ගුණාත්මක බවින් උසස් සුව සේවාවක්: සෞඛ්‍ය අමැතිනී පවිත‍්‍රාගෙන් සහතිකයක්

රෝග වැළෑක්වීමට හා රෝග නිවාරණයට සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස අවශ්‍ය සියළු ක්‍රියාමාර්ග ගන්නවා, සියළු අභියෝග ජයගත් රජයට ඉදිරි අභියෝග සියල්ල ද ජයගත හැකියි

නව රජයේ අභිනව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ඊයේ (12) උදෑසන මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ මඟුල් මඩුවේ දී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. එහිදී සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස ගරු පවිත්‍රා වන්නිආරච්ච් මැතිණිය දිවුරුම් දෙන ලදි.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මැතිණිය  අද (13) දින පෙරවරුවේ යෙදුන සුභ මොහොතින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිය ධූරයේ වැඩ බාර ගන්නා ලද අතර, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නව රජයේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව සුව සේවාවේ නව මාවතක් සනිටුහන් කරමින් ගුණාත්මක බවින් උසස් සුව සේවාවක් මෙරට ස්ථාපිත කිරීමට එතුමිය කටයුතු බව මෙහිදී ප්‍රකාශ කරන ලදි.

වැඩබාර ගැනීමෙන් අනතුරුව අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය – “සෞඛ්‍ය අමාත්‍යාංශය සංකීර්ණතාවයන් වලින් හෙබි අමාත්‍යාංශයක්. අතිගරු ජනාධිපතිතුමාගේ දර්ශණය හා වැඩපිළිවෙල වන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිරෝගීමත් ජනතාවක් මෙරට බිහි කිරීම සදහා රෝග වැළැක්විමට ගත හැකි සියළු පියවර ගැනීමටත්, රෝග නිවාරණය කිරිමට අවශ්‍ය සියළු පියවර ගැනීමටත් සෞඛ්‍ය අමාත්‍යවරිය වශයෙන් ගත හැකි සියළු ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා. ඒ සදහා අවශ්‍ය වැඩපිළිවෙල ගැසට් පත්‍රය මගින්ම අමාත්‍යවරුන්ට ලබා දී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය ඉතිහාසයේ නොයෙකුත් මුල්‍යමය චෝදනා වලට ලක්වුන අමාත්‍යාංශයක්. ඉතාම පිරිසිදු දේශපාලනයක නියුතු මම අවුරුදු 16 ක් පමණ කාලයක් කැබිනට් අමාත්‍යවරියක් විදිහට වැඩ කරනවා. මගේ ඉතිහාසය තුල එක්සත් ජාතික පක්ෂයට යම් කිසි පොඩි චෝදනාවක් හෝ මා වෙත එල්ල කිරීමට ඉඩ කඩක් ඇති අයුරින් අපි කටයුතු කර නැහැ. අපි ඉතා පිරිසිදු දේශපාලනයක් කරන්නේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පසුගිය කාල පරිච්ඡේදයේ වැඩ කළා වගේම ඉදිරි කාල සිමාවෙත් ඉතා පිරිසිදුව විනිවිදභාවයකින් යුතුව රටේ ජනතාවගේ අරමුදල් ඉතාම පරිස්සමින්, නිවැරදි ආකාරයෙන් යහපතට යොදවලා සෞඛ්‍ය අමාත්‍යවරයා විදිහට මා කටයුතු කරන බව ඉතාම වගකීමකින් මේ රටේ ජනතාවට මතක් කරනවා.”

“කොවිඩ් මර්දනය කිරීම සදහා රටක් ලෙස අප ඉතාම වගකීමෙන් කටයුතු කළා. මා විශ්වාස කරන පරිදි දකුණූ ආසියාවෙම, සමහර අවස්ථාවල මුළු ලෝකයටම ආදර්ශයක් වන ආකාරයට කොවිඩ් වෛරසය මැඩපැවැත්වීම සදහා වන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට හැකි වුණා.  මේ සදහා අතිගරු ජනාධිපති තුමා, අගමැතිතුමා ලබාදුන් නායකත්වය සහ උපදෙස් මතයි අපට රටේ ජනතාව මරණයෙන් මුදා ගැනිමට හැකි වුයේ. අපේ මව් පොළොවේ ජනතාව තුල, සමාජය තුල කොවිඩ්

වෛරසය පැතිරිම සම්පූර්ණයෙන්ම පාලනය කර ගැනිමට හැකි වූ රටක් ලෙස අපේ රට අපට පත් කර ගැනීමට පුළුවන්. එම සියළු අභියෝග තත්ත්වයන් ජයගැනිමට හැකි වූ මේ රජයට ඉතුරු සියළු අභියෝග ද ජයගත හැකියි”

මෙම අවස්ථාවට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය සහ අන්‍යාගමික පූජකතුමන්ලා, දේශීය වෙදකම ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා, සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතාසෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාසෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ගරු සෞඛ්‍ය අමාත්‍යතුමියගේ පෞද්ගලික ලේකම් සබරගමුව පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න මහතා,  ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.

Recommended For You

About the Author: Editor