හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ‘චෙතන් චෞහාන්’ කොවිඩ් -19 ආසාදනයෙන් මිය යයි

ඉන්දියාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක චෙතන් චෞහාන් (73) කොවිඩ් -19 ආසාදනය වීමෙන් මියගොස් තිබේ. ධනාත්මක පරීක්‍ෂණයකින් පසු ජූලි 12 වන දින චෞහාන් රෝහල් ගත කරනු ලැබීය. වකුගඩු ආශ්‍රිත රෝග හේතුවෙන් ඔහුගේ සෞඛ්‍ය තත්වය පසුව පිරිහී ගිය අතර සිකුරාදා ඔහුගේ තත්ත්වය අසාධ්‍ය විය.

වසර 12 ක ක්‍රිකට් දිවිය තුළ ඔහු ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 40 කට ක්‍රීඩා කර තිබේ. චෞහාන් පසුව දේශපාලනයට අවතීර්ණ වූ අතර ඔහුගේ උපන් ප්‍රාන්තය වන උතත්ර ප්‍රදේශ්හි කැබිනට් අමාත්‍යවරයෙකි.

ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු බොහෝ අය සමාජ මාධ්‍ය ඔස්සේ චෞහාන් මහතාට සිය ගෞරව දැක්වීය.

කොවිඩ් ආසාදනයෙන් මියගිය උත්තර් ප්‍රදේශ්හි දෙවන ඇමතිවරයා වන්නේ චෞහාන් ය. මේ මස මුලදී ප්‍රාන්තයේ කාර්මික අධ්‍යාපන ඇමති කමලා රාණි වරුන් (62) මිය ගියාය.

Recommended For You

About the Author: Editor