
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් කෝමා තත්වයේ පසුවන බවත් ඔහුගේ සහෝදරිය උතුරු කොරියාව පාලනය කිරීමට සූදානම් බවත් දකුණු කොරියානු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු විසින් ප්‍රකාශ කර තිබේ.
දිවංගත දකුණු කොරියානු ජනාධිපති කිම් ඩේ-ජුන්ග්ගේ හිටපු සහායකයකු වන චැං සොන්ග්-මින් කියා සිටියේ උතුරු කොරියානු නායකයාගේ සෞඛ්‍ය තත්වය පිරිහීම පිළිබඳ සත්‍යය සැඟවී ඇති බවත් ඒකාධිපතියා සිටින්නේ කෝමා තත්වයක බවත් ඔහු තේරුම් ගෙන ඇති බවයි.
මේ වසරේ ප්‍රසිද්ධියේ පෙනී නොසිටීම හේතුවෙන් කිම්ගේ සැබෑ සෞඛ්‍ය තත්වය පිළිබඳ සමපේක්ෂණය ඉහළ යමින් තිබේ.
33 හැවිරිදි කිම් යෝ-ජොං (ඉහත පින්තූරයේ) තම සහෝදරයාගේ සමහර බලතල පවරා ගැනීමේ ප්රමුඛ ස්ථානයක සිටින බව ද ඔහු හෙළිකර තිබේ. පසුගිය බ්‍රහස්පතින්දා උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය විසින් නිකුත් කළ තම නායකයාගේ (ඉහළ) ඡායාරූපය මගින් ඔහුගේ සැබෑ තත්ත්වය මනාව පැහැදිලි වන බව ද චැං සොන්ග්-මින් සඳහන් කර තිබේ.
දේශීය මාධ්‍ය සමඟ අදහස් දක්වමින් චැං සොන්ග්-මින් පැවසුවේ, ‘ඔහු කෝමා තත්වයේ පසුවන බවට මම තක්සේරු කරමි, නමුත් ඔහුගේ ජීවිතය අවසන් වී නැත.’
‘‘සම්පූර්ණ අනුප්‍රාප්තික ව්‍යුහයත් පිහිටුවා නැති බැවින් බල රික්තය දිගු කාලයක් ගෙන යා නොහැකි අතර කිම් යෝ-ජොං ඉදිරියට ගෙන එනු ඇතැයි විශ්වාස කළ හැකියි’ ඔහු වැඩි දුරටත් පැවසීය.
පසුගිය බ්‍රහස්පතින්දා පැවති රජයේ රැස්වීමකට සහභාගී වූ උතුරු කොරියානු නායක කිම්ගේ යැයි කියමින් උතුරු කොරියානු මාධ්‍ය විසින් පින්තූර නිකුත් කර තිබියදීත් චැං සොං-මින්ගේ ප්‍රකාශය මාධ්‍ය අතරට පැමිණීම විශේෂත්වයකි. කෙසේ වෙතත් රොයිටර්ස් පැවසුවේ එම ඡුායාරූප ස්වාධීනව සත්‍යාපනය කළ නොහැකි බවයි.
මේ සතිය මුලදී කිම් ජොන් උන් තම සහෝදරිය උතුරු කොරියාවේ දෙවන සේනාධිනායකයා ලෙස උසස් කර ඇති බව කියැවිණි.
32 හැවිරිදි කිම් යෝ ජොං දැන් එක්සත් ජනපදය හා දකුණු කොරියාව සම්බන්ධයෙන් උතුරු කොරියානු ප්‍රතිපත්තිය භාරව සිටින අතර ඇයව ඵලදායි ලෙස නියෝජ්‍ය නියෝජිතයා බවට පත් කර ඇති බව ඔත්තු ප්‍රධානීහු පැවසූහ.

ඇගේ සහෝදරයා තවමත් උතුරු කොරියාව කෙරෙහි ‘නිරපේක්ෂ අධිකාරිය’ පවත්වාගෙන යන නමුත් පාලනයේ ‘ආතතිය’ සමඟ කටයුතු කිරීමට ඔහුට උපකාර කිරීම සඳහා යම් යම් වගකීම් පවරා ඇත.
වයස අවුරුදු 36 ක් පමණ යැයි කියනු ලබන කිම් ජොන් උන් මේ වසරේ අපේ‍්‍රල් මාසයෙන් පසු දකින්නට ලැබුණේ අල්ප වශයෙනි.
පොහොර කර්මාන්ත ශාලාවක් විවෘත කිරීමේදී උතුරු කොරියානු නායකයා පීත්ත පටිය කපන ආකාරය රාජ්‍ය මාධ්‍ය විසින් නිකුත් කිරීමත් සමඟ මෙම කටකතා මැයි මාසයේදී නිමා විය.
bY Daily mail – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