSL

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙහි පවතින තාක්ෂණික දුර්වලතාවයන් කිහිපයක් සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ අවධානය යොමුවී ඇත.

මෙම තාක්ෂණික දුර්වලතාවයන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වෙබ් අඩවි වල පවා දැඩි දෝෂදර්ශනයට ලක්වී තිබෙනා අතර http://www.statistics.gov.lk/ වෙබ් ලිපිනය යටතේ පැවතිය යුතු ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ මෙම වෙබ් අඩවිය http://203.94.94.89/mainsite/ යන වෙබ් ලිපිනය හරහා දිගහැරේ.

මෙම වෙබ් අඩවිය අවසන් වතාවට 2020-08-04 දින යාවත්කාලීනකර ඇති බව දක්වා ඇතිමුත් වෙබ් අඩවියක් සකස් කිරීමේදී සිදුකරනා ප්‍රාථමික ක්‍රියාකාරකම් මෙම වෙබ් අඩවිය තුල සිදුකිරීමට අපොහොසත්වී ඇති බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වශයෙන් ප්‍රකාශ කරන්නෙමු. සයිබර් ප්‍රහාරයකට ලක්වියහැකි මෙවැනි වෙබ් අඩවි සම්බන්ධයෙන් වහාම අවධානය යොමුකොට කටයුතු කරන ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වශයෙන් රජයට දැනුම් දෙමු.

Recommended For You

About the Author: Editor