20 වැනි සංශෝධනය: ‘රාජපක්ෂ පවුල ඉලක්ක කළ’ තවත් සංශෝධන දෙකක් අහෝසියි

ජනාධිපති ධුරයට තරග කළ හැකි වයස් සීමාව යළි අවුරුදු 32 දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන ඇමැති, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප‍්‍රකාශ කරයි.

ඊයේ (24) ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

‘19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපති ධුරයට තරග කළ හැකි වයස් සීමාව අවුරුදු 35 දක්වා වැඩි කළා. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් එය යළි අවුරුදු 32 දක්වා අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ වගේම ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ වගන්තියත් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා‘

මෙහිදී ජනාධිපතිවරයා විසින් ආරක්ෂක අමාත්‍යධුරය දැරීම පිළිබඳව මාධ්‍යවේදිවෙකු මතුකළ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ජනාධිපතිධුරයත් ආරක්ෂ අමාත්‍යධුරයත් එකිනෙකින් වෙන් කළ නොහැකි බවයි.

‘ජනාධිපතිධුරයත් ආරක්ෂ අමාත්‍යධූරයත් එකිනෙකින් වෙන් කරන්න බැහඑැ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 4 වගන්තිය යටතේ ආරක්ෂක අමාත්‍යධුරය ජනාධිපතිවරයාට අනිවාර්යයෙන් අයත් වෙනවා. ජනාධිපතිවරයා කැමති වුණත් නැතත් එය අතහැරිය නොහැකියි’

මෙහිදී 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන කාලය ගැන සඳහන් කරමින් අමාත්‍ය ජී.එල්. පීරිස් ප‍්‍රකාශ කළේ නොවැම්බර් මාසයේ අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන බවයි.

Recommended For You

About the Author: Editor