‘සල්මන් ඛාන්’ චිත්‍රපටයකට අය කරන ගාස්තුව දන්නවාද ?

ලංකාවේ නම් නළු නිළියෝ කියන්නේ ආණ්ඩුවෙන් යැපෙන තත්ත්වයට පත් වුණ පිරිසක්. ලෙඩක් දුකක් හැදුණාමත් ඇතැමුන් රසිකයින්ගෙන් පවා ආධාර එකතු කරනවා.

ඒත් බොලිවුඩයේ – හොලිවුඩයේ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්. ඔවුන් සුපිරි තරු වන්නා සේම සුපිරි ආදායමකුත් උපයා ගන්නවා. ඒ වගේම විවිධ පුන්‍ය කටයුතු සදහා අති විශාල ධනයක් වැය කරනවා. වත්මන් කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ බොලිවුඩ් තරු ක්‍රියාකරන ආකාරය ඊට හොද නිදසුනක්.

අපි මේ කතා කරන්න යන්නේ බොලිවුඩ් තරු කරන පුන්‍ය කටයුතු ගැන නෙමෙයි. ඔවුන්ගේ වත්කම් ගැන. කොටින්ම ආදායම ගැන.

වත්මන් බොලිවුඩ් සුපිරි තරු අතර සල්මන් ඛාන් කියන්නේ සුපිරිම සුපිරි තරුවක්. දශක කිහිපයක් පුරා සල්මන් අඛණ්ඩව තම ජනප්‍රියතාවය රැකගෙන සිටින අතර ඔහුගේ චිත්‍රපටත් ආදායම් වාර්තා තබමින් ප්‍රදර්ශනය වෙනවා.

සල්මන් ඛාන් චිත්‍රපටය

සල්මන් සතු මේ නොබිදෙන ජනප්‍රියත්වය නිසා ඔහුට ඕනෑම චිත්‍රපටයක් සදහා තමන් කැමති මුදලක් ඉල්ලා සිටීමට ශක්තිය තිබෙනවා. ඔහුගේ සැබෑ වටිනාකම දන්න නිෂ්පාදකයින් ද අතදිගහැර ඒ මුදල ලබා දෙනවා. මොකද සල්මන් ඛාන් වෙනුවෙන් ගෙවන සෑම සතයක්ම හොද ආයෝජනයක් බව ඔවුන් දන්නවා.

ඉතිං, බොලිවුඩ් ආරංචි මාර්ගවලට අනුව සල්මන් මේ වන විට චිත්‍රපටයක රඟපපෑම වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 50ක් අය කරනවා. එය ලංකාවේ මුදලින් නම් රුපියල් කෝටි 125ක් පමණ වෙනවා.

මේ අය කිරීමෙන් පමණක් සල්මන් ඛාන් සෑහීමට පත් නොවන බවයි බොලිවුඩ් ජනමාධ්‍ය කියන්නේ.

මේ ගාස්තුවට අමතරව සල්මන්ට චිත්‍රපටයේ ලාභයෙන් කොටසක්ද හිමිවන වන බව සදහන් වෙනවා. බොක්ස් ඔෆිස් හැරුණු විට, සැටලයිට් අයිතිවාසිකම් හරහා උපයන මුදල් සහ ප්‍රතිනිර්මාණය කිරීමේ අයිතිවාසිකම් ද එක් එක් ව්‍යාපෘතියෙන් සල්මාන් ඛාන්ගේ ඉපැයීම්වල කොටසකි. එය ඉතා ආකර්ෂණීය නොවේ ද?

සල්මන් ඛාන් චිත්‍රපටය

ෆිල්ම් ෆෙයර් ඇසුරිණි – සැකසුම – තුෂාධවි

Recommended For You

About the Author: Editor