උපාධිධාරීන්ට රජයේ රැකියා ලබාදීමේදී ‘NSBM විදේශ සරසවි උපාධිධාරීන්’ ප‍්‍රතික්ෂේප කරලා

උපාධිධාරීන් 50,000කට රජයේ රැකියා ලබාදීම දැන් අවසන්ය. ලබන 02 වැනිදා ඔවුන්ට පත්වීම් භාර ගන්නා ලෙස දැනුම්දී ඇති සියල්ල යහපත් ආකාරයෙන් ඉටුකර ජනාධිපතිවරණ සමයේ ලබා දුන් දැවැන්ත මැතිවරණ පොරොන්දුවක් සාර්ථකව ඉටුකර අවසන් කළ බවට ආණ්ඩුවට, විශේෂයෙන් ජනාධිපතිවරයාට තෘප්තිමත් විය හැකිය.

එහෙත් ‘පුදන කොටම කාපි යකා’ කිව්වා සේ ආණ්ඩුවේ රැුකියා ලබාදීමේ වැඩපිළිවෙළේ යම් යම් අඩුපාඩු – දුර්වලතා හෝ ඇතැමුන් කියන විට ‘කපා දැමීම්’ දැන් දැන් හෙළිවෙමින් තිබේ.

වාර්තා වන ආකාරයට රජයේ හෝ පුද්ගලික අංශයේ සේවා නියුක්ත වී සිටි (සේවක අර්ථසාධක අරමුදල් ගෙවන ලද) සැලකිය යුතු පිරිසකට රජයේ පත්වීම් ලැබී නැත. ඔවුන්ගෙන් අති බහුතරය තම රැකියාවලින් ඉවත්වී සිටි නිසා අද ඔවුන් දැවැන්ත අර්බුදයකට මුහුණ දී සිටින අතර ඔවුන් තම අයිතීන් වෙනුවෙන් අරගල කිරීමට සූදානම් බව ද වාර්තා වේ.

මේ අතර මෙරට පෞද්ගලික සරසවිවලින් විදේශ සරසවිවල උපාධිය හැදෑරූ උපාධිධාරීන් පිරිසක් ද තමන්ව රජයේ රැකියා ලබාදීමේ ව්‍යාපෘතියෙන් ‘කපා දමා’ ඇතැයි චෝදනා කරමින් සිටී. ඔවුන් පෙන්වා දෙන්නේ මෙරට විශ්වවිද්‍යාල ප‍්‍රතිපදන කොමිෂන් සභාව විසින් පිළිගත් බව කියන තම සරසවි සහ උපාධියට අදාළ රජයේ පත්වීම් ලබාදීමට පියවර නොගැනීම ගැටලුවක් බවයි.

මේ සම්බන්ධයෙන් අප සමග අදහස් දැක්වූ හෝමාගම ‘හරිත සරසවියේ NSBM‘ උපාධිය ලැබූ උපාධිධාරිනියකගේ මවක් සඳහන් කෙරුවේ මෙවන් අදහසකි.

‘අපේ ළමයි ඉගෙන ගත්තේ හරිත සරසවියේ. ඔවුන් සනාථ තරලා තිබුණා එය විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් එකක් බවයි. එය අයත් වන්නෙත් වෘත්තීය පුහුණු අමාත්‍යාංශයටයි. එවැනි තත්ත්වයක් තිබියදී රජයේ රැකියා ලබාදීමේ වැඩපිළිවෙල්දී අපේ දරුවන් ප‍්‍රතික්ෂේප කිරීම ගැටලූවක් බවයි අපේ අදහස’

මෙහිදී ඇය සඳහන් කළේ හරිත සරසවිය විදේශ රටවල විශ්වවිද්‍යා සමග ඒකාබද්ධ වී ලබා දෙන උපාධි මේ ආකාරයේ ප‍්‍රතික්ෂේප කිරීමකට ලක් කිරීම ගැටලූවක් බවයි.

‘හරිත සරසවිය විදේශ රටවල් ගණනාවක විශ්වවිද්‍යාල සමග ඒකාබද්ධ වී උපාධි ප‍්‍රදානය කරනවා. ඒවා හරදාන ළමයි සල්ලි ගෙවන්නේ හරිත සරසවියට මිස විදේශ රටවලට සරසවිවලට නෙමෙයි. ඉන් කොටසක් විදේශ සරසවියට ගෙවනා ඇතිග ඒත් එය වෙන්නේ රජයේ අනුග්‍රහය යටතේග අනෙක් අතට හරිත සරසවිය කියනවා ඉතාම පැහැදිලිව ඔවුන්ව විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගෙන ඇති බව. ඒ වගේම විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂම පවා ඒ විශ්වවිද්‍යාල පිළිගෙන ඇති බව ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ (අදාළ ලින්ක් පහත දක්වා ඇත) සඳහන් වෙනවා‘ ඇය වැඩි දුරටත් සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් අප සමග අදහස් දැක්වූ හරිත සරසවියෙන් උපාධිය ලබාගත් තවත් සිසුවියන් කිිහිප දෙනකුම කියා සිටියේ ‘සල්ලි ගෙවා ඉගෙන ගැනීම වෙනස් කොට සැලකීමට කිසිසේත් හේතුවක් නොවිය යුතු බවයි.

