
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සුසිල් ප්‍රේමජයන්ත මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙයි. දිවුරුම් දීම අද (26) පස්වරුවේ ජනාධිපති කර්යාලයේ දී සිදු කෙරිණ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා මේ අවස්ථාවට එක්ව සිටියහ.