‘අපි සල්ලි දීලා ඉගෙන ගත්ත බව ඇත්ත. ඒක අපි රටට කළ සේවයක්. අපි අපේ අධ්‍යාපනය වෙනුවෙන් මේ රටට ගෙවීමක් කරලා තිබෙනවා. අපි ඉගෙන ගන්න විශ්වවිද්‍යාල රජයට බදු ගෙවන නිසා අපි ඉගෙන ගෙන තිබෙන්නේ බදු ගෙවලා. අනික් අතට අපි පුද්ගලික සරසවිවලට ගියේ රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් විය නොහැකි නිසා. ඒක අපේ ප‍්‍රශ්නයක් නෙමෙයි. රජයේ සරසවිවල ඉඩකඩ ප‍්‍රශ්නය නිසා දිස්ත‍්‍රික්කයකින් ගන්නේ සීමිත කෝටාවක්. කොච්චර ලකුණු ගත්තත් ඒ කෝටාවට ඇතුළත් වෙන්න බැරි වුණොත් රජයේ සරසවියකට යාමට හැකියාවක් නැහැ. කොළඹ දිස්ත‍්‍රික්කයෙන් උසස් පෙළ කළ මට වඩා අඩු ලකුණු ගත්ත වෙනත් දිස්ත‍්‍රික්කවල ළමයි සරසවියට එනවා. ඒක තමයි යථාර්ථය. ඉතිං එවැනි අවස්ථාවකට මුහුණ දී තමන්ගේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගත්ත සිසුන් වෙනුවෙන් රජයට මීට වඩා පරිත්‍යාගශීලී විය යුතු බවයි මම හිතන්නේ‘

මෙහිදී රජයේ රැකියා ලබා දුන්නේ අඩු ආදායම්ලාභී උපාධිධාරීන්ට හෝ විරැකියාවෙන් සිටි උපාධිධාරීන්ට බවට තර්ක කරමින් ගැටලූවෙන් ලිස්සා යා නොහැකි බව හරිත සරසවියෙන් උපාධිය ලබාගත් සිසුවියක් පවසා සිටියා.

‘ඒක එහෙම කියන්නේ මොන පදනමකින් ද ? අපි පුද්ගලික විශ්වවිද්‍යාලවලට ගියේ විසිකරන්න සල්ලි තියෙන නිසා නෙමෙයි. අපේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑකර ගත යුතු නිසයි. අපේ දෙමාපියෝ කළ හැකි උපරිම කැප කිරීමක් ඒ වෙනුවෙන් කළා. මේ ළමයි අතිබහුතර ඉහළ ධනපති පන්තියේ ළමයි නෙමෙයි. සාමාන්‍ය පවුල්වල, මධ්‍යම පන්තියේ ළමයි. ඇතැම් දෙමාපියෝ තමන්ගේ ඉඩම් විකුණලා තමයි ළමයින්ට වියදම් කළේ. ණය අරගෙන තමයි ළමයින්ට වියදම් කළේ. ඒක එහෙම කළා කියලා අපිව කොන් කරන්න, ප‍්‍රතික්ෂේප කරන්න කිසිම පදනමක් නැහැ. මේක පැහැදිලිවම වෙනස් කොට සැලකීමක්. මොකද රජය පවත්වා ගෙන යන්න බදු ගෙවන්නේ සියලූම ජනතාව. ඔය රජයේ පත්වීම් දෙන උපාධිධාරීන්ට වැටුප් ගෙවීමට පවා බදු ගෙවන්න අපිටත් සිද්ධ වෙනවා. ඒ නිසා අපි කියන්නේ අපි මේ තීන්දුව හකුලා ගත යුතැයි‘

මේ සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු ලබා ගැනීමට අප හරිත සරසවියේ මානව සම්පත් කළමනාකරු ඇමතූ අතර ඔහු විසින් උපකුලපතිවරයාගේ දුරකථන අංකය ලබා දුන්න නමුත් ඔහුව සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.

Recommended For You

About the Author: Editor